වර්ෂ 2023 ක්වූ September 28 වැනිදා Thursday
ලොව කැලඹූ මකරාගේ ප‍්‍රවේශය

70 දශකය ලෝකය තුළ මාර්ෂල් ආර්ට්ස් චිත‍්‍රපට ප‍්‍රවණතාවයක් ඇතිවෙමින් තිබුණි. විශේෂයෙන් හොංකොං හා චීනය යන රටවලින් මෙම මාර්ෂල් ආර්ට්ස් චිත‍්‍රපට බිහිවෙන්නට වූ අතර, ඒවා සියල්ලම පාහේ ඉතාමත් දුර්වල ඉදිරිපත් කිරීම් විය. හරියට චයිනීස් සර්කස් වගේය. මේවා ආසියාව තුළ පමණක් ප‍්‍රදර්ශනය වූ අතර, එහි එන සටන් ජවනිකා තුළ යම් සාධනීය ලක්ෂණ තිබුණද, බොහෝ හොංකොං හා චීන සිනමා අධ්‍යක්ෂවරුන් එම සටන් කලාව, විනෝදාත්මක කිරීමට කොමඩි කැලී යොදවන්නට විය.
‘රොබට් ක්ලවුස්‘ ඇමරිකානු අධ්‍යක්ෂවරයකි. ඔහුගේ ලංකාවේ තිරගත කළ චිත‍්‍රපටයක් වනුයේ ‘රොඞ් ටේලර්‘ රඟපෑ ‘ඩාකර් දෑන් ඇම්බර්‘ චිත‍්‍රපටය ය. රොබට් ක්ලවුස් මාර්ෂල් ආර්ට්ස් ගැන දැක්වූයේ දැඩි උනන්දුවකි. ඒ උනන්දුව නිසාම ඔහු එකී මාර්ෂල් ආට්ස් ක‍්‍රමය ඇමරිකාවට ගෙනාවෙ තමන්ගේම චිත‍්‍රපටයක් තුළිනි. එම චිත‍්‍රපටයේ තිර නාටකය ලීවේ මයිකල් ඇලීන් විසිනි. ඔහු එය නම් කළේ ‘බ්ලඞ් ඇන්ඞ් ස්ටීල්‘ ලෙසටය.
තිරනාටකයේ ප‍්‍රධාන චරිත 5 ක් තිබුණි. ඒ ලී, රෝපර්, විලියම්ස්, හැන් සහ අහානා ය. මෙහි ප‍්‍රධාන චරිතය වූ ලී වටාය මුළු චිත‍්‍රපටයම දෝලනය වනුයේ. ලී ගේ චරිතයට ආදේශකයෙක් නොමැතිවම තෝරා ගත්තේ ඇමරිකාවේ ඉපදුණු හොංකොං නළු ‘ ලී ජුන් ෆෑන්‘ වය. ඒ වන විට ඔහු ප‍්‍රධාන චරිතය රඟපෑ චිත‍්‍රපට 3 ක් තිරගත වී තිබූ අතර, ඒවා ඇමරිකාවේ පමණක් නොව, ලොව හැම රටකම පාහේ බොක්ස් ඔෆිස් ආදායම් ලබමින් ඉහළම ජනප‍්‍රියත්වය හිමි කරගෙන තිබුණි. චිත‍්‍රපට 3 වූයේ 1971 දී තිරගත කළ ‘ද බිග් බොස්‘ මෙන්ම, එම වසරේම තිර ගත වූ ‘ෆිස්ට් ඔෆ් ෆියුරි‘ හා 1972 වසරේ තිර ගත වූ ‘වේ ඔෆ් ද ඩ‍්‍රැගන්‘ ය. ‘ලී ජුන් ෆෑන්‘ ඔහුගේ මුල් නම වූවාට, සිනමාවට ඔහු හ`දුන්වා දුන්නේද, එලෙසම සිනමාව හරහා මුළු විශ්වය පුරාම ජනප‍්‍රිය වූයේ ‘බෲස් ලී‘ නමිනි.
මයිකල් ඇලීන් ගේ තිරනාටකය ‘බ්ලඞ් ඇන්ඞ් ස්ටීල්‘ ලෙස හැඳින්වූවද, චිත‍්‍රපටය රූ ගත කරන විට එය හැඳින්වූයේ ‘එන්ටර් ද ඩ‍්‍රැගන්‘ ලෙසටය.
