සෙබළුන්ගේ මහා පලායෑම

THE GREAT ESCAPE
නොවැම්බර් 30, 2023

ඕස්ට්‍රේලියානු ජාතික 'පෝල් බ්‍රික්හිල්' ලේඛකයකු ලෙස ප්‍රසිද්ධියට පත්වූයේ 1950 වර්ෂයේදී ඔහු ලියා ප්‍රසිද්ධියට පත් කළ 'ද ග්‍රේට් එස්කේප්' නව කථාව තුළිනි. ඉන් පසු ඔහු 1951 දී ලියූ ' ද ඩැම් බාස්ටර්ස්', මෙන්ම 'රීච් ෆො ද ස්කයි' නවකථාද ලොව පුරා අතීශය ජනප්‍රිය විය.

බ්‍රික්හිල් තම ලේඛන කලාව පටන් ගන්නේ 1944-45 දී තරමේය. පුවත්පත්වලට ලිපි ලියූ ඔහු පසුව 'රීඩර්ස් ඩයිජස්ට්' සඟරාවට ලියන්නට පටන් ගති. 1946 ඔහු පොතක් ලිවීමට හවුල් විය. ඒ 'එස්කේප් ටු ඩේන්ජර්' නමිනි. ඔහු එය ලියුවේ කොන්රඩ් නෝර්ටන් නම්වූ ලේඛකයා සමඟ ය.

'ද ග්‍රේට් එස්කේප්' සිනමාවට නැංවීමට දැඩි උවමනා කම තිබුණේ ඇමරිකන් ජාතික චිත්‍රපට අධ්‍යක්ෂකයෙකු වූ 'ජෝන් ස්ටර්ජස්'ටය. 1910 වසරේ ජනවාරි 3 වන දින, ඇමරිකාවේ, ඉලිනොයිස් නගරයේ ඕක් පාර්ක් හී ඉපදුණු ජෝන් ස්ටර්ජස්, ගේ වෘත්තිය ලෙසටද සඳහන් වී තිබුණේ, චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු ලෙසටය. ඔහු මුලින්ම හොලිවුඩ් හා සම්බන්ධ වූයේ සංස්කරණ ශිල්පියෙකු ලෙසටය. ඒ 1932 වසරේදීය. දෙවන ලෝක මහා යුද්ධය කාලයෙදී ඔහු වාර්තාමය චිත්‍රපට අධ්‍යක්ෂණය කළේය. 

ඔහු ඔහුගේ ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ 1946 දීය. එය නම් කළේ 'ද මෑන් හූ ඩැරේඩ්' නමිනි. ජෝර්ජ් මැක්රෙඩි නම් නළුවකු එහී ප්‍රධාන චරිතය රඟපෑවේය. එතැන් පටන් ඔහු 1976 වන තෙක් චිත්‍රපට අධ්‍යක්ෂණය කළේය. සංඛ්‍යාත්මකව එය 44 ක් පමණ විය. ඔහුගේ චිත්‍රපටවල මා මතකයේ රැඳෙන්නේ, 'ගන් ෆයිට් ඇට් ඕ.කේ. කොරල්',(1957), 'ද ඕල්ඩ් මෑන් ඇන්ඩ් ද සී (1958), 'ලාස්ට් ට්‍රේන් ෆ්‍රොම් ගන් හිල්' (1959), 'ද මැග්නිෆිෂන්ට් සෙවන්' (1960), 'සර්ජියන්ට්ස් 3', (1962), 'ද ග්‍රේට් එස්කේප්' (1965), 'ද සැටන් බග්', 'හවර් ඔෆ් ද ගන්' (1967), 'අයිස් ස්ටෙෂන් සීබ්‍රා' (1968), 'මැරූන්ඩ්',(1969), 'ජෝ කිඩ්' (1972), ' චිනෝ'(1973) 'මැකියු (1974), හා 'ද ඊගල්ස් හෑස් ලෑන්ඩඩ්' (1976) ය. ඒවා ලංකාවේ ද ප්‍රදර්ශනය කර තිබුණි.

