වර්ෂ 2024 ක්වූ March 19 වැනිදා Tuesday
අපේ කථානාද ඉතිහාසයේ හොඳම චිත්‍රපට 10 මොනවාද?
සිංහල කතානාද සිනමාවට එළඹෙන ජනාවරි මස 21 වැනිදාට වසර හැත්තෑ පහකි. එනම් දියමන්ති ජුබිලියයි. ශ්‍රී ලංකාවේ ජාතික කලා පුවත්පත ලෙස සරසවිය අපේ කාර්යභාර්ය ඉටු කරමින් හෙළ සිනමාවේ වජ්ර ජයන්තිය වෙනුවෙන් මෙතැන් සිට විශේෂාංගයක් පළ කිරීමට තීරණය කළෙමු. එනම් කඩවුණු පොරොන්දුවේ සිට මේ දක්වා මෙරට කථානාද සිනමාවේ තිරගත වුණු සිනමාපට අතරින් හොඳම සිනමාපට 10 පිළිබඳව සිනමාවේ දැවැන්තයන්ගෙන් මත විමසීමක් කිරීමට තීරණය කළෙමු. මේ මත විමසීම සඳහා විශේෂ තෝරාගැනීමක් යටතේ සිනමා අධ්යක්ෂවරුන්, සිනමා විචාරකයන් සහ සිනමා පුවත්පත්කලාවේදීන් ඇතුළත් වේ. බ්‍රිතාන්‍ය සිනමා ආයතනය (BFI) "Sight & Sound" සඟරාව මඟින් ලොව හොඳම චිත්‍රපට තෝරන සම්මත ක්‍රමවේදය මෙයයි. මෙහිදී දැනට ජීවතුන් අතර සිටින චිත්‍රපට තුනක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් අධ්‍යක්ෂණය කළ අධ්යක්ෂවරුන් හෝ ජාතික සහ අන්තර්ජාතික වශයෙන් හොඳම චිත්‍රපටයට සම්මාන දිනා ඇති අධ්යක්ෂවරුන් මෙම මත විමසීමට ඇතුළත් වන අතර සම්මත සිනමා විචාරකයන් සහ වෘත්තිමය සිනමා පුවත්පත්කලාවේදීන්ද මෙම මත විමසීමට ඇතුළත් වේ. මෙම මත විමසීම සඳහා අධ්යක්ෂවරුන් චිත්‍රපට අධ්‍යක්ෂණය කර ඇති ජ්‍යෙෂ්ඨත්වයේ අනුපිළිවෙළ යටතේ සම්බන්ධ කර ගැනේ.
ප්‍රියන්ත කොළඹගේ
චිත්‍රපට අධ්යක්ෂවරයෙක්, නිෂ්පාදකයෙක් සහ තිරපිටපත් රචකයෙක් ලෙස ප්‍රියන්ත කොළඹගේ ප්රකටය. දක්ෂ ඡායාරූප ශිල්පියකු වන ඔහු සිනමා අධ්යක්ෂණයට පිවිසෙන්නේ දැහැන චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින්ය. පසුව විමුක්ති, අරුමෝසම් වැහි වැනි චිත්‍රපට නිර්මාණය කළ ඔහු වර්තමාන ජන ආකර්ෂණීය සිනමාවේ නව යුගයක් පෙරළමින් ආදරණීය කතාවක් චිත්‍රපටය නිර්මණය කළේය. පසුව දේදුනු ආකාසේ චිත්‍රපටයද ඔහු නිර්මාණය කළේය. ඔහු වර්තමාන දැන්වීම් ක්ෂේත්රයේ දැවැන්තයෙකි.
