වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
අපේ කථානාද ඉතිහාසයේ හොඳම චිත්‍රපට

10 මොනවාද?සිංහල කතානාද සිනමාවට එළඹෙන ජනාවරි මස 21 වැනිදාට වසර හැත්තෑ පහකි. එනම් දියමන්ති ජුබිලියයි. ශ්‍රී ලංකාවේ ජාතික කලා පුවත්පත ලෙස සරසවිය අපේ කාර්යභාර්ය ඉටු කරමින් හෙළ සිනමාවේ වජ්‍ර ජයන්තිය වෙනුවෙන් විශේෂාංගයක් පළ කිරීමට තීරණය කළෙමු. එනම් කඩවුණු පොරොන්දුවේ සිට මේ දක්වා මෙරට කතානාද සිනමාවේ තිරගත වුණු සිනමාපට අතරින් හොඳම සිනමාපට 10 පිළිබඳව සිනමාවේ දැවැන්තයන්ගෙන් මත විමසීමක් කිරීමට තීරණය කළෙමු. මෙම මත විමසීම සඳහා විශේෂ තෝරාගැනීමක් යටතේ සිනමා අධ්‍යක්ෂවරුන්, සිනමා විචාරකයන් සහ සිනමා පුවත්පත්කලාවේදීන් ඇතුළත් වේ. බ්‍රිතාන්‍ය සිනමා ආයතනය (ඕජ්ධ්) "ඉඪඨඩබ ) ඉධභදඤ" සඟරාව මඟින් ලොව හොඳම චිත්‍රපට තෝරන සම්මත ක්‍රමවේදය මෙයයි. මෙහිදී දැනට ජීවතුන් අතර සිටින චිත්‍රපට තුනක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරුන් හෝ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් හොඳම චිත්‍රපටයට සම්මාන දිනා ඇති අධ්‍යක්ෂවරුන් මෙම මත විමසීමට ඇතුළත් වන අතර සම්මත සිනමා විචාරකයන් සහ වෘත්තිමය සිනමා පුවත්පත්කලාවේදීන්ද මෙම මත විමසීමට ඇතුළත් වේ. මෙම මත විමසීම සඳහා අධ්‍යක්ෂවරුන් චිත්‍රපට අධ්‍යක්ෂණය කර ඇති ජ්‍යෙෂ්ඨත්වයේ අනුපිළිවෙළ යටතේ සම්බන්ධ කර ගැනේ.
පරාක්‍රම
නිරිඇල්ලසෙක්කුව නාට්‍යය නිර්මාණය කරමින් වේදිකාවේ පෙරළියක් කළ පරාක්‍රම නිරිඇල්ල මෙරට ටෙලිනාට්‍ය කලාවක් බවට පත් කිරීමට පුරෝගාමී මෙහෙවරක් කළ නිර්මාණකරුවා වේ. ඔහු නිර්මාණය කළ පළමු චිත්‍රපටයම හොඳම චිත්‍රපටයට හිමි සරසවිය සම්මානය දිනාගත්තේය. ඒ සිරිමැදුර චිත්‍රපටයයි. පසුව ඔහු "අයෝමා" චිත්‍රපටය ද නිර්මාණය කළේය.
1. නිධානය - ලෙස්ටර් ජේම්ස් පීරිස්
2. බඹරු ඇවිත් - ධර්මසේන පතිරාජ
3. අහස් ගව්ව - ධර්මසේන පතිරාජ
4. සත්සමුදුර - සිරි ගුණසිංහ
5. නිම්වළල්ල - රංජිත් ලාල්
6. හංසවිලක් - ධර්මසිරි බණ්ඩාරනායක
7. ආකාස කුසුම් - ප්‍රසන්න විතානගේ
8. පුරහඳ කළුවර - ප්‍රසන්න විතානගේ
9. පළගැටියෝ - වසන්ත ඔබේසේකර
10. සුළඟ එනු පිණිස - විමුක්ති ජයසුන්දර
සෝමපාල ලීලානන්ද
හැත්තෑව දශකයේ චිරාගත ජනප්‍රිය සිනමා සම්ප්‍රදාය බිහිකළ තිර නාටක රචකයා වූ සෝමපාල ලීලානන්ද ජනප්‍රිය චිත්‍රපට රාශියක තිරනාටක රචකයෙක් සේම ගීත රචකයෙක් විය. පුවත්පත් කලාවේදියකු ලෙස වෘත්තිය ජීවිතය ඇරඹි ඔහු තිරනාටක රචකයකු ලෙස නිල්ල සොයා, චණ්ඩි පුතා, චංචල රේඛා, කස්තුරි සුවඳ වැනි තිරනාටක රාශියක් රචනා කළේය.
