වර්ෂ 2024 ක්වූ March 19 වැනිදා Tuesday
අපේ කථානාද ඉතිහාසයේ හොඳම චිත්‍රපට 10 මොනවාද?
මෙවර දඩයම ඉදිරියෙන්
නිධානය, බඹරු ඇවිත්, පරසතුමල් යන චිත්‍රපට සඳහා සමාන ඡන්ද
සිංහල කථානාද සිනමාවට එළඹෙන ජනාවරි මස 21 වැනිදාට වසර හැත්තෑ පහකි. එනම් දියමන්ති ජුබිලියයි. ශ්‍රී ලංකාවේ ජාතික කලා පුවත්පත ලෙස සරසවිය අපේ කාර්යභාර්ය ඉටු කරමින් හෙළ සිනමාවේ වජ්ර ජයන්තිය වෙනුවෙන් මෙතැන් සිට විශේෂාංගයක් පළ කිරීමට තීරණය කළෙමු. එනම් කඩවුණු පොරොන්දුවේ සිට මේ දක්වා මෙරට කතානාද සිනමාවේ තිරගත වුණු සිනමාපට අතරින් හොඳම සිනමාපට 10 පිළිබඳව සිනමාවේ දැවැන්තයන්ගෙන් මත විමසීමක් කිරීමට තීරණය කළෙමු. මෙම මත විමසීම සඳහා විශේෂ තෝරාගැනීමක් යටතේ සිනමා අධ්යක්ෂවරුන්, සිනමා විචාරකයන් සහ සිනමා පුවත්පත්කලාවේදීන් ඇතුළත් වේ. බ්‍රිතාන්‍ය සිනමා ආයතනය BFI) "Sight & Sound" සඟරාව මඟින් ලොව හොඳම චිත්‍රපට තෝරන සම්මත ක්‍රමවේදය මෙයයි. මෙහිදී දැනට ජීවතුන් අතර සිටින චිත්‍රපට තුනක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කළ අධ්යක්ෂවරුන් හෝ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් හොඳම චිත්‍රපටයට සම්මාන දිනා ඇති අධ්යක්ෂවරුන් මෙම මත විමසීමට ඇතුළත් වන අතර සම්මත සිනමා විචාරකයන් සහ වෘත්තිමය සිනමා පුවත්පත්කලාවේදීන්ද මෙම මත විමසීමට ඇතුළත් වේ. මෙම මත විමසීම සඳහා අධ්යක්ෂවරුන් චිත්‍රපට අධ්‍යක්ෂණය කර ඇති ජ්‍යෙෂ්ඨත්වයේ අනුපිළිවෙළ යටතේ සම්බන්ධ කර ගැනේ.
ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු
දඩයම චිත්‍රපටයේ සම තිරනාටක රචකයා ලෙස සිනමාවට පිවිසි ක්‍රිස්ටි වේදිකා නාට්‍යකරුවකු ලෙසද ප්‍රචලිතය. චිත්‍රපට රාශියක සහාය අධ්යක්ෂවරයකු ලෙස ඔහු කටයුතු කළේය. ඇතැම් සම්මානනීය චිත්‍රපට සම්මානනීය වීම පිටුපස සිටියේ ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු යන සැඟවුණු අධ්යක්ෂවරයා බව සිනමා ක්ෂේත්රයේ ප්‍රසිද්ධ රහසකි. අරගලය, ඉන්ද්රකීලය, තහනම් ගහ යන චිත්‍රපට හෝ විසින් අධ්‍යක්ෂණය කර ඇත. ටෙලිනාට්‍යකරුවකු ලෙස පසුකාලීනව ටෙලි නිර්මාණ රාශියක් අධ්‍යක්ෂණය කර ඇත.
ධර්ම ශ්‍රී වික්‍රමසිංහ
මෙරට ගුවන්විදුලියේ නිවේදකයකු ලෙස ඉහළම නමක් තැබූ ධර්ම ශ්‍රී වික්‍රමසිංහ නවකතාකරුවකු හා ගීත රචකයකු ලෙස ද කීර්තිමත් නමක් දිනූ තැනැත්තෙකි. සතුටයි කිරුළ අපේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමාවට පිවිසුණු ඔහු සීතරෑ, තිසරාවි, ජැක් ඇන්ඩ් ජිල්, කුමරි බඹසර හැඬූදා, මඟුල් සක්වල යන චිත්‍රපට අධ්‍යක්ෂණය කර ඇත. මෙරට චිත්‍රපට සංස්ථාවෙන් බැහැරව පෞද්ගලික සිනමා මණ්ඩල මඟින් චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමේදී මුල්වරට ප්‍රදර්ශනය කරනු ලැබුවේ ඔහුගේ ජැක් ඇන්ඩ් ජිල් චිත්‍රපටයයි.
මෙරට ගුවන්විදුලියේ නිවේදකයකු ලෙස ඉහළම නමක් තැබූ ධර්ම ශ්‍රී වික්‍රමසිංහ නවකතාකරුවකු හා ගීත රචකයකු ලෙස ද කීර්තිමත් නමක් දිනූ තැනැත්තෙකි. සතුටයි කිරුළ අපේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමාවට පිවිසුණු ඔහු සීතරෑ, තිසරාවි, ජැක් ඇන්ඩ් ජිල්, කුමරි බඹසර හැඬූදා, මඟුල් සක්වල යන චිත්‍රපට අධ්‍යක්ෂණය කර ඇත. මෙරට චිත්‍රපට සංස්ථාවෙන් බැහැරව පෞද්ගලික සිනමා මණ්ඩල මඟින් චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමේදී මුල්වරට ප්‍රදර්ශනය කරනු ලැබුවේ ඔහුගේ ජැක් ඇන්ඩ් ජිල් චිත්‍රපටයයි.