මෙවර ඡන්දය නූතන සිනමාකරුවන්ගෙන්
1. ගොළු හදවත - ලෙස්ටර් ජේම්ස් පීරිස්
2. හංසවිලක් - ධර්මසිරි බණ්ඩාරනායක
3. බඹරු ඇවිත් - ධර්මසේන පතිරාජ
4. තුන්වැනි යාමය - ධර්මසිරි බණ්ඩාරනායක
5. හන්තානේ කතාව - සුගතපාල සෙනරත් යාපා
6. ආදරණීය කතාවක් - ප්‍රියන්ත කොළඹගේ
7. දඩයම - වසන්ත ඔබේසේකර
8. පළඟැටියෝ - වසන්ත ඔබේසේකර
9. ආරාධනා - විජය ධර්මශ්‍රී
10. අපේක්ෂා - එච්.ඩී. ප්‍රේමරත්න
අශෝක හඳගම
නූතන සිනමා පරම්පරාවේ දැවැන්ත සිනමාවේදියෙකු වන අශෝක හඳගම මුලින්ම පිවිසෙන්නේ වේදිකා නාට්‍ය කලාවටය. පසුව දුන්හිඳ අද්දර ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරමින් ටෙලිනාට්‍ය කලාවේ මහා විපර්යාසයක් කළේය. ඔහුගේ පළවෙනි චිත්‍රපටය චන්ද කින්නරී වන අතර මේ මගේ සඳයි, තනි තටුවෙන් පියාඹන්න, ඉනි අවන්, විදු, ඇගේ ඇස අග, අසන්ධිමිත්තා යන චිත්‍රපට නිර්මාණය කර ඇත. නිර්මාණ තුළින් ඉතා ආන්දෝලනාත්මක සහ අභියෝගාත්මක ප්‍රකාශන ඉදිරිපත් කරන කලාකරුවකු ලෙස ඔහු ප්රකටය. ජාතික සහ අන්තර් ජාතික වශයෙන් කීර්තියට පත් සිනමාකරුවෙකි ඔහු. සරසවිය සම්මාන උලෙළේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා සම්මානයට නිර්දේශ තොරාපත් කරනා ජූරි සභිකයෙක් ලෙසද කටයුතු කළේය. හොඳම චිත්‍රපට දහය තෝරාගැනීමේදී ඔහු එක් සිනමාකරුවකුගෙන් එක් චිත්‍රපටයක් පමණක් තෝරා ඇති බව වාර්තා කළේය.
මේ සතියේ බඹරු ඇවිත් ඉදිරියෙන්
1. දෙලොවක් අතර - ලෙස්ටර් ජේම්ස් පීරිස්
2. පළඟැටියෝ - වසන්ත ඔබේසේකර
3. හංසවිලක් - ධර්මසිරි බණ්ඩාරනායක
4. හෙවණැලි ඇද මිනිස්සු - පරාක්‍රම ද සිල්වා
5. පාර දිගේ - ධර්මසේන පතිරාජ
6. සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා - සුමිත්‍රා පීරිස්
7. පවුරු වළලු - ප්‍රසන්න විතානගේ
8. මිල්ලෙ සොයා - විශ්වනාත් බුද්ධික කීර්තිසේන
9. සුළඟ ගිනි අරන් - විමුක්ති ජයසුන්දර
10. සංකාරා - ප්‍රසන්න ජයකොඩි
ජැක්සන් ඇන්තනී
වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය යන මාධ්‍ය තුනම එක ලෙස ග්‍රහණය කරගත් මාධ්‍ය ලෝකයේ නූතන පරම්පරාවේ දැවැන්තයෙකු වන ජැක්සන් ඇන්තනී වේදිකාවෙන් තම කලා ගමන අරඹා විශිෂ්ට රංගවේදියෙකු ලෙස සම්මානයට පාත්‍ර විය. ජුලියට්ගේ භූමිකාව අධ්‍යක්ෂණය කරමින් සිනමාවට පැමිණෙන ඔහු අබා චිත්‍රපටය ඔස්සේ මෙරට ජනාකර්ෂණීය සිනමාවේ හැරවුම් ලක්ෂයක් නිර්මාණය කළේය. පසුව ඔහු අධ්‍යක්ෂණය කළ ඇඩ්රස් නෑ චිත්‍රපටයද කතාබහට ලක්විය. හොඳම චිත්‍රපට දහය තෝරාගැනීමේදී ඔහු සම්බන්ධ නොවූ ඔහු රසවිඳී චිත්‍රපට පමණක් අන්තර්ගත කර ඇති බව වාර්තා කළේය.
