සරසවිය-ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය දිනූ “දැකලා පුරුදු කෙනෙක්”සිග්නීස් හොඳම චිත්‍රපටය වේ

ඉතිහාසයේ මුල්වරට නිවුන් නළුවන්ට සම්මාන
මැයි 12, 2022

 

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (2022.05.08) නිමාව දුටු 43 වෙනි සිග්නීස් සිනමා සම්මාන උළෙලේදී, 2019 වසරේ තිරගත වූ සිනමාපට 30 අතුරින් වසරේ විශිෂ්ටතම සිනමා නිර්මාණය ලෙසින් කිරුළ දැරීමට මලිත් හෑගොඩ අධ්‍යක්ෂණය කළ "දැකලා පුරුදු කෙනෙක්" චිත්‍රපටය සමත් විය. කුලුඳුල් අධ්‍යක්ෂණයක් ලෙසින් තිරගත වූ "දැකලා පුරුදු කෙනෙක්", උළෙලේදී නිර්දේශ නාම 12 කට හිමිකම් කියූ අතර, එහිදී සම්මාන 07 කින් පිදුම් ලැබීම කැපී පෙනේ. 2019 වසරේ වෙනුවෙන් වූ සුවිශේෂීම සම්මාන පිරිනැමීම වූයේ, "ගින්නෙන් උපන් සීතල" චිත්‍රපටයේ රගපෑ කමල් අද්දරආරච්චි, "දැකලා පුරුදු කෙනෙක්" ච්ත්‍රපටයේ රගපෑ බිමල් ජයකොඩි හා "අසන්ධිමිත්තා" චිත්‍රපටයේ රගපෑ ධර්මප්‍රිය ඩයස්ගේ රංග කුසලතාවය අභිබවමින් 2019 වසරේ හොඳම නළුවා ලෙසින් "විෂම භාග" චිත්‍රපටයේ රගපෑ ළමා නළු පන්සිළු වික්‍රමරත්න සම්මානනීය වීමයි. මෙකී ජයග්‍රහණයත් සමග 75 වසරක් ඉක්මවූ ලාංකේය සිනමා ඉතිහාසයේ දේශීය සිනමා සම්මාන උළෙලක හොඳම නළුවා සම්මානයෙන් පිදුම් ලද ළාබාලතම රංගන ශිල්පීයා (අවුරුදු 17 මාස 06 දින 08 දී) ලෙසින් පන්සිළු වික්‍රමරත්න වාර්තා පොත් අතරට එක්විය. පන්සිළු හොඳම නළුවා වෙද්දී ඔහුගේ නිවුන් සොහොයුරා වූ පංකජ කුසලතා සම්මානයක් දිනාගත්තේය. ඔවුන් දෙදෙනා චිත්‍රපටයේද රඟපෑවේ නිවුන් සොහොයුරන් ලෙසය.

සිනමා ජූරිය:

ලාල් පුෂ්පදේව පියතුමා (සභාපති)/ ධර්මසිරි බණ්ඩාරනායක/ සෞම්‍ය ලියනගේ/ ඉනෝකා සත්‍යාංගනී/ ඉන්දික ෆර්ඩිනැන්ඩු/ අරුණ ලොකුලියන/ සුනිල් විජේසිරිවර්ධන

 

2019 වසර වෙනුවෙන් පිරිනැමූ සම්මාන:

විශිෂ්ටතා සම්මාන කාණ්ඩය:

හොඳම චිත්‍රපටය: දැකලා පුරුදු කෙනෙක්

හොඳම අධ්‍යක්ෂක: මලිත් හෑගොඩ

(දැකලා පුරුදු කෙනෙක්)

හොඳම තිර රචනය: භූපති නලින්

(දැකලා පුරුදු කෙනෙක්)

 

හොඳම නළුවා: පන්සිළු ව්ක්‍රමරත්න (විෂම භාග)

හොඳම නිළිය: සමාධි ලක්සිරි (දැකලා පුරුදු කෙනෙක්)

හොඳම සහාය නිළිය: කෞෂල්‍යා ප්‍රනාන්දු (විෂම භාග)

හොඳම සහාය නළුවා: ප්‍රියන්ත සිරිකුමාර (තාල)

හොඳම කැමරාකරණය: පාලිත පෙරේරා (විෂම භාග)

හොඳම සංස්කරණය: තිස්ස සුරේන්ද්‍ර (විෂම භාග)

හොඳම කලා අධ්‍යක්ෂණය -සම සම්මානය: මංජුල අයගම (දැකලා පුරුදු කෙනෙක්)/

උදේනි සුබෝධි කුමාර (ගින්නෙන් උපන් සීතල)

 

හොඳම සංගීත අධ්‍යක්ෂණය: සුමුදු ගුරුගේ (සංසාරයේ දඩයක්කාරයා)

හොඳම ගායිකාව: මහේෂා සඳමාලි (වහින්න වැස්සක් වහින්න- විෂමභාග)

හොඳම ගායකයා: කසුන් කල්හාර (ගගනේ - තාල)

හොඳම ගී පද රචනය: අනුරාධ මහාසිංහ (ගගනේ - තාල)

 

හොඳම ශබ්ද සංකලනය: සසික රුවන් මාරසිංහ (දැකලා පුරුදු කෙනෙක්)

හොඳම වර්ණ සංයෝජනය: තිස්ස සුරේන්ද්‍ර (විෂම භාග)

හොඳම සිනමා සජීවීකරණය (animation):

රෝෂන දෙල්වල, චමිත ලක්මාල්,

ගයාන් ගුණසේකර (සංසාරයේ දඩයක්කාරයා)

හොඳම අංගරචනය: නාරද තොටගමුව (ගින්නෙන් උපන් සීතල)

ජුරියේ විශේෂ සම්මාන කාණ්ඩය: හොඳම සහාය රංගනය උදෙසා

ජූරියේ විශේෂ සම්මානය: ජැක්සන් ඇන්තනී (විෂම භාග)

හොඳම කැමරාකරණය උදෙසා වූ ජූරියේ විශේෂ සම්මානය:

එම්.ඩී මහින්දපාල (දැකලා පුරුදු කෙනෙක්)

ජූරියේ කුසලතා සහතික කාණ්ඩය:

පංකජ වික්‍රමරත්න (රංගනය උදෙසා- විෂම භාග)

නලීන් ලුසේනා (රංගනය උදෙසා - යූ ටර්න්)

ක්‍රිස්ටිනා බ්‍රීටෝ (රංගනය උදෙසා - සංසාරයේ දඩයක්කාරයා)

චමත්කා ලක්මිණි (රංගනය උදෙසා- හුස්ම)

තිලක්ෂිණි රත්නායක (රංගනය උදෙසා - විෂම භාග)

ස්ට්‍රයිනර් ඇඩම්ස් (කැකැමරාකරණය උදෙසා - යූ ටර්න්)

 

සටහන: උදිත ලක්මාල් කහඳවආරච්චි

 

සේයාරූ - හසිත නිලුපුල්