ශ්‍රී ලාල් ප්‍රියදේව
පිය උරුමයෙන් සිනමාවට පිවිසෙන ලාල් සිනමා ක්ෂේත්රයේ ජනප්‍රිය වූයේ තිර නාටක රචකයකු ලෙසය. පසුව සහාය අධ්යක්ෂවරයකු ලෙසද සිනමා ක්ෂේත්රයේ නමක් දිනාගත් ලාල්ගේ පළමු සිනමා පටය වූයේ ජොලි හලෝ වේ. පසුව ඔහු අලි පැටියෝ ඔයයි මමයි, මගෝ ඩිගො ඩයි, අතුරු මිතුරු හරි අපූරු යන චිත්‍රපට අධ්‍යක්ෂණය කර ඇත. ඔහුගේ ජොලි හලෝ චිත්‍රපටය ආදායම් වාර්තා තැබූ චිත්‍රපටයකි.
1. මාතලන් - ඒ.එස්. නාගරාජන්
2. මඩොල්දූව - ලෙස්ටර් ජේම්ස් පීරිස්
3. තුෂාරා - යසපාලිත නානායක්කාර
4. පරසතුමල් - ගාමිණී ෆොන්සේකා
5. දඩයම - වසන්ත ඔබේසේකර
6. හාරලක්ෂෙ - ටයිටස් තොටවත්ත
7. චායා මායා - යසපාලිත නානායක්කාර
8. යකඩ පිහාටු - උදයකාන්ත වර්ණසූරිය
9. මගේ යාළු මාළු - ශ්‍රී ලාල් ප්රියදේව්
10. දරු දුක - ඩොමී ජයවර්ධන
බෙනට් රත්නායක
සිය මුල්ම සිනමා කෘතිය වන "අස්වැසුම" සිනමාපටය සඳහා හොඳම අධ්‍යක්ෂකට හිමි සරසවිය සම්මානය දිනූ බෙනට් රත්නායක සිනමා අධ්යක්ෂණයට පෙර ටෙලිනාට්‍ය අධ්යක්ෂවරයකු ලෙස ජනප්‍රියය. අස්වැසුම, සුළඟ, ඉරහඳ යට යන චිත්‍රපට ඔහු අධ්‍යක්ෂණය කර ඇත. වර්තමානයේ චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංගමයේ සභාපති ධුරය දරන්නේද ඔහුය.
1. නිධානය - ලෙස්ටර් ජේම්ස් පීරිස්
2. බඹරු ඇවිත් - ධර්මසේන පතිරාජ
3. අහසින් පොළොවට -ලෙස්ටර් ජේම්ස් පීරිස්
4. වැලිකතර - ඩී.බි. නිහාල්සිංහ
5. දඩයම - වසන්ත ඔබේසේකර
6. අස්වැසුම - බෙනට් රත්නායක
7. සුළං කිරිල්ලි - ඉනෝකා සත්‍යාංගනි
8. මේ මගේ සඳයි - අශෝක හඳගම
9. ආකාස කුසුම් - ප්‍රසන්න විතානගේ
10. හෝගාන පොකුණ - ඉන්දික ෆර්ඩිනෑන්ඩු
රංජන් රාමනායක
මෙරට සිනමාවේ ජනප්‍රියතම සිනමා තරුවක් වන රන්ජන් රාමනායක ජනප්‍රිය සහ හොඳම රංගන ශිල්පියාට හිමි සම්මාන ද්විත්වයම දිනාගත් රංගන ශිල්පියෙකි. ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණය වන පාර්ලිමන්ට් ජෝක්ස් චිත්‍රපටය හරහා ආන්දෝලනාත්මක කතාබහක් ඇති කිරීමට සමත් විය. ලීඩර් ,වන් ශොට්, ඩොක්ටර් නවරියන් යන චිත්රපටද ඔහු විසින් අධ්‍යක්ෂණය කර ඇත.
1. වැලිකතර - ඩී.බී නිහාල්සිංහ
2. අබිරහස - ලෙනින් මොරායස්
3. බඹරු ඇවිත් - ධර්මසේන පතිරාජ
4. අහස්ගව්ව - ධර්මසේන පතිරාජ
5. හංසවිලක් - ධර්මසිරි බණ්ඩාරනායක
6. ගඟ අද්දර - සුමිත්‍රා පීරිස්
7. දුවට මවක මිස - සුමිත්‍රා පීරිස්
8. අවරගිර - ලෙස්ටර් ජේම්ස් පීරිස්
9. බැද්දේගම - ලෙස්ටර් ජේම්ස් පීරිස්
10. ඇවිලෙනසුලුයි - චින්තන ධර්මදාස
මේ සතියේ හොඳම චිත්‍රපටය ලෙස ලැබී ඇති වැඩි ඡන්ද සංඛ්‍යාව මෙසේයි.
දඩයම - 04
නිධානය - 03
බඹරු ඇවිත් - 03
පරසතුමල් - 03