අපේ කථානාද ඉතිහාසයේ හොඳම චිත්‍රපට 10 මොනවාද?

සිනමාකරුවන්ගේ මත විමසුමක්
නොවැම්බර් 4, 2021

 

තවමත් නිධානය ඉදිරියෙන්

දෙවැන්න පතිරාජට ද බණ්ඩාරනායකට ද?

 

සිංහල කතානාද සිනමාවට එළඹෙන ජනාවරි මස 21 වැනිදාට වසර හැත්තෑ පහකි. එනම් දියමන්ති ජුබිලියයි. ශ්‍රී ලංකාවේ ජාතික කලා පුවත්පත ලෙස සරසවිය අපේ කාර්යභාර්ය ඉටු කරමින් හෙළ සිනමාවේ වජ්‍ර ජයන්තිය වෙනුවෙන් මෙතැන් සිට විශේෂාංගයක් පළ කිරීමට තීරණය කළෙමු. එනම් කඩවුණු පොරොන්දුවේ සිට මේ දක්වා මෙරට කථානාද සිනමාවේ තිරගත වුණු සිනමාපට අතරින් හොඳම සිනමාපට 10 පිළිබඳව සිනමාවේ දැවැන්තයන්ගෙන් මත විමසීමක් කිරීමට තීරණය කළෙමු. මෙම මත විමසීම සඳහා විශේෂ තෝරාගැනීමක් යටතේ සිනමා අධ්‍යක්ෂවරුන්, සිනමා විචාරකයන් සහ සිනමා පුවත්පත්කලාවේදීන් ඇතුළත් වේ. බ්‍රිතාන්‍ය සිනමා ආයතනය (ඕජ්ධ්) "ඉඪඨඩබ ) ඉධභදඤ" සඟරාව මඟින් ලොව හොඳම චිත්‍රපට තෝරන සම්මත ක්‍රමවේදය මෙයයි. මෙහිදී දැනට ජීවතුන් අතර සිටින චිත්‍රපට තුනක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරුන් හෝ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් හොඳම චිත්‍රපටයට සම්මාන දිනා ඇති අධ්‍යක්ෂවරුන් මෙම මත විමසීමට ඇතුළත් වන අතර සම්මත සිනමා විචාරකයන් සහ වෘත්තිමය සිනමා පුවත්පත්කලාවේදීන්ද මෙම මත විමසීමට ඇතුළත් වේ. මෙම මත විමසීම සඳහා අධ්‍යක්ෂවරුන් චිත්‍රපට අධ්‍යක්ෂණය කර ඇති ජ්‍යෙෂ්ඨත්වයේ අනුපිළිවෙළ යටතේ සම්බන්ධ කර ගැනේ.

 

අයි.එන්.හේවාවසම්

අයි.එන්. හේවාවසම් ප්‍රකටව සිටියේ මෙරට සිනමා ක්ෂේත්‍රයේ සහාය අධ්‍යක්ෂණය වෘත්තිමය තනතුරක් ලෙස ඉහළට එසවීමට කැපවීම් කළ සහාය අධ්‍යක්ෂවරයෙකු ලෙසයි. ඇතැම් සම්මානනීය චිත්‍රපට සම්මානනීය වීම පිටුපස සිටියේ අයි.එන්. හේවාවසම් යන සැඟවුණු අධ්‍යක්ෂවරයා බව සිනමා ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ රහසකි. අයි.එන්. හේවාවසම් අධ්‍යක්ෂණය කළ එකම චිත්‍රපටය "මීහරකා" වේ. එය ඕ.සී.අයි.සී. සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය ලෙස සම්මාන දිනාගත්තේය. "මීහරකා" බොහෝ චිත්‍රපට විචාරකයන්ගේ දැඩි අවධානයට ලක් වුණු චිත්‍රපටයකි. ඔහු අපූරු "සොල්දාදුවා" නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ අතර එහි වැඩකටයුතු අවසන් කළේ නැත.