‘රෝපර්‘ ගේ චරිතයට අධ්‍යක්ෂක රොබට් ක්ලවුස් මුලින්ම තෝරා ගත්තේ ඔහුගේ ‘ඩාර්කර් දෑන් ඇම්බර්‘ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය රඟපෑ රොබට් ක්ලවුස්ගේ ප‍්‍රියතම නළු රොඞ් ටේලර් ය. එහෙත් බෘස් ලී එයට විරුද්ධ වූයේ, ඔහු චරිතයට උස වැඩියි කියාය. ඉන්පසු ඔවුන් තෝරා ගත්තේ ජූඩෝ සටන් කලාවෙ කළු පටි ධාරි, එමෙන්ම ෂොටෝකන් කාරාටේ මනා ලෙස ප‍්‍රගුණ කළ, ඇමරිකානු නළු ‘ජෝන් සැක්සන්‘ වය. ඔහු චිත‍්‍රපටයේ රඟපෑමට කැමති වූවද, නිෂ්පාදකවරුන්ට එක් කොන්දේසියක් පැන විය. මයිකල් ඇලී විසින් ලියූ තිර නාටකයේ මෙම රෝපර් ගෙ චරිතය චිත‍්‍රපටය මැද හරියේදී මිය යනු ඇත. ජෝන් සැක්සන් ගේ කොන්දේසිය වූයේ රෝපර්ගේ චරිතය නොමරා එය චිත‍්‍රපටය පුරාවටම තබා ගන්නා ලෙසත්, ඒ වෙනුවට විලියම්ස් ගේ චරිතය මරා දමන ලෙසටය. එයට නිෂ්පාදකවරුන් හා අධ්‍යක්ෂවරයා මෙන්ම බෘස් ලී ද එකඟ වූ බව පෙනේ. සැක්සන් කියන ලෙසට තිර නාටකය වෙනස් කරන ලෙස ඔවුන් රචක මයිකල් ඇලීට දැන්විය.
විලියම්ස් ගේ චරිතයට මුලින්ම තෝරා ගත්තේ ‘මෙලින්ඩා‘ ‘ ද නෝ මර්සි මෑන්‘ වැනි චිත‍්‍රපට රැුසක රඟපෑ ඇමරිකානු කළු ජාතික නළු, ‘රොක්නි ටාකිංන්ග්ටන්‘ වය. එහෙත් චිත‍්‍රපටය පටන් ගැන්මට සති දෙකකට පෙර ඔහුව චිත‍්‍රපටයෙන් ඉවත් කළේය. චිත‍්‍රපටයේ ඇතැම් රූ ගත කිරීම්වලට හොංකොං යෑමට ඔහු අකැමැති වූ බවක්ය ඇතැම් ඇමරිකානු සිනමා සඟරාවල එකල පළ වූයේ. මේ අතර චිත‍්‍රපටයේ එක් නිෂ්පාදකවරයකු වූ ෆ්‍රෙඞ් වෙයින්ට‍්‍රවුබ්, ලොව කරාටේ ශූරයා ලෙස එකල විරුදාවලිය ලත් ‘ජිම් කෙලි‘ තමා විසින් උපදේශන කරන කරාටේ පුහුණුවීම් කඳවුරක් ලොස් ඒන්ජල්ස් හී පවත්වන බව දැන, ඔහුව සොයා ගියේය. ජිම් කෙලීව දුටු සැණින්ම ෆ්‍රෙඞ් වෙයින්ට‍්‍රවුබ් ට සිතුණේ ‘එන්ටර් ද ඩ‍්‍රැගන්‘ චිත‍්‍රපටයේ විලියම්ස් ගේ චරිතයට සුදුසුම පුද්ගලයා ඔහු කියාය. ෆ්‍රෙඞ්, ජිම් කෙලී ට මෙම ආරාධනාව කළ පසු ජීම් කෙලී එය ඉමහත් සතුටින් පිළි ගත්තේය.