1955 දී තිරගත කළ 'බෑඩ් ඩේ ඇට් බ්ලැක් රොක්' චිත්‍රපටය අධ්‍යක්ෂණය වෙනුවෙන් ඔහු ඇමරිකානු ඇකඩමි සම්මානය සඳහා හොඳම අධ්‍යක්ෂ වෙනුවෙන් නිර්දේශ වූ අතර, ජපානයේ බ්ලූ රිබන් සම්මානය ඔහුට හොඳම අධ්‍යක්ෂණය සදහා හිමිවූයේ 'ද ඕල්ඩ් මෑන් ඇන්ඩ් ද සී' වෙනුවෙනි.

'ද ග්‍රේට් එස්කේප්' චිත්‍රපටය නිෂ්පාදනය කරමින් අධ්‍යක්ෂණය කිරීමට ජෝන් ස්ටර්ජර්ස් තීරණය කළ අතර, ඔහු එහී තිර රචනය ලිවීමට භාර කළේ ජේම්ස් ක්ලාවල්, හා ඩබ්ලිව්.ආර්. බර්නට් ටය. ක්ලාවල්, 1921 ඔක්තෝබර් 10 වන දින උපත ලැබුවේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේය. එහෙත් ඔහුගේ පුරවැසිකම තිබුණේ බ්‍රිතාන්‍යයේ හා ඇමරිකාවේ ය. ඔහුගේ වෘත්තිය ලෙස ලේඛකයෙකු, තිර රචකයකු හා අධ්‍යක්ෂක භූමිකාවන් සඳහන් වූ අතර, නවකථා කරුවෙකු ලෙස ඔහු 'කිං රැට්' , 'තායිපෑන්' වැනි පොත් ලිවීය. 'කිං රැට්', 1965 දී බ්‍රයන් ෆෝබ්ස් විසින් චිත්‍රපටයකට නංවා තිරගත කළේය. එහී ජෝර්ජ් සීගල්, ජෝන් මීල්ස්, පැට්‍රික් ඕ නීල්, යන නළුවන් රඟපෑහ. ඔහුගේ 'තායි පෑන්' ද, ඩැරල් ඩියුක් ගේ අධ්‍යක්ෂණයෙන් චිත්‍රපට ගත කර, 1986 වසරේ තිරගත විය. එහී බ්‍රයන් බ්‍රවුන්, හා ජෝන් ස්ටැන්ටන් ප්‍රධාන චරිත රඟපෑහ. 'ෂෝ ගන්', 'නෝබල් හවුස්', 'වියල් වින්ඩ්', හා 'ගයි ජින්' ඔහු ලියූ අනෙක් නවකථාවන් ය. කර්ට් නිව්මාන් අධ්‍යක්ෂණය කළ, 1958 වසරේ තිරගක කළ 'ද ෆ්ලයි' චිත්‍රපටයේ තිරනාටකය ලියූ ජේම්ස් ක්ලාවෙල්, 1967 වර්ෂයේ තිරගත කළ, සිඩ්නි පොයිටියර්ගේ විශිෂ්ට රඟපෑම් රැගත් චිත්‍රපටයක් වන 'ටූ සර් විත් ලව්' හී තිරනාටකය ලියා, නිෂ්පාදනය කරමින්, අධ්‍යක්ෂණය කළේය.

'ද ග්‍රේට් එස්කේප්' චිත්‍රපටයේ ජේම්ස්

ක්ලාවල් සමඟ තිරනාටකය ලිවීමට හවුල් වූ ඩබ්ලියූ. ආර්. බර්නෙට් ඇමරිකන් ජාතික ලේඛකයෙකි. ඔහු 1942 වර්ෂය තුළ ලියූ 'වේක් අයිලන්ඩ්' තිරනාටකයට ඔහු හොඳම තිර නාටක රචකයා ලෙස ඇකඩමි සම්මානයට නිර්දේශ විය.

