දන්නා සිනමාවේ නොදන්නා කතාව සිනේමා

දොස්තර කපිල සූරියආරච්චිගේ චිත්‍රපටයක්
මැයි 12, 2022

 

නිෂ්පාදක පිරිවර

කතාව, තිර රචනය සහ අධ්‍යක්ෂණය - වෛද්‍ය කපිල සූරියආරච්චි

නිෂ්පාදනය - චම්පික ජයනන්දන

සංස්කරණය සහ වර්ණ සංයෝජනය - ප්‍රසංග නාපාවල

කැමරා අධ්‍යක්ෂණය - නිශාන්ත ප්‍රදිප්

සංගීත අධ්‍යක්ෂණය - ආචාර්ය රෝහණ වීරසිංහ

කලා අධ්‍යක්ෂණය- දිනේෂ් ඉන්දික විජේසිරිල, බුද්ධි සංජය එදිරිසිංහ

වේශ නිරූපණය - සුසන්ත රාමසිංහ

ඇඳුම් නිර්මාණය - බුද්ධි සංජය එදිරිසිංහ

ව්‍යාපෘති නිර්මාණකරු - වෛද්‍ය උමංගා සූරියආරච්චි

නිෂ්පාදන සම්බන්ධීකාරක - දිනේෂ් ඉන්දික විජේසිරි

නිෂ්පාදන කළමනාකරු - දමයන්ති ෆොන්සේකා

"සිනමා" සහ "සිත ළඟ" ගීත තනු නිර්මාණය සහ සංගීතය - දර්ශන රුවන් දිසානායක

ගී පද - ආචාර්ය කපිල සූරියආරච්චි

ගායනය- විශාරද අමරසිරි පීරිස්, සේනක බටගොඩ,

උරේෂා රවිහාරි, රන්ජන් සාලිය පෙරේරා

රගපෑම්- ශ්‍යාම් ප්‍රනාන්දු, බිමල් ජයකොඩි, මේඝ සූරියආරච්චි, නයනතාරා වික්‍රමආරච්චි, රොබින් ප්‍රනාන්දු, ඩග්ලස් රණසිංහ, අයිරාංගනී සේරසිංහ, චාන්දනි සෙනවිරත්න, දුලීකා මාරපන, විජේරත්න වරකාගොඩ, කලණි දොඩන්තැන්න, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, ජගත් බෙනරගම, ගාමිණී හෙට්ටිආරච්චි, කෞෂල්‍ය සමරසිංහ, ලකිඳු නිර්මාන, ඔෂෙම් ද සිල්වා, අශෝක අමුණුගම, ත්‍රිෂාලා නතාෂි, තුසිත් රණවීර, සදලි කාව්‍ය

 

පරම්පරා තුනක රංගන හා තාක්ෂණික ශිල්පීන්, ශිල්පිනියන් රාශියක් එක්කොට තැනු සිනේමා චිත්‍රපටය ළඟදීම තිරගවීමට නියමිතය.

කතාව, තිර රචනය සහ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල සූරියආරච්චි ගෙනි.

සත්‍යය සිදුවිමක් ආශ්‍රිතව නිර්මාණය කොට ඇති සිනේමා චිත්‍රපටයේ කතාව දිග හැරෙණුයේ මේසේය ,

මැදිවියේ පසුවන, ඉතා කාරුණික අයෙකු වන, සුමල් ධර්මරත්න, සිනමා ශාලාවක ප්‍රක්ශේපන යන්ත්‍ර ක්‍රියාකරුවෙකු වන අතර ඔහුගේ පියා ද ප්‍රක්ෂේපන යන්ත්‍ර ක්‍රීයාකරුවෙකු ලෙස සේවය කර ඇත. කුඩා කල සිටම තම පියා හට සහය වීම පිනිස ප්‍රක්ෂේපන යන්ත්‍ර කාමරයට යාමට පුරුදුව සිටි ඔහුට චිත්‍රපට රාශියක් නරඹන්නටත්, ඒවා රස විඳීන්නටත්, චිත්‍රපටවල තාක්ෂණිකත්වය මනා ලෙස හදුනාගන්නටත් කාලයාගේ ඇවෑමෙන් හැකිවේ. කවදා හෝ තමාගේම චිත්‍රපටයක් රචනය හා අධ්‍යක්ෂණය කිරීම ඔහුගේ එකම සිහිනයවිය.

