‘මිස් ජෙනිස්’ පර්ත් නුවරට එයි

ජුනි 10, 2021

අභාවප්‍රාප්ත රංගනවේදී ආචාර්ය ජයලත් මනෝරත්න ප්‍රධාන චරිතය රඟපෑ මිස් ජෙනිස් චිත්‍රපටය මේ මස 13 වැනි දින ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර ඛ්චඨදඥබ ට්පචදඤ සිනමා ශාලාවේ ප්‍රදර්ශනය වීමට නියමිතය. සුසිරන් ද සිල්වා අධ්‍යක්ෂණය කරන ලද මෙහි දුලීකා මාරපන, උදාරි පෙරේරා, රොෂාන් රණවන, ගිරිරාජ් කෞශල්‍ය, කුමාර තිරිමාදුර, මාධනී මල්වත්තගේ ආදින් සෙසු චරිත නිරූපණයට දායක වෙති. වෝල්ටර් අබේසුන්දර නිෂ්පාදනය කළ මිස් ජෙනිස් චිත්‍රපටයේ මේ සිනමා දැක්ම ඕස්ට්‍රේලියාවේ සංවිධානය කරනුයේ 'රිද්මා ෆවුන්ඩේෂන්' මඟින්ය. නිහාල් සංජය එහි සම්බන්ධීකරණ කටයුතු මහෙයවයි.