‘හැන්‘ යනු චිත‍්‍රපටයේ ප‍්‍රධාන දුෂ්ටයාය. එලෙසම අවසානයේ ලී සමඟ ත‍්‍රාසජනක ලෙස සටන් වදින්නේ හැන්ය. ඔහු දරුණුතම සටන්කරුවෙකි. ඔහු සටන් කරන්නේ යකඩ අත් දමාගෙනය. මුළු චිත‍්‍රපටය පුරාවටම, ත‍්‍රාසය හා භීතිය ඇති කරවන්නේ මේ හැන්ගේ චරිතය හරහාය. මෙම චරිතයට අධ්‍යක්ෂක ගේ මෙන්ම බෘස් ලීගේ ද තේරීම වූයේ, හොං කොං හී ජනප‍්‍රියම එමෙන්ම අති දක්ෂ නළුවෙකු වූ ශී කීන්ය. ඔහුගේ මුල් නම වූයේ ශේක් වින්ග් චුංග්ය.
එහෙත් තිරයට ඔහු ගේ නම ශී කීන්ය. ඔහු ‘එන්ටර් ද ඩ‍්‍රැගන්‘ චිත‍්‍රපටයට එක්වන විටත් ඔහුගේ වයස අවුරුදු 61ක් පමණ විය. නමුදු ඔහු ඉතා ජවසම්පන්න ක‍්‍රියාකාරි පුද්ගලයෙක් විය. ‘එන්ටර් ද ඩ‍්‍රැගන් චිත‍්‍රපටයට ඔහු එකතු වන විටත් හොංකොං චිත‍්‍රපට 50 කට අධික ප‍්‍රමාණයක් රඟපෑ තිබුණිි. ඔහු හොංකොං හා චීනයේ වඩාත්ම ජනප‍්‍රිය වී තිබුණේ අති විශිෂ්ට දුෂ්ට නළුවකු ලෙසටය. ‘එන්ටර් ද ඩ‍්‍රැගන්‘ හී ඔහුට ලැබුණේ තනිකරම කළු චරිතයකි. එහී එන හැන්, යනු ලෝකයේ ධන කුවේරවරයෙකි. ඔහු මහ පරිමාණ මත් ද්‍රව්‍ය ව්‍යාපාරිකයකි, අවි ගනුදෙනු ව්‍යාපාරිකයෙකි. ලොව උසස් පෙළේ ගණිකා සැපයුම් ව්‍යාපාරිකයකි. ඔහු විශාල වශයෙන් ධනය උපයන්නෙ මෙලෙසින්ය. සියලූ යස ඉසුරු ඇති දූපතක, ලොව වඩාත්ම අකාර්ෂණීය වූ මාර්ෂල් ආර්ට්ස් කරාටේ හා නොයෙකුත් සටන් කලාවන් ඇතුළත් සංදර්ශන තරඟාවලියක් සංවිධානය කරන්නේද ඔහුය.
ටානියා අනෙක් ප‍්‍රධාන චරිතයයි. එය කාන්තා චරිතයකි. අහානා කැප්රි නම් නිළිය පණ පෙව්වෙ මෙම ටානියා ගේ චරිතයටය. එකී චරිතවලට අමතරව තවත් ප‍්‍රධාන චරිතයක් තිබුණි. ඒ හෑන්ස්ගේ, ආරක්ෂකයා හෙවත් බොඩි ගාඞ් ‘ඔ-හාරා‘ ය. ඔහු ජවසම්පන්න සටන්කරුවෙකි. ඔ-හාරා ලෙස රඟපෑවේ, ඇමරිකන් නළුවකු වූ රොබට් වෝල් ය.
‘එන්ටර් ද ඩ‍්‍රැගන්‘ නිෂ්පාදකවරුන් චිත‍්‍රපටය සඳහා ලබා දුන්නේ ඉතාමත් සීමිත මුදලකි. ඒ ඇමරිකානු ඩොලර් අට ලක්ෂ පනස්දාහක්ය (ඇ.ඩො. 850,000). එහෙයින් අධ්‍යක්ෂ රොබට් ක්ලවුස් ට චිත‍්‍රපටය වෙනුවෙන් අත දිග හැර වියදම් කිරීමට නොහැකි විය. ඔහුට සියල්ලම ඇස්තමේන්තු කරන්නට සිදු වූයේ එකී මුදලටය. එහෙයින් චිත‍්‍රපටයේ බොහෝ දර්ශන රූ ගත කළේ එකම පසුතලයකය. එනම් සටන් සංදර්ශනය පවත්වන දූපත තුළය. පසුතල ගණනාවක රූ ගත නොකරන නිසා, ඔහුට බොහෝ අනවශ්‍ය වියදම් කපා හැරීමට හැකි විය. අඩු මුදලින් වැඩි ආකර්ෂණයක් දීමට ඔහු උත්සහා ගත්තේය.