ජාලිය යනු සුමල්ගේ සහයකයා ලෙස කටයුතු කරන, හොඳින් හැඳ පැලඳ සිටින කතාබහට හුරුවූ, කඩවසම් තරුණයෙකි. ඔහු සිනමා තාක්ෂණයට විශේෂ ඇල්මක් දක්වයි. ජාලිය, සුමල්ගේ සිහිනය සැබෑ කරදීම පිණිස ජාලිය තම උපරිම සහයෝගය දක්වයි. ඔවුන් ජීවත්වන්නේ නාගරික වතු ආශ්‍රිත නිවාසයක වන අතර එම නිවාස අයිතිකාරිනී රූපලතා ඇතුළු ප්‍රදේශවාසීන්ට, ජාලිය ගුප්ත චරියතයකි. ජාලියගේ චර්යා රටාවන් පිළිබඳව ඔවුන් සැක පහළ කරති.

සාගර ප්‍රේමචන්ද්‍ර සිනමාවේ ප්‍රවීණයෙක් වන අතර ඔහු ප්‍රවිණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන අතර සිනමා කර්මාන්තයේ දියුණුව සඳහා හදවතින්ම උනන්දු වේ.

ආනන්ද විජේරත්න ප්‍රවිණ රංගන ශිල්පියෙකි පැරැණි සිනමා තරුවකි. දර්ශන තලයකදී සිදුවූ හදිසි අනතුරකින් ආබාධිතව රෝද පුටුවට වැටෙන ඔහු, සිනමාවට ඇති අසීමිත ආදරය නිසාම, සිනමා කෞතුකාගාරයක් ආරම්භ කර තරුණ පරම්පරාව වෙත සිනමාව පිළිබඳව යම් අධ්‍යාපනයක් ලබාදේ.

තිලිණි සමරසිංහ යනු කුඩාකල පටන් සිනමා නිළියක් වීමේ සිහින දකින රුමත් තරුණියකි. ඈත ගමක සිට නිළියක් වීමේ බලාපොරොත්තුවෙන්. අගනුවරට පැමිණෙන, ඇය මුහුණදෙන පේ‍්‍රමය හා ජීවිතයේ නුපුරුදු අත්දැකීම් රැසකි.

විශ්වකීර්ති අමරසූරිය , සිනමා නිෂ්පාදකවරයකු,තිර රචකෙයෙකු හා සම්මානනීය අධ්‍යක්ෂවරයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින කුට ව්‍යාපාරිකයෙකි. ඔහු තම මුදල් කූට ලෙස යොදවමින්, මුදල් අසීරුතා නිසා තම නිර්මාණ එළිදැක්වීමට නොහැකිව සිටින අහිංසක, දක්ෂ නිර්මාණකරුවන්ගේ බලාපොරොත්තු හා ඔවුන්ගේ බුද්ධිමය දේපළ අයිතිය කොල්ලකෑමේ යෙදේ.

මෙම චරිත හය වටා, ගොඩනැගෙන "සිනේමා" ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයන් ඔවුන්ගේම ජීවිතවලට මෙන්ම තම සමීපතමයන්ගේ ජීවිතවලට බලපාන ආකාරයද, කෙසේ විසඳෙයිද සුමල්ගේ සිහිනය සැබැ වේද මේ සියල්ල කෙසේ විසඳෙයිද කියා දැනගැනීමට චිත්‍රපටය නැරඹිමෙන් ඔබට අවස්ථාව උදාවේයි.