වර්ෂ 1942 දී තුන්වන රයික් විසින් කර්නල් වොන් ලූගර්ගේ අණ යටතේ වහල් භාවයෙන් මිදී සිටින මිත්‍ර හමුදා සිරකරුවන් නව කඳවුරකට ගෙන යන ලදී. කර්නල් වොන් ලූගර් , බ්‍රිතාන්‍ය ගෲප් කපිතාන් රැම්සිට තරයේම කියා සිටියේ පැන යන ඕනෑම සිර කරුවෙකුට වෙඩි තබන ලෙසටය. කෙසේ වෙතත් බොහෝ සිරකරුවන් පැමිණි වහාම උත්සහා කළේ පැන යාමටය. එහෙත් ඔවුන්ට ආරක්ෂිත වැටෙන් එගොඩ වීම ට කිසිසේත්ම කළ හැකි නොවීය.

චිත්‍රපටය ආරම්භවනුයේ සිරකරුවන්ව ට්‍රක් රථ වල නංවාගෙන ආරක්ෂිතව අලුත් කඳවුරට යන දර්ශනයෙනි. නාමවලිය යන්නේද ඒ අතරේදීය. එතන සිරකරුවන් සියයක් පමණ, ඇතැම් විට ඊට වැඩි ප්‍රමාණයක් විය. මෙතැන ඇමරිකානුවන් තිදෙනෙක් සිටි අතර, කපිතාන් වරයෙකු වී සිටි වර්ජිල් හිල්ට්ස්, ගුවන් නියමු ලුතිනන් බොබ් හෙන්ඩ්ලි, සහ බලගණ නායක රොජර් බාර්ට්ලට් එම තිදෙනාය.

චිත්‍රපටයේ චරිත ගණනාවක් තිබුණද, එම චරිත වලට ප්‍රබල නළුවන් යෙදවුවද, මෙහී මුඛ්‍ය චරිතය වූ කපිතාන් වර්ජිල් හිල්ස්, කැපී පෙනෙන්නට විය. මුල් ජවනිකා කීපයෙන්ම ඔහු දඬුවමකට අසුවී අඳුරු කාමරයක සිර වෙන්නට සිදුවේ. ඒ ආරක්ෂක හමුදා සෙබළ කුලුනු දෙකට මැදින් ඇති රහස් පෙදෙසක් (ඕතඪදඤ ඉනධබ) සොයන අවස්ථාවේදී ඔහුව අසුවූ නිසාය. අසුවූවාට පසු ඔහු සෙබළුන් සමඟ තර්ක කරන්නට යෑමේදී ඇතිවූ ප්‍රතිපලයක් ලෙසටය ඔහුව අඳුරු කාමරයකට තල්ලු වූයේ. එයට ඔහුගේ මිතුරු රාජකීය හමුදා ගුවන් භටයෙකු වූ අයිවිස් ද අහු විය. ඔවුන් දෙදෙනා දෙපැති අඳුරු කාමර තුළ හිර කර තැබීය.

මෙම සිරකරුවන් කඳවුරට ගෙනවිත් තිබුනේ ඔවුන් ලවා අධි ආරක්ෂිත සිර කඳවුරක් තැනීමටය. එයට හේතුව වී තිබුණේ දෙවන මහා ලෝක යුද්ධයේදී ජර්මානුවන් විසින් අල්ලා ගත් යුද සිරකරුවන්, රඳවා තබා ගැන්මට සුදුසු කඳවුරක් නොමැති වූ නිසාය. බොහෝ සිර කරුවන් එම කඳවුරුවලින් පැන ගොස් නැවත යුද්ධයට එකතු වීම වළක්වා ලන්නට, යුධ සිර කරුවන් ලවාම, අධි ආරක්ෂිත සිර කඳවුර තැනීමටය ජර්මානුවන් උත්සහ කළේ.