1. කැලෑහඳ - බී.ඒ.ඩබ්ලිව්.ජයමාන්න
2. පොඩි පුතා - සිරිසේන විමලවීර
3. රේඛාව - ලෙස්ටර් ජේම්ස් පීරිස්
4. සන්දේශය - ලෙස්ටර් ජේම්ස් පීරිස්
5. රන්මුතුදූව - මයික් විල්සන්
6. ගම්පෙරළිය - ලෙස්ටර් ජේම්ස් පීරිස්
7. පරසතුමල් - ගාමිණී ෆොන්සේකා
8. හුලවාලී - ඩබ්ලිව්. ඒ. බී. ද සිල්වා
9. හඳයා - ටයිටස් තොටවත්ත
10. විරාගය - තිස්ස අබේසේකර
සැම්සන් කුමාරගේ
අනූව දශකයේ සිනමා අධ්‍යක්ෂණයට පිවිසුණු සැම්සන් කුමාරගේ ටෙලිනාට්‍ය ටෙලිනාට්‍යය අධ්‍යක්ෂවරයෙකු ලෙසද ජනප්‍රියය. ජයග්‍රහණය, සුදු වලස්සු, අකුණු පහර, අළු යට ගිනි යන චිත්‍රපට ඔහු විසින් අධ්‍යක්ෂණය කර ඇත.
1. පරසතු මල් - ගාමිණී ෆොන්සේකා
2. දඩයම - වසන්ත ඔබේසේකර
3. සුද්දිලාගේ කතාව - ධර්මසිරි බණ්ඩාරනායක
4. ගම්පෙරළිය - ලෙස්ටර් ජේම්ස් පීරිස්
5. හන්තානේ කතාව - සුගතපාල සෙනරත් යාපා
6. ගඟ අද්දර - සුමිත්‍රා පීරිස්
7. අපේක්ෂා - එච්.ඩී. ප්‍රේමරත්න
8. සරුංගලේ - සුනිල් ආරියරත්න
9. මඩොල්දූව - ලෙස්ටර් ජේම්ස් පීරිස්
10. අළු යට ගිනි - සැම්සන් කුමාරගේ
බූඩි කීර්තිසේන
ඇමරිකාවේදී සිනමාව හදාරා මෙරට සිනමාවේ 90 දශකයේ තාරුණ්‍යය නියෝජනය කරමින් බූඩී කීර්තිසේන සිනමා අධ්‍යක්ෂණයට පිවිසුණේය. ඔහුගේ පළමු චිත්‍රපටය සිහින දේශයෙන් වන අතර මිල්ලෙ සොයා, මාතා, නිම්නයක හුදෙකලාව, ඒඤමඥදබභපඥඵ ධට අධජඬර ච්ඥඥද"යන චිත්‍රපට නිර්මාණය කර ඇත. මේ අතරින් ඔහුගේ මිල්ලෙ සොයා චිත්‍රපටයට හොඳම අධ්‍යක්ෂණයට හිමි සරසවිය සම්මානය හිමිවුණු අතර එය ඔහුගේ වඩාත් ජනප්‍රිය චිත්‍රපටයයි.
1. නිධානය - ලෙස්ටර් ජේම්ස් පීරිස්
2. සුළඟ එනු පිණිස - විමුක්ති ජයසුන්දර
3. හෙවණැලි ඇද මිනිස්සු - පරාක්‍රම ද සිල්වා
4. හතර දෙනාම සූරයෝ - නීල් රූපසිංහ
5. තුන්වෙනි යාමය - ධර්මසිරි බණ්ඩාරනායක
6. වල්මත්වූවෝ - වසන්ත ඔබේසේකර
7. පාරදිගේ - ධර්මසේන පතිරාජ
8. බඹරු ඇවිත් - ධර්මසේන පතිරාජ
9. වැලිකතර - ඩී.බී. නිහාල්සිංහ
10. අහස් ගව්ව - ධර්මසේන පතිරාජ
මොහාන් නියාස්
අනූව දාශකයේ නැඟී එන සිනමා අධ්‍යක්ෂවරයෙක් ලෙස ජනප්‍රිය වූ මොහාන් නියාස් මුලින්ම අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය තිරගත වූයේ නැත. එය "මළ දරුවෝ" නම් වේ. යසෝමා, සඳ යහනට, අනුරාගයේ අනන්තය, කළු සුදුමල්, එක මලක පෙති, අපි මැරෙන්නෙ නෑ යන චිත්‍රපට ඔහු විසින් අධ්‍යක්ෂණය කර ඇත. ජනප්‍රිය ටෙලිනාට්‍ය රැසක්ද ඔහු විසින් නිර්මාණය කර ඇත.
1. නිධානය - ලෙස්ටර් ජේම්ස් පීරිස්
2. පාර දිගේ - ධර්මසේන පතිරාජ
3. සුළඟ එනු පිණිස - විමුක්ති ජයසුන්දර
4. පුරහඳ කළුවර - ප්‍රසන්න විතානගේ
5. බඹරු ඇවිත් - ධර්මසේන පතිරාජ
6. විෂම භාග - ලලිත් රත්නායක
7. ගැහැනු ළමයි - සුමිත්‍රා ජේම්ස් පීරිස්
8. පවන රළු විය - රංජිත් කුරුප්පු
9. ඇගේ ඇස අග - අශෝක හඳගම
10. තන්හා රතී රගා - නිලේන්ද්‍ර දේශප්‍රිය
මේ සතියේ හොඳම චිත්‍රපටය ලෙස ලැබී ඇති වැඩි ඡන්ද ප්‍රමාණය මෙසේයි.
නිධානය - 03
බඹරු ඇවිත් - 03