 

1. නිධානය - ලෙස්ටර් ජේම්ස් පීරිස්

2. ගම්පෙරළිය - ලෙස්ටර් ජේම්ස් පීරිස්

3. සන්දේශය - ලෙස්ටර් ජේම්ස් පීරිස්

4. දෙලොවක් අතර - ලෙස්ටර් ජේම්ස් පීරිස්

5. වැලිකතර - ඩී.බී. නිහාල්සිංහ

6. සත්සමුදුර - සිරි ගුණසිංහ

7. පරසතුමල් - ගාමිණී ෆොන්සේකා

8. දඩයම - වසන්ත ඔබේසේකර

9. හංසවිලක් - ධර්මසිරි බණ්ඩාරනායක

10. හෝගාන පොකුණ - ඉන්දික ෆර්ඩිනෑන්ඩු

වී. ශිවදාසන්

වී. ශිවදාසන් සිනමා ක්ෂේත්‍රයේ මුලින්ම ජනප්‍රිය වූයේ අතිදක්ෂ සිනමා රසායනාගාර ශිල්පියෙකු හැටියටය. එකල විජය චිත්‍රාගරයේදී ඔහු අතින් නිර්මාණය වුණු කළු සුදු චිත්‍රපටවල රූප බලසම්පන්න වූ අතර එය කැමරා අධ්‍යක්ෂවරුන්ගේ සම්භාවනාවට පාත්‍ර විය. පසු කලෙක චිත්‍රපට නිෂ්පාදනයට සහ අධ්‍යක්ෂණයට පිවිසි වී. ශිවදාසන් වර්තමානයේ මෙරට සිංහල චිත්‍රපට නිර්මාණය කරන එකම දෙමළ ජාතිකයා වේ. එදත් චණ්ඩියා අදත් චණ්ඩියා, ඔක්කොම රජවරු, ඔබ මට විශ්වාසයි, දරුවනේ ඇතුළු චිත්‍රපට රැසක් ඔහු නිර්මාණය කර ඇත.

 

 

1. නිධානය - ලෙස්ටර් ජේම්ස් පීරිස්

2. බඹරු ඇවිත් - ධර්මසේන පතිරාජ

3. සුද්දිලාගේ කතාව -

ධර්මසිරි බණ්ඩාරනායක

4. ගඟ අද්දර - සුමිත්‍රා පීරිස්

5. දඩයම - වසන්ත ඔබේසේකර

6. හංසවිලක් - ධර්මසිරි බණ්ඩාරනායක

7. විරාගය - තිස්ස අබේසේකර

8. වැලිකතර - ඩී.බී. නිහාල්සිංහ

9. හුලවාලි - ඩබ්ලිව්.ඒ.බී. ද සිල්වා

10. චණ්ඩියා - ටයිටස් තොටවත්ත

සුදත් දේවප්‍රිය

අඹ යාළුවෝ ටෙලිනාට්‍යයෙන් මුළු රටම හඳුනාගත් සුදත් දේවප්‍රිය උඩුගංයාමය සහ තරණය යන චිත්‍රපට ද්වය අධ්‍යක්ෂණය කර ඇත. මේ අතරින් "උඩුගංයාමය" චිත්‍රපටය 2007 සරසවිය සම්මාන උලෙළේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය සහ හොඳම තිර පිටපතට හිමි සම්මානය දිනාගෙන ඇත. ඔහු වඩා ජනප්‍රිය ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු වුවත් ඔහු ඉතා දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු බව අධ්‍යක්ෂණය කළ චිත්‍රපටි ද්විත්වය ඔප්පු කර ඇත.

 

 

1. නිධානය - ලෙස්ටර් ජේම්ස් පීරිස්

2. විරාගය - තිස්ස අබේසේකර

3. බඹරු ඇවිත් - ධර්මසේන පතිරාජ

4. පාර දිගේ - ධර්මසේන පතිරාජ

5. හංසවිලක් - ධර්මසිරි බණ්ඩාරනායක

6. පළඟැටියෝ - වසන්ත ඔබේසේකර

7. පවුරු වළලු - ප්‍රසන්න විතානගේ

8. තනි තටුවෙන් පියාඹන්න - අශෝක හඳගම

9. මේ මගේ සඳයි - අශෝක හඳගම

10. මිල්ලෙ සොයා - විශ්වනාත් බුද්ධික කීර්තිසේන

 