යුද සිරකරුවන් මෙම කඳවුරට ගෙන ආ මොහොතේ පටන්ම ඔවුන් බොහෝ දෙනෙක් උත්සහ කළේ පෙර කඳවුරුවල සිට පැනයාමට උත්සහ කළාක් මෙන් මෙතනිනුත් පැන යාමටය. ඔවුනට එසේ පැන යාමට උවමනා වී තිබුණේ නැවත නිවෙස්වලට යාමට නොව, යුද මානසීකත්වයෙන් සිටි ඔවුනට නැවත නැවතත් යුද්ධයට එකතු වී සටන් කරන්නටය.

බලගණ නායක රොජර් බාර්ට්ලට් 'ද ග්‍රේට් එස්කේප්' චිත්‍රපටය තුළ ප්‍රධාන භූමිකාවක් විය. ඔහු මින් පෙර සිටි කඳවුරේද, 'පැන යාමේ සැලසුම් කමිටුවේ (ඡ්ඵජචනඥ ර්‍ථතචදදඪදඨ ඛ්ධථථඪබබඥඥ) ප්‍රධානියා ලෙස සිටියේය. ඔවුන් ඒ කමිටුව නම් කළේ ' ද එක්ස් ඕර්ගනයිසේෂන්ස්' නමිනි. මෙම කඳවුරේද ඔවුන් ඒ 'ද එක්ස් ඔර්ගනයිසේෂන්ස්' කමිටුව පිහිටා ගැන්මට උවමනා වූ අතර එය රොජර් බාර්ට්ලට් ගේ නායකත්වයෙන් පිහිටුවන්නට විය. ඔහු තර්ක කළේ මිත්‍ර හමුදාවන්ට උදව් කිරීමට හොඳම ක්‍රමය නම්, ජර්මානුවන්ට සැලකිය යුතු මිනිස් බලයක් පෙරමුණෙන් ඉවතට හරවා යැවීමට බල කරමින් එකවර මිනිසුන් 250 ක් බෙදා වෙන් කිරීම බවය.

යුද සිරකරු සෙබළුන් රහසින් උමං තුනක වැඩ කරන්නට පටන් ගතී. ඒවා 'ටොම්', 'ඩික්', හා 'හැරී',ලෙස නම් කර තිබුණි. සෑම හමුදා සිරකරුවෙක්ම ⁣පැන යාමේ සැලසුම් කමිටුව වූ 'ද එක්ස් ඕර්ගනයිසන්' පිහිටුවා ගැන්ම අනුමත කළ අතර, ඔවුන් හැම කෙනෙක්ම සැලැස්මට යමක් ගෙන එන්නට විය. 'හෙන්ඩ්ලි' කළු වෙළදපොළේ (ඕතචජඬ ර්චපඬඥබ), අත්‍යාවශ්‍ය වස්තූන් සුරක්ෂිත කරන අතර, ප්‍රවීණ ව්‍යාජකරුවෙකු (ජ්ධපඨඥප) වන 'බ්ලයිත්' සමඟ බැඳීමක් ඇති කර ගනීයි. 'සෙඩ්විග්' වායූ සීනු සාදන අතර, 'වෙලින්ස්කි',සහ 'ඩික්ස්', කැණීම් අධීක්ෂණය කරයි. 'ග්‍රිෆිත්' සිවිල් වෙස් ගන්වයි. 'කැවෙන්ඩිෂ්'ගේ නායකත්වයෙන් යුත් ගායන කණ්ඩායමක් විසින් කැණීම් ශබ්ද වසං කරන්නට වූ අතර, ඔහු උමං මාර්ගද, සමීක්ෂණය කරයි. රහසින් තැනෙන මේ උමං තුන පාලනය කළේ රොජර් බාර්ට්ලට් ය.

