වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
ආදරය බුද්ධිමය සටනකි ප්‍රේම ක්‍රීඩා ආරම්භයට ඉඩ දෙන්න

දෙදෙනෙකු අතර සබඳතාවක් ඇති කර ගැනීම පහසු ය. නමුත් එය බිඳ දැමීම එයට වඩා දුෂ්කර ය. ඔහු ඇයගේ හද දිනා ගන්නේ බොහෝ උත්සාහයන් ගෙන් පසුවය. එම සබඳතාවය විවාහ ගිවිස ගැනීමක් දක්වා ගිය නමුත් සැඟවුණු චේතනාවන් ඇතිව එකිනෙකාට ආදරය කරන බව මවාපානා මෙම යුවළ වෙන්වීමට උත්සාහ කරන්නේ එකිනෙකා මත වරද පටවමිනි. එම උත්සාහයන් සියල්ල නිශ්ඵල වන විටදී ඔවුන්ගේ වැඩිහිටියන් ඔවුන් විවාහ කර දෙනවාද? නොඑසේ නම් ඔවුන් හට වෙන් වීමට උපකාර කරනවාද? යන ගැටලු අතරට මැදි වේ.
මෙම සිදුවීම වර්තමානයේ අප වෙසෙන සමාජයේ ද ඉතා සුලබ වන සිදුවීමක් බවට පත් වී ඇත. නමුත් මෙම කතාවේ ඔහු සහ ඇය අපට දැක ගත හැකි වන්නේ රිදී තිරයේ Tu Jhoothi Main Makkar චිත්‍රපටයෙනි. Tu Jhoothi Main Makkar යනු ආදරය බුද්ධිමය සටනක් බව විශ්වාස කරවන චිත්‍රපටයකි. ‘ප්‍රේම ක්‍රීඩා ආරම්භ වීමට ඉඩ දෙන්න’ චිත්‍රපටයේ නිල සාරාංශය කියයි. ආදරය, විරහව සහ පළිගැනීම ආදි සියල්ල කැටි කර ගත් TuJhoothi Main Makkar ආදර හාස්‍යමය හින්දි චිත්‍රපටයකි.
මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Pyaar Ka Punchnama සහ Sonu Ke Titu KiSweety වැනි සාර්ථක සිනමාපට ගෙන ආ ලූව් රන්ජන්ය. 2011 වසරේදී Pyaar KaPunchnama චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් බොලිවුඩයට පිවිසි ඔහු ආදර කතා කීමේ කලාව ප්‍රගුණ කළ අයෙකු ලෙසින් නමක් දිනා ගැනීමට සමත් වී ඇත. Tu Jhoothi MainMakkarචිත්‍රපටයේ පෙම් කතාවේ පෙම්වත් යුවළට පණ පොවන්නේ රන්බීර් කපූර් සහ ශ්‍රද්ධා කපූර්ය. මෙය ඔවුන් දෙදෙනා රිදී තිරයේ හමු වන පළමු අවස්ථාවද වේ. චිත්‍රපටයේ සිය චරිතය ගැන රන්බීර් කපූර් මෙසේ පැවසීය. ‘චිත්‍රපටයේ මෙම චරිතයෙන් ආදර ජීවිතයේ ගැටලු ඇති අයට මම කරන්නේ උදව්වක්. මම ඔවුන්ගේ ගැටලු වලට විසඳුම් ඉදිරිපත් කරන්න සූදානම්. ඒ වගේම මමත් වයසට යන නිසා මෙය මා නිරූපණය කරන අවසාන ආදර ප්‍රහසනවලින් එකක් වෙන්නත් පුළුවන්.’ ඔහු මෙලෙස පැවසූයේ අතීතයේ සිරස්තල බවට පත් ඔහුගේ අසාර්ථක ආදර සබඳතා ද සිහිපත් කරමිනි.
මාර්තු 08 වැනිදා සිට තිරගත කෙරෙන TuJhoothi Main Makkaarචිත්‍රපටයේ රන්බීර් සහ ශ්‍රද්ධා සමඟ අනුභව් සිං බාසි, ඩිම්පල් කපාඩියා, බොනී කපූර් ද රංගනයෙන් දායක වෙති. බොලිවුඩයේ ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකවරයකු මෙන්ම ඉන්දිය සිනමාවෙහි පළමු ‘කාන්තා සුපිරි තරුව’ ලෙස කිරුළු පැලඳී ශ්‍රී දේවිගේ ආදරණීය සැමියා බොනී කපූර්ගේ කුලුඳුල් රංගනය ද මෙය වීම විශේෂත්වයකි.