 

 

උදයකාන්ත වර්ණසූරිය

 

වර්තමාන ජනාකර්ෂණීය සිනමාවේ ඉහළින්ම සිටින අධ්‍යක්ෂවරයා ලෙස සලකන උදයකාන්ත වර්ණසූරිය ක්ෂේත්‍රයට පැමිණියේ චිත්‍රකතා ශිල්පියෙකු හැටියටය. සරසවිය ඇතුළු පුවත්පත්වල චිත්‍ර කතා නිර්මාණය කළ උදයකාන්ත අනතුරුව ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ කීර්තිමත් අධ්‍යක්ෂවරයෙකු විය. ඔහු නිර්මාණය කළ චිත්‍රපට තරුණ පරපුර අතර අතිශය ජනප්‍රිය විය. වර්තමාන ජනාකර්ෂණීය සිනමාවේ දැවැන්තයා ලෙස සැලකෙන්නේ ඔහුය. ගිනි අවි සහ ගිනි කෙලි, බහුභාර්යා, රෝස වසන්තය, බහුබූතයෝ, යකඩ පිහාටු, ආසයි මන් පියාඹන්න, රන්කෙවිට, කොස්තාපල් පුන්‍යසෝම, ගින්දරී, මධුර චාරිකා ඇතුළු චිත්‍රපට රාශියක් ඔහු විසින් අධ්‍යක්ෂණය කර ඇත.

 

 

1. බඹරු ඇවිත් - ධර්මසේන පතිරාජ

2. නිධානය - ලෙස්ටර් ජේම්ස් පීරිස්

3. වැලිකතර - ඩී.බී. නිහාල්සිංහ

4. හාරලක්ෂෙ - ටයිටස් තොටවත්ත

5. පරසතුමල් - ගාමිණී ෆොන්සේකා

6. විරාගය - තිස්ස අබේසේකර

7. වල්මත්වූවෝ - වසන්ත ඔබේසේකර

8. ගම්පෙරළිය - ලෙස්ටර් ජේම්ස් පීරිස්

9. රන්දිය දහර - උදයකාන්ත වර්ණසූරිය

10. යකඩ පිහාටු - උදයකාන්ත වර්ණසූරිය

 

 

සුදේශ් වසන්ත පීරිස්

 

අනූව දශකයේ නැඟී එන සිනමා අධ්‍යක්ෂවරයෙක් ලෙස ජනප්‍රිය වූ මොහාන් නියාස් මුලින්ම අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය තිරගත වූයේ නැත. එය "මළ දරුවෝ" නම් වේ. යසෝමා, සඳ යහනට, අනුරාගයේ අනන්තය, කළු සුදුමල්, එක මලක පෙති, අපි මැරෙන්නෙ නෑ යන චිත්‍රපට ඔහු විසින් අධ්‍යක්ෂණය කර ඇත. ජනප්‍රිය ටෙලිනාට්‍ය රැසක්ද ඔහු විසින් නිර්මාණය කර ඇත.

 

 

1. සරුංගලේ - සුනිල් ආරියරත්න

2. හංසවිලක් - ධර්මසිරි බණ්ඩාරනායක

3. නිධානය - ලෙස්ටර් ජේම්ස් පීරිස්

4. කතුරු මුවාත් - කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා

5. බඹරු ඇවිත් - ධර්මසේන පතිරාජ

6. බැද්දෙගම - ලෙස්ටර් ජේම්ස් පීරිස්

7. මල්දෙණියේ සිමියොන් - ඩී.බී. නිහාල්සිංහ

8. ගාමණී - සරත් වීරසේකර

9. සූරිය අරණ - සෝමරත්න දිසානායක

10. සමනල සංධ්වනිය - ජයන්ත චන්ද්‍රසිරි

 

 

මේ සතියේ හොඳම චිත්‍රපටය ලෙස ලැබී ඇති වැඩි ඡන්ද ප්‍රමාණය මෙසේයි.

නිධානය - 05

හංසවිලක් - 03