‘එන්ටර් ද ඩ‍්‍රැගන්‘ චිත‍්‍රපටයේ වැඩි ඉඩකඩක් දී තිබුණේ, සටන් වලටය. සුළු කතාවක් හා සුළු සිදුවීම් කීපයක් හරහා වැඩි සටන් දර්ශන යොදා චිත‍්‍රපටයේ කුතුහලයත්, ත‍්‍රාසයත් ඇති කර, පේ‍්‍රක්ෂකයන් චිත‍්‍රපටය තුළට ඇද බැද තබා ගන්නට රොබට් ක්ලවුස් ගත් උත්සහය අති සාර්ථක විය. ඇත්තටම ඔවුනට අවශ්‍ය වූයේ කතාන්තර කීමට වඩා, සටන්වල ත‍්‍රාසය පෙන්වීමටය. බෘස් ලී, ජෝන් සැක්සන්, ජිම් කෙලී, රොබට් වෝල් හා ශී කීන්, වැනි ලොව ප‍්‍රමුඛ පෙළේ මාර්ෂල් ආර්ට්ස් සටන්කරුවන්ගෙන් උපරිම ප‍්‍රයෝජන ගැන්මටය. එහෙයින් කතා කර කර ඉන්නවාට වඩා, ඔවුනගේ සටන් පෙන්වීම වඩාත් වැදගත් බවය, රොබට් ක්ලවුස්ගේ තීරණය වූයේ.
චිත‍්‍රපටයේ කතාව යනුයේ ‘ලී‘ වටාය. බෲස් ලී විසින් රඟපෑ මෙම චරිතයේ නමත් ‘ලී‘ ය. මෙහී ‘ලී‘ යනු මාර්ෂල් ආර්ට්ස් සටන් උපදේශකවරයකු, සටන්කරුවකු වූ අතර, ඔහු පැමිණෙනුයේ හොංකොං සිටය. බි‍්‍රතාන්‍ය බුද්ධි අංශයෙන් ඔහුට වගකිව යුතු රාජකාරියක් පැවරුණේ මහපරිමාන අපරාධවලට සම්බන්ධ මහ මොළකරුවකු වූ ‘හැන්‘ ව නීතියට කොටු කර දීම හෝ මොනයම් ක‍්‍රමයකින් හෝ හැන් ගේ අපරාධ ව්‍යාපාරයන් නැවැත්වීමටය. ලී එම අභියෝගය භාර ගති.
එතැන් සිට මුළු චිත‍්‍රපටය පුරාම පෙන්වන්නේ ලී මෙම අභියෝගය භාර ගෙන එය ක‍්‍රියාත්මක කරන ආකාරය ගැනය. තිර රචකයා, ‘ලී‘ ගේ මෙම අභියෝගයට, වෛරයක්ද එක් කළේ, හැන් හා ලී අතර, ඇතිවෙන්නට යන ද්වන්ධ සටන තවත් ත‍්‍රාසජනක කිරීමට විය හැකිය. වෛරය ඇතිවන්නේ, හැන් යනු තම නැගනියව මරා දැමූ පුද්ගලයා බව ලී දැනගත් පසුවය. එය චිත‍්‍රපටයට මුලින්ම එකතු වන අතිරේක ඝට්ටනයක් ය.
හැන් සතු පෞද්ගලික දූපතක විශාල සැණකෙළි ස්වරූපයෙන් මාර්ෂල් ආර්ට්ස් සටන් තරඟයක් පවත්වන්නට යෙදුණේ මේ අතරෙදීය. මෙම සටන් සැණකෙළි භූමියේ කැසිනෝ, සූදු, මෙන්ම කෑම, බීම, ගණිකා සේවයන් ඒ හැම දෙයකින්ම සැපිරී තිබුණි. මෙයට ලොව බොහෝ ධනවත් රටවල ධනකුවේරවරුන්ට, රූමත් නිරූපිකාවන්ට මෙන්ම අති දක්ෂ මාර්ෂල් ආර්ට්ස් සටන්කරුවන්ට ද ආරාධනා කර තිබුණි. ලී ටද එයට ආරාධනා ලැබුණේ ඔහු මාර්ෂල් ආර්ට්ස් සටන් උපදේශකවරයකු හා සටන්කරුවෙකු නිසාත්, ඔහුවද එහී සටන් තරඟවලට සහභාගි කර ගත යුතු නිසාත්ය. මෙහි සහභාගිත්වය තුළින් ‘ලී‘ට තමන්ගේ උවමනා දෙකක්ම සාක්ෂාත් කොට ගැනීමට හැකිවෙනු ඇත. එකක් තම නැ`ගණිය මැරූ පලිය ගැනීමත්, අනෙක් දේ බි‍්‍රතාන්‍ය බුද්ධි අංශය භාර දුන් කොන්ත‍්‍රාත්තුව ඉටු කිරීමත් ය.