1. නිධානය - ලෙස්ටර් ජේම්ස් පීරිස්
2. බඹරු ඇවිත් - ධර්මසේන පතිරාජ
3. සිරිබෝ අයියා - සුනිල් ආරියරත්න
4. හංස විලක් - ධර්මසිරි බණ්ඩාරනායක
5. හන්තානේ කතාව - සුගතපාල සෙනරත් යාපා
6. පාර දිගේ - ධර්මසේන පතිරාජ
7. අපේක්ෂා - එච්.ඩී. ප්‍රේමරත්න
8. පුරහඳ කළුවර - ප්‍රසන්න විතානගේ
9. තනි තටුවෙන් පියාඹන්න - අශෝක හඳගම
10. සංකාරා - ප්‍රසන්න ජයකොඩි
එරංග සේනාරත්න
අනූව දශකයේ සිනමාවට පිවිසුණු ප්රශස්ත සිනමාවක් පිළිබඳ කතා කළ තරුණයෙකු වන එරංග සේනාරත්නගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය සුරයහන ගිනි ගනී වේ. ගිනිගත් මධුසමය, රෝස පැටික්කි, සැනසුණා ආදරෙන් ඇතුළු චිත්‍රපටි ඔහු විසින් අධ්‍යක්ෂණය කර ඇත.
නිධානය සහ හංසවිලක් සමාන ඡන්ද
1. තුෂාරා - යසපාලිත නානායක්කාර
2. හතරදෙනාම සූරයෝ - නීල් රූපසිංහ
3. හාරලක්ෂය - ටයිටස් තොටවත්ත
4. වැලිකතර - ඩී.බී. නිහාල්සිංහ
5. නිධානය - ලෙස්ටර් ජේම්ස් පීරිස්
6. සිසිල ගිනි ගනී - ප්‍රසන්න විතානගේ
7. ඇගේ ඇස අග - අශෝක හඳගම
8. බඹරු ඇවිත් - ධර්මසේන පතිරාජ
9. එක්ටැම්ගේ - හර්බට් රංජිත් පීරිස්
10. සුරයහන ගිනි ගනී - එරංග සේනාරත්න
සෝමරත්න දිසානායක
සම්මානනීය වේදිකා නාට්‍යකරුවෙකු ලෙස ක්ෂේත්රයට පිවිසි ආචාර්ය සෝමරත්න දිසානායක මෙරට සිනමාව නව ආරෙකට යොමු කිරීමට සමත්විය. ඔහුගේ නිර්මාණවල සිනමාරූපීත්වයත් ජනප්‍රියත්වයත් එක ලෙස පවතින බව විචාරක මතයයි. මෙරට බොක්ස් ඔෆිස් චක්‍රවර්තී සිනමාකරුවෙකු ලෙසත් ඔහු ප්රකටය. නිරන්තරයෙන් පවුල සහ දරුවන් කේන්ද්‍ර කරගනිමින් සිනමා නිර්මාණ කරන ඔහු ජාතික හා අන්තර් ජාතික වශයෙන් සම්මානනීය අධ්යක්ෂවරයෙකි.
1. ගම්පෙරළිය - ලෙස්ටර් ජේම්ස් පීරිස්
2. පරසතුමල් - ගාමිණී ෆොන්සේකා
3. සූරිය අරණ - සෝමරත්න දිසානායක
4. නිධානය - ලෙස්ටර් ජේම්ස් පීරිස්
5. වැලිකතර - ඩී.බී. නිහාල්සිංහ
6. විරාගය - තිස්ස අබේසේකර
7. බඹරු ඇවිත් - ධර්මසේන පතිරාජ
8. පුරහඳ කළුවර - ප්‍රසන්න විතානගේ
9. තනි තටුවෙන් පියාඹන්න - අශෝක හඳගම
10. සිරි පැරකුම් - සෝමරත්න දිසානායක
මේ සතියේ හොඳම චිත්‍රපටය ලෙස ලැබී ඇති වැඩි ඡන්ද සංඛ්‍යාව මෙසේයි.
බඹරු ඇවිත් - 04
නිධානය - 03
හංසවිලක් - 03