වර්ෂ 2023 ක්වූ December 06 වැනිදා Wednesday
අන්ධභාවය හමුවේ මිනීමරුවකු සොයා Blurr

ඔබට ඔබේ පංචේන්ද්‍රියන් ගෙන් එක් ඉන්ද්‍රියයක් අත්හැරීමට සිදුවුව හොත් කුමක්වනු ඇත්ද? ඔබේ කන් ඇසීම නැති වී යනු ඇත. නොඑසේ නම් ස්පර්ශය නැති වී යනු ඇත. රස නොදැනිය හැකිය. ගඳ - සුවඳ නොදැනී යනු ඇත. විචිත්‍රවත් ලෙස ඔබ දුටු ලෝකය ආපසු හැරවිය නොහැකි ලෙස අඳුරු වීමද විය හැකිය.
මෙලෙස පෙනීම පිරිහෙන රෝගයකින් පීඩා විඳ දෑස අන්ධ වී සිටි තරුණියක සිය නිවසේ පහළම මාලයේ සියදිවි නසා ගෙන සිටියදී සොයා ගනී. සියල්ලන්ගේ අවධානය සියදිවි නසාගැනීමක් වෙත යොමු වුවද මිය ගිය තරුණියගේ නිවුන් සහෝදරිය වන ගයත්‍රි, මෙම මරණය මිනීමැරුමක් ලෙස ඇයට හැඟෙන දේ විමර්ශනය කිරීමට තීරණය කරන්නීය. නමුත් එය අසීරු තත්ත්වයට පත් වන්නේ අඳුරු ලෝකයකට දොරටු විවර කරමින් ගයත්‍රි හටද සිය සහෝදරිය සේම පෙනීම දුර්වලවීමේ අභියෝගයට මුහුණ දීම සමඟිනි අන්ධභාවය හමුවේ ඇය මිනීමරුවෙකු විමර්ශනය කරන්නේ කෙසේද?
එය දැකගත හැකි වන්නේ දෙසැම්බර් 9 වැනිදා ZEE5 ඔස්සේ නිකුත් වන Blurr චිත්‍රපටයෙනි. Blurr යනු අජේ භාල් අධ්‍යක්ෂණය කළ හින්දි ත්‍රාසජනක චිත්‍රපටයකි. තාප්සේ පන්නු, ගුල්ෂාන් දේවයියා සහ කෘට්ටිකා දේසායි ප්‍රධාන චරිත නිරූපණය කරති. Blurr චිත්‍රපටය, මනෝවිද්‍යාත්මක - ත්‍රාසජනක ස්පාඤ්ඤ චිත්‍රපටයක් වනJulia's Eyes හි නිල හින්දි ප්‍රතිනිර්මාණයයි.
Blurr චිත්‍රපටය සමඟ තාප්සේ පන්නු නිෂ්පාදකවරියක ලෙස ද බොලිවුඩයට එක් වීම සිදු වේ. වර්තමානය වන විට ඇය බොලිවුඩයේ සාර්ථක රංගන ශිල්පිනියක බවට පත් වී සිටින්නීය. මෘදුකාංග ඉංජිනේරුවරියක ලෙස සේවය කර අනතුරුව කෙටි නිරූපණ වෘත්තියකින් පසු ජුම්මන්ඩි නාදම් (2010) තෙළිඟු චිත්‍රපටයෙන් රංගනය පිවිසි ඇය මේ වන විට ෆිල්ම්ෆෙයාර් සම්මාන දෙකකට හිමිකම් කියන්නීය.