පැනයාමේ සැලසුම තුලදී හිල්ට්ස් ගේ තිබුණේ වෙනත් සැලැස්මකි. ඔහුගේ සැලැස්මට අනුව වැට පැනීමට නම් ඔහු සොයා ගත් තැන එනම් දෙපැත්තේ ආරක්ෂක භටයන් සිටින කුලුනු මැදින් ඇති රහස් ස්ථානය භාවිතා කිරීමටය. 'බාර්ට්ලට්' කියනුයේ පැනයාමට ප්‍රථම එම සැලැස්ම වල සිතියම් ඇඳීය යුතු බවය. එහෙයින් ඔහු හිල්ට්ස් ට කීවෙි 'එක්ස් සංවිධානය ට උදව් කරන ලෙසටය. එහෙත් හිල්ට්ස් එය ප්‍රතික්ෂේප කළේය.

රහස් උමං හෑරීම තරඟයකට මෙන් කළ අතර, 'ටොම්' උමග අවසන් වීමට ආසන්න විය. 'ඩික්' සහ 'හැරී' යනුවෙන් හැඳීන්වූ උමං ද, හාරා අවසන් වූ හෙයින්, බාර්ට්ලට් විසින් එය නියමිත පැන යන දිනයට පරිහරණය කරන තෙක් ඒවා මුද්‍රා තැබීය. 

කෙතරම් රහසිගතව මෙම උමං තැනීමේ කටයුතු කළද, ජර්මන් හමුදා සෙබළුන් විසින් 'ටොම්' යන නමින් හෑරූ උමග සොයා ගත්හ. එයින් පැන යාමේ බලාපොරොත්තුව සුන් වී ගියා යයි සිතා 'අයිව්ස්' කටු කම්බි වැට දිගේ පැන යාමට උත්සහ කරන විට, එය ජර්මානුවන් ට අසුවී කටු කම්බි වැටේ එල්ලී සිටිද්දීම වෙඩි තබා මරා දැමීය. තම හිතේශීය මිත්‍රයා වූ අයිව්ස් ගේ මරණය ගැන දැඩි ලෙස කම්පා වූ හිල්ට්ස් , බාර්ට්ලට් ගෙන ආ සැලසුම් යෝජනාවට එක්වන්නට කැමත්ත දුනී.

පලා යාම ක්‍රියාත්මක විය. 'ටොම්' උමග ට වඩා 'හැරි' උමග සව්මත් බව බාර්ට්ල⁣ට් සොයා ගනී. 'ටොම්' උමගේ කඩා වැටීමක් පෙන්විය. වෙලින්ස්කිට, කිසියම් අස්ථීර බවක් දැනුණා. සැලසුමේ කිසියම් කඩා වැටීමක් වැනි දෙයක්. ඔහු ඩික්ස්ට කීවේ ඔහු ' ක්ලවුස්ට්‍රෝබි' තත්වයක සිටින බවකි (ක්ලවුස්ට්‍රෝබි යනු කුඩා තැනකින් රිංගා යාමේ බියක්, තැතිගැම්මක්, හදවත් ගැස්මක්, අසාමාන්‍ය ලෙස දහදිය දැමීමක්,ය). ඔහු උමගෙන් නොගොස් වැටෙන් පිට යාමට උත්සහ කළ අතර, ඩික්ස් ඔහුව සන්සුන් කර වළක්වා ගත්තේ, වැටෙන් පනින්නට ගොස් ඔවුනගේ හිතේශීය මිතුරු අයිවිස් වෙඩි කා අන්දම සිහිපත් කරවමිනි. 'බ්ලයිත්' ට තම ඇස් වල ආබාධයක් ඇති බව දැනුණි. එය 'මයොපියා' නම් රෝගය එනම් 'අවිදුර දෘෂ්ඨිකත්වය' හෙවත් දුර නොපෙනීම ඇති බව නිගමනයයි. එහෙයින් මෙම පලා යෑමට ඔහුට එකඟ වීමේ අනිසි බියක් තිබුණද, 'හෙන්ඩ්ලි' කීවේ තමා ඔහුගේ දෑස් දෙක වී ඔහුව රැගෙන යන බවක්ය.

