මරණාසන්න පුතු සහ ඔහු වෙනුවෙන් කැපවූ මවකගේ කතාව

දෙසැම්බර් 8, 2022

"ජීවිතය විශාල විය යුතුය. නමුත් බොහෝ දිගු නොවිය යුතුය." සුජාතා සුව කළ රෝගයකින් පෙළෙන තම පුත් වෙන්කි හට පවසන්නීය. නමුත් වෙන්කි තම මරණයට පෙර මවගෙන් ප්‍රාර්ථනාවක් ඉටු කර දෙන ලෙස ඉල්ලා සිටී. එතෙක් ඔහුගේ සියලු පැතුම් ඉටුකර දුන් සුජාතා හට තම පුතුගේ අවසන් පැතුම ඉටු කළ හැකි වේවි ද?

ආශා කෙලුන්නි නේර් හෙවත් රේවතී විසින් අධ්‍යක්ෂණය කරන ලද සලාම් වෙන්කි චිත්‍රපටය ගෙන එන්නේ සුජාතා සහ ඇයගේ පුත් කේ. වෙන්කටේෂ් (වෙන්කි)ගේ කතාවයි. සලාම් වෙන්කි චිත්‍රපටය නිර්මාණය කර තිබෙන්නේ 2005 වසරේදී ශ්‍රීකාන්ත් මූර්ති විසින් රචිත ඊඩඥ ඹ්චඵබ ඩ්භපපචර නවකතාව පදනම් කරගනිමිනි. ඊඩඥ ඹ්චඵබ ඩ්භපපචඩ නවකතාව, දරුණු ආකාරයේ මාංශ පේශි දුර්වලතාවයකින් පෙළෙන පුතෙකු සහ ඔහු රැකබලා ගන්නා ඔහුගේ මවගේ කතාව කියයි. ශ්‍රීකාන්ත් මූර්ති මෙම නවකතාව රචනා කර තිබෙන්නේ ඉන්දියාවේ සිදු වූ සත්‍ය සිදුවීමක් පාදක කර ගනිමිනි. 

සලාම් වෙන්කි යනු ඩූෂෙන් මස්කියුලර් ඩිස්ට්‍රොෆි (ච්භජඩඥදදඥ ර්භඵජභතචප ච්ඪඵබපධනඩර) නම් රෝගයෙන් පීඩා විඳී තරුණයෙකු වූ කෝලවෙන්නු වෙන්කටේෂ්ගේ සත්‍ය කතාවයි. ඩූෂෙන් මස්කියුලර් ඩිස්ට්‍රොෆි යනු මාංශ පේශි දුර්වල වන ජානමය ආබාධයකි. එයින් ශරීරයේ බොහෝ කොටස් වලට බලපෑම් කරන අතර එමඟින් අස්ථි, හෘදය සහ පෙනහළු මාංශ පේශි ක්‍රියාකාරීත්වය දුර්වල වේ.

කෝලවෙන්නු වෙන්කටේෂ් වයස අවුරුදු හයේ සිට රෝද පුටුවකට ගෙන ගියේ මෙම රෝගී තත්ත්වයයි. ඔහුගේ මව කේ. සුජාතා, ඔහුගේ මුළු ජීවිත කාලය පුරා ඔහු ආදරයෙන් රැකබලා ගත්තාය. ඔහු චෙස් ක්‍රීඩකයෙකු බවට පත් වූයේ එය ඔහුගේ ජීවිතයට අරමුණක් ලබා දුන් දෙයක් බවට පත් කරමිනි. මෙම රෝගී තත්ත්වය දිනෙන් දින දරුණු තත්ත්වයට පත් වන විට වෙන්කටේෂ්ගේ බලවත්ම ආශාව වූයේ මරණයට පෙර ඔහුගේ අවයව පරිත්‍යාග කිරීමයි. නමුත් වෙන්කටේෂ්ගේ රෝගී තත්ත්වය හේතුවෙන් එය ඔහුගේ මරණය පෙර කළ යුතු විය.

