බොක්සිං ක‍්‍රීඩකයකුගේ ජීවිත කතාව

LIGER
අගෝස්තු 25, 2022

 
 සටන් තරඟ නිසැකවම මානව වර්ගයාගේ ප‍්‍රාග් ඉතිහාසයේ සිටම ආරම්භ වන්නට ඇති බව ඉතිහාසඥයන්ගේ මතයයි. බොක්සිං ක‍්‍රීඩාවද ක‍්‍රීඩා අතර විශේෂ වූවකි. බොක්සිං ක‍්‍රීඩාව සඳහා වූ පැරණිතම දෘශ්‍ය සාක්ෂිය ක‍්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ සිට සුමේරියානු කැටයම්වල දක්නට ලැබේ. බොක්සිං ක‍්‍රීඩාව ප‍්‍රථම වරට විධිමත් ඔලිම්පික් ඉසව්වක් ලෙස ඉදිරිපත් වූයේ 23 වැනි ඔලිම්පියාඞ් (ක‍්‍රි.පූ. 688* හිදීය. මොහොමඞ් අලී, මයික් ටයිසන්, හෙන්රි ජැක්සන් ජූනියර් ජනප‍්‍රිය ලෝක බොක්සිං සූරයන් ගෙන් කිහිප දෙනෙකි. හොලිවුඞ් සිනමාවේ මෙන්ම බොලිවුඞ් සිනමාවේද බොක්සිං ක‍්‍රීඩාව ගැන වූ සිනමා නිර්මාණ රැුසක් බිහි වී තිබේ. ලිගර් යනු මේ අතරට එක් වන නවතම චිත‍්‍රපටයයි.
 
 පූරි ජගන්නාද් විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද ඉන්දියානු ක‍්‍රීඩා ක‍්‍රියාදාම චිත‍්‍රපටයක් වන ලිගර් චිත‍්‍රපටය ගෙන එන්නේ ගොත ගැසීමක් සහිත කික් බොක්සිං ක‍්‍රීඩකයකුගේ ජීවිත කතාවයි. තෙළිඟු‍ සහ හින්දි භාෂාවලින් එකවර රූගත කරන ලද මෙම චිත‍්‍රපටය නිෂ්පාදනය කොට ඇත්තේ ධර්ම ප්‍රොඩක්ෂන්ස් සහ පූරි කනෙක්ට්ස් විසිනි. මෙහි බොක්සිං ක‍්‍රීඩකයාගේ චරිතයට පණ පොවන්නේ තෙළිඟු‍ සිනමාවේ ජනප‍්‍රිය නළු විජය දේවරකොන්දාය. ඔහු සමඟ අනන්යා පාණ්ඬේ, රම්‍යා ක‍්‍රිෂ්ණා, රොනිත් රෝයි, අලි, මකරන්ද් දේශපාන්ඬේ ඇතුළු පිරිසක් මෙහි චරිත මවති. මෙම චිත‍්‍රපටය තෙළිඟු‍ සහ හින්දි භාෂාවලින් රූගත කෙරුණ බැවින් විජය දේවරකොන්දාගේ කුලූඳුල් හින්දි සිනමා රංගනයත් අනන්යාගේ කුලූඳුල් තෙළිඟු‍ රංගනයත් සනිටුහන් වේ. කික් බොක්සිං ක‍්‍රීඩකයකු ලෙස චරිත මවන විජේ දේවරකොන්දා ඔහුගේ භූමිකාව වෙනුවෙන් සිරුර සකසා ගැනීමට විශේෂ කායවර්ධන පුහුණුවකට මුහුණ දුන් අතර සටන් කලා පුහුණුව සඳහා තායිලන්තයට ගියේය.
 
 මයික් ටයිසන් යනු බොක්සිං යැයි පැවසූ සැණින් ඕනෑම කෙනෙකුට සිහිපත් වෙන චරිතයකි. ”‍අයන් මයික්”‍ සහ ”‍කිඞ් ඩයිනමයිට්”‍ යන අන්වර්ථ නාමයන් ගෙන් හඳුන්වනු ලැබූ මයිකල් ජෙරාඞ් ටයිසන් ‘පෘථිවියේ නරකම මිනිසා‘ ලෙසින් ද හැඳින්විය. 1985 සිට 2005 දක්වා තරග කළ ඇමරිකානු හිටපු වෘත්තීය බොක්සිං ශූර මයික් ටයිසන් ලොව සිටි විශිෂ්ට අධිබර බොක්සිං ක‍්‍රීඩකයන්ගෙන් කෙනෙකි. ඔහු ද ලිගර් චිත‍්‍රපටයට රංගනයෙන් දායක වී සිටී. මීට පෙර චිත‍්‍රපට කිහිපයකටම රංගනයෙන් දායක වී ඇති ඔහුගේ මුල්ම ඉන්දීය චිත‍්‍රපටය මෙයයි. මෙහි ඔහු දිගු ආරාධිත චරිතයකට පණ පොවන්නේය.
 
 ලිගර් චිත‍්‍රපටයේ ප‍්‍රධාන රූගත කිරීම් 2020 ජනවාරි මාසයේදී ආරම්භ වුවත් කොරෝනා වසංගතය හේතුවෙන් එම වසරේ මාර්තු මාසයෙන් පසු නිෂ්පාදනය ප‍්‍රමාදයට ලක් විය. 2021 වසරේ පෙබරවාරි මාසයේදී රූගත කිරීම් නැවත ආරම්භ වුවද කොරෝනා වසංගතයේ බලපෑම් හේතුවෙන් ප‍්‍රමාදයන්ට මුහුණ දී රූගත කිරීම් අවසන් කෙරුණේ මේ වසරේ පෙබරවාරි මාසයේදීය. මයික් ටයිසන් සමඟ කොටස් රූගත කෙරුණේ ලාස් වේගාස් හිදීය. වසර දෙකක් පුරා බාධා රැුසකට මුහුණ දුන් ලිගර් චිත‍්‍රපටය අද (අගෝස්තු 25* සිට තිරගත කෙර්.