රාත්‍රියේ ඔවුහු පැන යාම ආරම්භ කළහ. එහෙත් ඔවුන්ගේ සැලැස්මේ තිබූ අන්තයට වඩා අඩි 20 ක් අඩු බවක් ඔවුන්ට ප්‍රායෝගීකව දැනුණි. හිල්ට්ස් සංඥාවක් ලෙස කඹයක් මත කඹයක් භාවිතා කළේය පැනයාමේ අවසන් තප්පර කීපයේදී , අහඹු ගුවන් ප්‍රහාරයක් නිසා (එය ඔවුන් ඉලක්කය කර කෙරූ දෙයක් නොව) 'කැවෙන්ඩිෂ්' ව ලිස්සා වැටුණි. ඔහු නැගූ ඝෝෂාව මුර භටයන්ට දැනෙන්ට පෙර ඔවුන් තම පැනයාමේ ඉලක්කය සම්පූර්ණ කර ගතී.

මහා පලායමට හවුල් වූවන්ගෙන් 76 දෙනෙක් යුරෝපයට පලා ගියහ. වෙලින්ස්කි හා ඩික්ස් වරායකට ගොස් ස්වීඩිනය බලා යන නැවකට ගොඩ විය. සෙඩ්ග්වික් ප්‍රංශයට යයි, එතැනින් ඔහු ස්පාඤ්ඤ බලා ගියේය. කැවෙන්ඩිෂ් ට්‍රක් රථයකට නැග ගත්තද, රියදුරු විසින් තම රථය හරවා නැවත කඳවුරට ගෙන ගොස් දැමීය. හිල්ට්ස්, යතුරු පැදියක් සොරකම් කර, එහී නැගී ජර්මානු- ස්විස් දේශ සීමාව දෙසට ගමන් කරන්නට විය. ඔහු පසු පස ජර්මන් සොල්දාදුවන් ලුහු බඳීන්නට වූ අතර, හිල්ට්ස්, කටු කම්බි සහිතව තිබූ බාධක මැදින් තම යතුරු පැදිය එලවන්නට විය. නමුත් හමුදාභටයන් ඔහුගේ යතුරු පැදියට එක දිගට වෙඩි තබන්නට වූ අතර, ඔහුව අර කටු කම්බිවල පැටලෙන්නට විය. එහෙයින් හමුදා භටයන්ට හිල්ට්ස් ව අල්ලා ගැන්මට හැකි විය.

හෙන්ඩ්ලි හා බ්ලිත් ස්විට්සර්ලන්තයට පියාසර කිරීම සඳහා 'ලුෆ්ට්වාෆේ' පුහුණු ගුවන් යානයක් සොරකම් කරයි. නමුත් ස්විට්සර්ලන්තය ට පැමිණීමට විනාඩි 20 කට පමණ පෙර, යානයේ එන්ජිම ක්‍රියා විරහිත වි ගුවන් යානය කඩා වැටෙන්නට විය. හමුදා භටයෝද ඔවුන් පසු පස එලවමින් වෙඩි තියන්නට වූ අතර, බ්ලයිත් ට වෙඩි වදින්නට විය. හෙන්ඩ්ලිව හමුදා භටයන් විසින් නැවත අල්ලා ගනු ලැබීය.

ජර්මන් හමුදා කඳවුරේ ආරක්ෂකයෙකු වූ 'කුන්', තම බලධාරින් සමඟ දුම්රිය අන්තයට එන ස්ථානය⁣ට ගියේ, පලා යන්නන්, දුම්රියෙන් බැස යන විට, දුම්රිය ස්ථානයේදී අල්ලා ගැනීමටය. බාර්ට්ලට් ව හඳුනා ගන්නට තැත් කෙරූ කුන්ව වෙඩි තබා මරා දැමීමට ඇෂ්ලි පිට් ට හැකි විය.

අසුවුණු බොහෝ යුද සිරකරුවන් නැවත ට්‍රක්වල පටවා ගතී. නැවත ඔවුන්ව කඳවුරට ගෙන යාම වෙනුවට, හිට්ලර් ගේ නියෝගය අනුව, ඔවුන්ව පිට්ටනියකට ගොස් වෙඩි තබා මරා දමනු ලැබීය. එතන 50 දෙනෙකු පමණ සිටි බවය වොන් ලූගර් , රැම්සිට කියනුයේ.