හැන් ගේ පෞද්ගලික ආරක්ෂකයා මෙන්ම දූපතේ සියලූ කටයුතු බලා ගැනුණේ ඔ-හාරා විසිනි. ඔහුද ඉතාමත් දක්ෂ මාර්ෂල් ආර්ට් සටන්කරුවෙකි. එලෙසම හැන්ගේ අනෙක් කිට්ටුම ආරක්ෂකයා වූයේ තවත් දක්ෂ සටන්කරුවෙකු වූ බෝලෝ ය.
රෝපර් හා විලියම්ස් ව ලීට හ`දුනාගැන්මට හැකි වූයේද, දූපතට පැමිණි පසුවය. රෝපර් දක්ෂ සටන්කරුවෙක් වූ සේම, සූදුවට ද තදින්ම ඇබ්බැහි වී තිබුණි. විලියම්ස් කළු ඇමරිකානු ජාතිකයෙක් වූ අතර ඔහු වියට්නාම යුද්ධයට සම්බන්ධ වූ සොල්දාදුවෙක් ද විය.
පළමු දවසේම හැන් පැමිණි සියලූ දෙනාටම නීතියක් දැමුවේ, කිසිවෙක් රාත‍්‍රියේ තම කාමරවලින් පිටතට නොයන ලෙසටය. එහෙත් රාත‍්‍රියේ ලී තම කාමරයෙන් හොර රහසේ එළියට පැන්නේ හැන්ගේ ජාවාරම්වල සුල මුල සෙවීමටය. මේ අතරේදී විලියම්ස්ද එදින රාත‍්‍රියේ හැන්ගේ අණ නොතකා එළියට බැස්සේ ඔහුගේ සුපුරුදු ශාරිරීක ව්‍යායාම කිරීමටය. ලී ට අවශ්‍ය වූයේ හැන්ගෙ ජාවරාම් සොයා ගෙන බි‍්‍රතාන්‍ය බුද්ධි අංශයට දැන්වීමටය. කෙසේ හෝ ලී හා විලියම්ස් වෙන් වෙන් වශයෙන් එළියට පැමිණීම එහී සිටි ආරක්ෂක භටයන් දැක තිබුණද, ලී හා විලියම්ස්ට ඔවුනගෙන් බේරි තම කාමර වලට ඒමට හැකි විය.
පසු දින උදය වන විට, ලී හා විලියම්ස් තම අණ නොතකා එළියට පැමිණි ඇති බව හැන් දැන ගති. ඔහු කළේ බෝලෝ ලවා එහි සිටි ආරක්ෂක භටයන්ව මරා දමා, එදින තිබෙන සටන් තරඟයට ලී සමඟ ඔ-හාරා ව දැමීමය. හැන් ට, ඔ-හාරාගේ සටන් ක‍්‍රමය ගැන දැඩි තක්සේරුවක් තිබුණි. ඔ-හාරා පළමු පහරින්ම ලී ව මරා දමනු ඇතැයි යන දැඩි විශ්වාසය හැන් ට තිබුණු අතර, ලී පිළිබඳව ඔහු කළේ ඉතාමත් අඩු තක්සේරුවකි.
ලී හා ඔ-හාරා ගේ ප‍්‍රදර්ශන සටන, ත‍්‍රාසජනක, බියජනක මෙන්ම තරඟකාරි වූවද, ලී විසින් ඔ-හාරා ව පරාජය කළේ, හැන්ස් කිසිසේත් නොසිතු ලෙසය. මෙයින් අධික ලෙස ලැජ්ජාවට පත් ඔ-හාරා බෝතල් දෙකක් අතැතිව ලීට පහර දෙන්නට පැමිණෙන විට, ලී ඔහුව වළක්වන්නට දුන් පහර මාරන්තික වී ඔ-හාර මිය ගියේය.