මේ හේතුවෙන් ඔහුගේ මව ආන්ද්‍රා ප්‍රදේශ් මහාධිකරණයෙන් නිල ඉල්ලීමක් කරමින් වේදනා රහිතව මරණයකට පත් කිරීමට අවසර ඉල්ලා සිටියාය. මහාධිකරණයෙන් එම ඉල්ලීම පිළිගත්තා නම් වෙන්කටේෂ් හට තම අවයව දන්දීමට හැකිවනු ඇත. ලොව ඇතැම් රටවල සුව කළ නොහැකි හා වේදනාකාරී රෝගයකින් හෝ ආපසු හැරවිය නොහැකි කෝමා තත්වයක සිටින රෝගියෙකු වේදනා රහිතව මරණයට පත් කිරීමට අවසර ඉල්ලා සිටිය හැකිය. නමුත් ඉන්දියාවේ එවැනි නීතියක් ක්‍රියාත්මක නොවන හෙයින් ආන්ද්‍රා ප්‍රදේශ් මහාධිකරණය වේදනා රහිතව මරණයට පත් කිරීම සඳහා අවසරය ප්‍රතික්ෂේප කළේය. වෙන්කටේෂ්ගේ මව මෙම තීරණයට එරෙහිව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ නමුත් එය ප්‍රමාද වැඩි විය. වෙන්කටේෂ් 2004 දෙසැම්බර් 18 වැනිදා සදහටම මෙලොවින් සමු ගෙන ගියේය. ඔහුගේ මරණය සමඟ අවයව ක්‍රියාවිරහිත වූ හෙයින් ඔහුට දන් දීමට හැකි වූයේ ඔහුගේ ඇස් පමණි. නමුත් වෙන්කටේෂ්ගේ මරණය ඉන්දියාව තුළ වේදනා රහිතව මරණයට පත් කිරීම පිළිබඳ දැඩි විවාදයක් ඇති කළේය.

හෙට (දෙසැම්බර් 09) සිට තිරගත වන සලාම් වෙන්කි චිත්‍රපටයේ කාජල් සමඟ විශාල් ජෙත්වා මෙම ආදරණීය මව සහ පුතුගේ චරිත රිදී තිරයේ යළි ජීවමාන කරති. ඔවුන් සමඟ රාහුල් බෝස්, රජීව් ඛන්ඩෙල්වාල්, අහනා කුම්රා, ප්‍රකාශ් රාජ්, ප්‍රියා මනි, රිද්ධි කුමාර්, අනීත් පඩ්ඩා, ජායි නීරාජ්, මාලා පාර්වතී සහ කමල් සධානා ද රංගනයෙන් දායක වී සිටිති. සලාම් වෙන්කි චිත්‍රපටයේ ප්‍රචාරක පටය ද ප්‍රේක්ෂකයන්ට අනපේක්ෂිත පුදුමයක් ලබා දී ඇත. එනම් එය අවසානයේ අමීර් ඛාන්ගේ පෙනී සිටීමයි.

මෑතකදී සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් කාජල් පවසා සිටියේ චිත්‍රපට පිටපත ලැබුණු පසු ඇය සලාම් වෙන්කි ප්‍රතික්ෂේප කළ බවයි. " මම දවස් තුනක් චිත්‍රපටය ප්‍රතික්ෂේප කළා. මම මේ චිත්‍රපටය කරන්නේ නැහැ. මගේ දරුවන්ට දරාගත නොහැකි කිසිම චිත්‍රපටයක් කරන්න මට අවශ්‍ය නැහැ. මටත් ඒක දරාගන්න බැහැ. එය මව් පියවරුන්ගේ බියකරු සිහිනයක්. සතුරෙකුටවත් මෙවැන්නක් ප්‍රාර්ථනා කරන්න බැහැ" කාජල් පැවසුවාය. බොලිවුඩ් විචාරකයන් අනාවැකි පවසා සිටින්නේ සලාම් වෙන්කි ජීවිතය උපරිම ලෙස ගත කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න ගැන කතා කරන හෘදයාංගම චිත්‍රපටයක් වනු ඇති බවයි.