පලායාමේදී අසුවූ හිල්ට්ස්ව කඳවුරට ගෙනවිත් නැවතත් අර අඳුරු කුඩා කාමරයේ හිර කර තැබීය. ඔහු එතැන් සිට යළි මීළඟ පලා යාම ගැන සැලසුම් කරන්නට විය.

චිත්‍රපටයේ විශිෂ්ටත්වය රැඳී තිබුණේ රඟපෑම් තුළය. ඒ මහා පලායම ඔවුන්ට ප්‍රේක්ෂකයන් ට දනවන්නට එතරම් ආයාසයක් ගන්නට ඔවුන්ට සිදු නොවූයේ, ඔවුන් එතරම් විශිෂ්ට රඟපෑම් ඉදිරිපත් කළ නිසාය. 'ස්ටීව් මැක්කුවින්' (හිල්ට්ස්), 'ජේම්ස් ගානර්'('හෙන්ඩ්ලි'), 'රිචඩ් ඇටෙන්බොරොග්' (රොජර් බාර්ට්ලට්), 'ජේම්ස් ඩොනල්ඩ්' (රැම්සි), 'චාර්ල්ස් බ්‍රොන්සන්' (වෙලින්ස්කි), 'ඩොනල්ඩ් ප්ලීසන්ස්' (බ්ලිත්), 'ජේම්ස් කොබර්න්' ( සෙඩ්ග්විග්), ⁣'ඩේවිඩ් මැක්කැලම්' (ඇෂ්ලි පිට්), 'ගෝර්ඩන් ජැක්සන්',(මැක්ඩොනල්ඩ්), 'ජෝන් ලෙයිටන්' (ඩික්ස්), 'ඇන්ගස් ලෙනී' (අයිවිස්), 'නයිගල් ස්ටොක්' (කැවෙන්ඩිශ්), වැනි නළුවන් එකී චරිත වල ජීවත් වී සිටියහ.

'ද ග්‍රේට් එස්කේප්' ඇස්තමේන්තුව වූයේ ඇමරිකානු ඩොලර් මිලියන 4 කි. එහෙත් එහී බොක්ස් ඔෆිස් ඉපැයුම වූයේ ඇමරිකානු ඩොලර් මිලියන 11.7 ක් විය. එය 1963 වර්ෂයේදී ඉහළම ආදායමක් ලද චිත්‍රපටයක් සේ සැලකීය. මෙම චිත්‍රපටය 3 වන මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට තරඟයට ඉදිරිපත් වූ අතර, එහිදී ස්ටීව් මැක්කුවින්ට, හොඳම නළුවාට හිමි රිදී සම්මානය හිමි විය.

එම වසරේ ඇමරිකානු ඇකඩමි සම්මාන උලෙළේදී හොඳම සංස්කරණ ශිල්පියා ලෙස 'ෆෙරිස් වෙබ්ස්ටර්', 'ද ග්‍රේට් එස්කේප්' චිත්‍රපටය වෙනුවෙන් නිර්දේශ විය. මෙය ඇමරිකානු ජාතික විචාරක සභාව විසින් 1963 අවුරුද්දේ හොඳම චිත්‍රපට 10 අතරට තේරීය. එලෙසම ලොව හොඳම ත්‍රාසජනක චිත්‍රපට 100 අතරේ 19 වන ස්ථානයට පත් විය.