ඔ-හාර ගේ මරණය හැන්ට දැඩි ලෙස බලපෑවේය. ලී ගෙන් පළිගැනීම පිණිස ඔහු කළේ විලියම්ස්ව දඩයම් කිරීමය. පෙරදා රාත‍්‍රියේ ලී මෙන්ම, විලියම්ස්ද, කාමරයෙන් එළියට ගිය බව දැන් හැන් දනී. විලියම් එළියට ගියේ ශාරිරීක ව්‍යායාම කිරීමට බව කීවද, ඇත්තම කථාවත් එයම වුවද, හැන් සිතුවේ විලියම්ස් ද, ලී සමඟ එකතු වී තමාගේ රහස් දෑ ගැන ඔත්තු සොයන්නට එළියට පැමිණි බවකි.
විලියම්ස් කෙතරම් දක්ෂ ලෙස ප‍්‍රදර්ශන සටන් හී සටන් කළද, ඔහුව මෙහි තබා ගැන්ම නුසුදුසු බවක් හැන්ට සිතුණි. මේ හේතුවෙන් නිසි අවස්ථාවක් බලා හැන් ඔහු පැළඳ සිටින යකඩ අත උපයෝගි කරගෙන විලියම්ස් ව පාළු තැනකදී මරා දැමුවේය.
මේ අතර හැන්, රෝපර්ව තම මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට එකතු කරගන්නට උත්සාහ කළේය. ඔහු රෝපර්ට කිවේ රෝපර් මෙම අදහසට එක`ග නොවුණොත් ඔහුව තම දූපතේ තිබෙන හිරගෙදරට දමන බවකි. එම හිර ගෙයි සිටි බොහෝ සිර කරුවන් හැන්ගේ මාර්ෂල් ආර්ට්ස් තරඟයට පැමිණි අය ය. එහෙත් රෝපර් එයට අකැමැති වූයේ විලියම්ස් ට වූ දේ ඔහු දැන සිටි හෙයිනි.
මේ අතර ලී තවත්, රැයක කාමරයෙන් එළියට පැමිණීය. ඒ බි‍්‍රතාන්‍ය බුද්ධි අංශයට තොරතුරු යැවීමටය. ඔහු එම කාර්ය කොට යළි තම කාමරයට එන විට, ඔහුව ආරක්ෂක භටයන්ට අසුවිය. ඔවුන් සමඟ තනිව සටන් කළ ලී කෙසේ් හෝ බේරි පැමිණියේය.
පසුවදා උදයේ හැන් රෝපර්ට සටන් තරඟයක් සංවිධානය කළ අතර, එහි ප‍්‍රතිවාදයා ලෙස ඔහු නම් කළේ ලී වය. රෝ්පර් එයට එකහෙළා විරුද්ධ විය. එහෙයින් හැන් ලී වෙනුවට තම හිතෛශීය ගෝලයා වූ බෝලෝ ව නම් කොට බෝලෝට කීවේ තරඟ කරන අතරවාරයේදී රෝපර්ව මරා දමන ලෙසටය.
රෝපර් හා බෝලෝ අතර තිබූ තරඟය, තරඟයක් නොවී, පෞද්ගලික සටනක් විය. එලෙසම එය ත‍්‍රාසය මුසු සටනක් වූයේ හැන්ගේ උවමනාවට බෝලෝ විසින් රෝපර්ව මැරීමට තැත් කරන නිසාය. කෙසේ හෝ අසීරුවු සටනින් රෝපර් විසින් බෝලෝව මරාදැමීය.
හැන්ට තරු පෙනුණේ එවිටය. ඔහු වහා ඔහු ළඟ ඉතිරිවී සිටින ඔහුගේ ආරක්ෂකයන්ට කීවේ රෝපර් හා ලී ව මරාදමන ලෙසටය. එහෙත් ඒ වන විට හැන් විසින් සිරකර ගෙන සිටි, මාර්ෂල් ආර්ට්ස් තරඟවලට පැමිණි සටන් තරඟකරුවන් ව මී ලින්ග් විසින් නිදහස් කර තිබූ අතර, ඔවුන් සියල්ලෝම හැන් ගෙ ආරක්ෂක භටයන් සමඟ මුහුණට මුහුණ සටන් කළහ. හැන් වහා තම කෞතුකාගාර යට පැනගියද, ලී ඔහු පසුපස එළෙවුවේය. ඔවුහු තම සටන එම කෞතුකාගාර ය තුළ දී ආරම්භ කළහ. හැන් තම අතට විවිධ එමෙන්ම තියුණු යකඩ අත් මාරු කරමින් ලී සමඟ සටනේ නියළුනු අතර, එහි යකඩ උල් ඇඟිලිවලට ලී ගේ සිරුර දරුණු ලෙස සීරී ගියේය. කෞතුකාගාරය තුළ සටන් කරමින් සිටි හැන්, ඔහුගේ රහස් විදුරු කණ්ණාඩි ශාලාවට ගියේය. එහි හැමතැනම තිබුණේ කණ්ණාඩි ය. එතැන හැන්ට හැංගි සිට ලීට ප‍්‍රතිප‍්‍රහාර දැක්වීමට හැකි වූවද, ලී කළේ එම කණ්ණාඩි බිඳ දැමීමය.
වඩාත්ම භිෂණ වූ සටන ඇතිවුණේ මෙම කණ්ණාඩි ශාලාව තුළය. චිත‍්‍රපටයේ උද්වේගකරම, එමෙන්ම උච්චතම අවස්ථාව මෙම අවසන් සටනය. බෲස් ලී ගේ සටන් කලාවේ උපරිමත්වය, දැක්වූයේද මෙම සටන තුළය. ‘එන්ටර් ද ඩ‍්‍රැගන්‘ චිත‍්‍රපටය පේ‍්‍රක්ෂකයන් ට ජීවිත කාලය පුරාවටම මතක සිටීමට ඉවහල්වූ ප‍්‍රධානතම හේතුව වූයේද මෙම සටන් දර්ශනයකය.
හැන් කණ්ණාඩි අස්සේ සැඟවී සිටිමින් සටන් කළද, ලී සියලූම වීදුරු බි`ද දැමූ පසු ඔහුට හැන්ව සොයා ගැන්මට හැකි විය. අවසානයේදි ඔවුහු දෙදෙනා මුහුණට මුහුණ සටන් කළහ. දෙදෙනාම එකිනෙකාට දරුණු පහරවල් එල්ල කර ගත් අතර, සටන තුළ දෙදෙනාගේ ජවය හා වේගය එක සමාන විය. චිත‍්‍රපටයකදී වීරයා දිනන බව පේ‍්‍රක්ෂකයා දැන සිටියද, මෙහිදි ප‍්‍රතිවාදියා පවා ,වීරයා මෙන්ම, දරුණු වීමත්, වේගවත් වීම, විශේෂයෙන්ම ඔහු සටන් කිරීමට යොදා ගන්නා යකඩ අත් නිසා වීරයා වන්නේ කව්දැයි පේ‍්‍රක්ෂකයාට එක්වරම සිතා ගත නොහැකි විය.
කෙසේ හෝ දීර්ඝවූ ද්වන්ධ සටනකින් ලී විසින් දැඩි අපහසුවකින් හැන් ව මරා දැමීය. මෙම සටන තුළ දෙදෙනාම මාර්ෂල් ආර්ට්ස් සටන් කලාවේ වේගවත් වූ විවිධ සටන් ක‍්‍රම භාවිතා කරන්නට විය. එය පේ‍්‍රක්ෂකයන් ට නැවුම් අත්දැකීමක් විය.
‘එන්ටර් ඩ‍්‍රැගන්‘ අතිශය ලෙස ජනප‍්‍රිය වීමට බලපෑ ප‍්‍රධානතම හේතුව වූයේ ලී ලෙස රඟපෑ බෲස් ලී ගේ, හා රෝපර් වූ ජෝන් සැක්සන්, විලියම්ස් වූ ජිම් කෙලී ගේ එකිනෙකාට වෙනස් වූ සටන් ක‍්‍රම නිසාය. බෲස් ලී ගේ සටන් ක‍්‍රමය වේගවත් වූවද, ජිම් කෙලිගේ සටන් කලාව තුළ තිබුණේ, සංයමයක්ය. එම ක‍්‍රමය ඔහු ඉන්පසු ප‍්‍රධාන චරිතය රඟපෑ ‘බ්ලැක් බෙල්ට් ජෝන්ස්‘ චිත‍්‍රපටය පුරාවටම එකතු කළේය.