මෙය සත්‍ය කථාවක් පසුබිම් කරගෙන ලියූ බවක්ය, මෙම නවකථාව ලියූ පෝල් බ්‍රික්හිල් පැවසුවේ. ඔහු දෙවන මහා ලෝක යුද්ධයෙදී යුධ සිරකරුවෙකු වී සිටි කාලයේ සිදුවූ අත්දැකීමක් මුල් කරගෙන මෙම කථාව ලේඛන ගත කළ බවක් ඔහු සඳහන් කර ඇත. එය සනාථ වනුයේ 2014 වර්ෂයේ මාර්තු මස 24 වන දින මෙම පලා ගිය හා යෑමට තැත් කළ අයගේ 70 වෙනි සංවස්තරය රාජකීය හමුදා මූලස්ථානයේදී පැවැත්වීමෙනි. එහිදී එම අවස්ථාවේ සේවයේ නියුතු වූ හමුදා සෙබළුන් කර, එසේ පැන යාමට තැත් කර පසුව හිට්ලර්ගේ අනින් වෙඩි තබා ඝාතනය කළ සත්‍ය යුද සෙබළ සිරකරුවන් 50 දෙනෙකුගේ ඡායාරූප ⁣ තම අත්වල තබා ගෙන ප්‍රදර්ශන කළහ. 2019 මාර්තු 24 වන දිනද, ගුවන් හමුදා මූලස්ථානය නැවතත් මෙය සැමරීය. ඒ 75 වන සංවත්සරය ය. එදින විශේෂත්වයක් වූයේ 'ද ග්‍රේට් එස්කේප්' චිත්‍රපටය යළි ප්‍රදර්ශනය කිරීමය.

1988 වර්ෂයේදී මෙය රූපවාහිනි චිත්‍රපටයක් ලෙස නිර්මාණය විය. එය පෝල් වෙන්ඩ්කොස්, හා ජුඩ් ටේලර් විසින් අධ්‍යක්ෂණය කළහ. ක්‍රිස්ටෝෆර් රීව් යන නළුවා ස්ටීව් මැක්කුවින් ගේ චරිතයට පණ පෙවීය. මෙය නම් කර තිබුණේ 'ද ග්‍රේට් එස්කේප් 2- ද අන්ටෝල්ඩ් ස්ටෝරි' ලෙසටය. මෙම රූපවාහිනි චිත්‍රපටය මුල් චිත්‍රපටයේ තේමාව පමණක් ගෙන, එයට වෙනත් වෙනත් සිදුවීම් නිර්මාණයට ගැළපෙන සේ එකතු කර තිබුණි. එලෙසම තව තවත් අලුත් චරිත ද මෙයට සම්බන්ධ කර තිබුණි. පැරණි චිත්‍රපටයේ රඟ පෑ 'ඩොනල්ඩ් ප්ලීසන්ස්' පමණක් මෙම ටෙලි වෘත්තාන්තයේ රඟපා තිබුණු අතර, චිත්‍රපටයේ නොමැති චරිතයක් වූ ඩොක්ටර් ඇබ්සැලෝන් නම් චරිතයය ඔහුට ලැබී තිබුණේ.

'ද ග්‍රේට් එස්කේප්' ලංකාව තුළද ප්‍රදර්ශනය කර ඉමහත් ජනප්‍රසාදයක් දිනා ගත් චිත්‍රපටයක් විය. පරන වීඩියෝ සාප්පූ පීරා මෙම චිත්‍රපටය සොයා ගැනීම හැරෙන්නට 'හිට්' ටී වී වැනි නාළිකා තුළින් මෙම චිත්‍රපටය නැරඹීමට හැකි වේවී. අන්තර්ජාලයේ නම් මෙම චිත්‍රපටයේ සම්පූර්ණව සොයා ගැනීමට නොහැකිය. කෙසේ හෝ මෙය නැවත නැවතත් නැරඹිය යුතු 'මැජික්' එකකි. ඒ ඒතරම්ම ආකර්ෂණීය ත්‍රසජනක චිත්‍රපටයක් නිසාත් තාක්ෂණයෙන් තොරව, ස්වභාවික රංගන රීති මතම නිර්මාණය වී තිබූ නිසා 'ද ග්‍රේට් එස්කේප්' නැරඹීමෙන් උපරිම වින්දනයක් ලබා ගත හැකි බවට නම් කිසිදු සැකයක් නොමැත.