‘එන්ටර් ද ඩ‍්‍රැගන්‘ තනිකරම බෲස් ලීගේ චිත‍්‍රපටයක් යැයි කීමට නොහැකි වුවත්, ඔහුගේ සටන් ක‍්‍රමය හා වේගවත් බව, තුළින් මුළු චිත‍්‍රපටයේම ආකර්ෂණය ඉබේටම ඔහු වෙත රැුඳවෙන්නට විය. නමුත් ජිම් කෙලීට හා ජෝන් සැක්සන්ට පේ‍්‍රක්ෂකයන් තුළ තිබූ දැඩි කැමැත්තෙහි ද අඩුවක් නොවීය. බෲස් ලී මිය ගිය පසු ඉතාමත් වේගයෙන් ඒ තැනට පත්වූ ‘ජැකී චෑන්‘ද ‘එන්ටර් ද ඩ‍්‍රැගන්‘ හී සුළු චරිතයක් රඟපෑවේය. ඒ, හිර කඳවුරේ චණ්ඩියෙක් ලෙසය. මතක ලෙස, සිරකරුවන් අතර ඇතිවුණු සටනේදී ජැකීි චෑන්ගේ චරිතය බෲස් ලී අතින් මිය යන්නේය.
බෲස් ලීගේ ඊට පෙර තිරගත වූ ‘ද බිග් බොස්‘, ‘ෆිස්ට් ඔෆ් ෆියුරි‘, ‘වේ ඔෆ් ද ඩ‍්‍රැගන්‘, හා ඉන් පසුව තිර ගත කළ ‘ද ගේම් ඔෆ් ද ඩෙත්‘ ඒ කිසිවක් ‘එන්ටර් ද ඩ‍්‍රැගන්‘ ලැබූ ආදායම හා ජනප‍්‍රියත්වය, ලබා ගත්තේ නැත. බෲස් ලී ව නළුවකු ලෙසත්, ලොව ප‍්‍රමුඛතම මාර්ෂල් ආර්ට් සටන් ශිල්පියා ලෙසත් ඉහළටම ඔසවා තැබූවේ ‘ එන්ටර් ද ඩ‍්‍රැගන්‘ චිත‍්‍රපටයෙනි.
ඇමරිකානු ඩොලර් ලක්ෂ 8 ක ඇස්තමේන්තුවකින් නිර්මාණය වූ ‘එන්ටර් ද ඩ‍්‍රැගන්‘ තිරගත කළ පළමු වටයෙන්ම ඇමරිකානු ඩොලර් ලක්ෂ 4000ක් (හාර දාහක්) ලැබීය. එය එතැනින් නතර වූයේ නැත. ලොව පුරා ප‍්‍රදර්ශනය කිරීමෙන් ලැබූ ආදායම්, ඉන්පසු ඞී.වී.ඞී වෙළඳෙපාළෙන් ලැබූ ආදායම්, ලොව වටා ඇති රටවල් තුළ, ඔවුන්ගේ ජාතික හා පෞද්ගලික නාලිකාවල ප‍්‍රචාරය කිරීමෙන් ලැබූ ආදායම් අසීමිත විය. ලෝකයේ වඩාත්ම ආදායම් ලැබූ, එමෙන්ම ලොව වඩාත්ම ආකර්ෂණීය වූ මාර්ෂල් ආර්ට්ස් චිත‍්‍රපටය ‘එන්ටර් ද ඩ‍්‍රැගන්‘ විය. මුලින්ම ප‍්‍රදර්ශනයට මුදා හැර අද වන විට අවුරුදු 50ක් සපුරා ඇතත්, අදටත් දැඩි ඉල්ලූමක් තිබෙන චිත‍්‍රපටයකි. බෲස් ලී, ජිම් කෙලී සහ ජෝන් සැක්සන් එක්ව රඟපෑ ‘එන්ටර් ද ඩ‍්‍රැගන්‘ සිනමාලෝලි මනස තුළ සදාකාලිකව තැන්පත් වන සිනමා පුරාවෘත්තයකි.