වර්ෂ 2024 ක්වූ March 19 වැනිදා Tuesday
අපේ කථානාද ඉතිහාසයේ හොඳම චිත්‍රපට 10 මොනවාද ?
සිංහල කථානාද සිනමාවට පසුගිය ජනවාරි මස 21 වැනිදාට වසර හැත්තෑ පහකි. එනම් දියමන්ති ජුබිලියයි. ශ්‍රී ලංකාවේ ජාතික කලා පුවත්පත ලෙස සරසවිය අපේ කාර්යභාර්ය ඉටු කරමින් හෙළ සිනමාවේ වජ්ර ජයන්තිය වෙනුවෙන් කඩවුණු පොරොන්දුවේ සිට මේ දක්වා මෙරට කතානාද සිනමාවේ තිරගත වුණු සිනමාපට අතරින් හොඳම සිනමාපට 10 පිළිබඳව සිනමාවේ දැවැන්තයන්ගෙන් මත විමසීමක් කිරීමට තීරණය කළෙමු. මෙම මත විමසීම සඳහා විශේෂ තෝරාගැනීමක් යටතේ සිනමා අධ්යක්ෂවරුන්, සිනමා විචාරකයන් සහ සිනමා පුවත්පත්කලාවේදීන් ඇතුළත් වේ. බ්‍රිතාන්‍ය සිනමා ආයතනය (BFI) "Sight & Sound" සඟරාව මඟින් ලොව හොඳම චිත්‍රපට තෝරන සම්මත ක්‍රමවේදය මෙයයි. මීට පෙර සිනමා අධ්‍යක්ෂවරුන්ගේ මත විමසීම අවසන් කළෙමු. මෙතැන් සිට ඇරඹෙන්නේ සිනමා විචාරකයන්ගේ සහ සිනමා පුවත්පත් කලාවේදීන්ගේ මත විමසීම දැන් සිදුවෙයි. සම්මත සිනමා විචාරකයන් සහ වෘත්තිමය සිනමා පුවත්පත්කලාවේදීන්ද මෙම මත විමසීමට ඇතුළත් වේ. ඒ සඳහා ජ්‍යෙෂ්ඨත්වයේ අනුපිළිවෙළ යටතේ සිනමා විචාරකයන් සහ සිනමා පුවත්පත්කලාවේදීන්ද සම්බන්ධ කර ගැනේ.
රමේෂ් උවයිස්
රමේෂ් උවයිස් මාධ්‍ය ක්ෂේත්රයේ ප්‍රවීණ මාධ්‍යවේදියෙක්. වසරක් පාසා මාධ්‍යවේදියකුට හා කලාවේදීන් උදෙසා පිරිනැමෙන රත්නදීප සම්මානය (2005) හිමි වීම සහ එකී සම්මානයෙන් පිදුම් ලද එකම මුස්ලිම් ජාතික මාධ්‍යවේදියා වීම ඔහුගේ වෘත්තීය ජීවිතයේ වැදගත්ම සංධිස්ථානයක්. රමේෂ් 2012 වර්ෂයේ දී සිංහල සිනමාවේ උන්නතිය වෙනුවෙන් මාධ්‍යවේදියකු වශයෙන් කළ අනුපමේය මාධ්‍ය මෙහෙවර වෙනුවෙන් ඕ.සී.අයි.සී. සිගිනිස් සිනමා මාධ්‍යවේදියාට හිමි සම්මානයට ද පාත්‍ර වූයේය.
1.සාගරයක් මැද - ගාමිණි ෆොන්සේකා
2. පවුරු වළලු - ප්‍රසන්න විතානගේ
3. දඩයම - වසන්ත ඔබේසේකර
4. අහසින් පොළොවට - ලෙස්ටර් ජේම්ස් පීරිස්
5. විරාගය - තිස්ස අබේසේකර
6. හංස විලක් - ධර්මසිරි බණ්ඩාරනායක
7. එක්ටැම් ගේ - හර්බට් රංජිත් පීරීස්
8. දුහුළු මලක් - විජය ධර්ම ශ්‍රී
9. සමනල සංධ්වනිය - ජයන්ත චන්ද්‍රසිරි
10.සුනාමි - සෝමරත්න දිසානායක
අජිත් ගලප්පත්ති
ලේඛකයකු හා විචාරකයකු වන අජිත් ගලප්පත්ති රැඟුම් පාලක මණ්ඩලයේ හිටපු සාමාජිකයෙකි. ජනමාධ්‍ය අමාත්‍යංශයේ විදෙස් රූපවාහිනි වැඩසටහන් සමීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයෙකු මෙන්ම ජාතික රූපවාහිනියේ ටෙලිනාට්‍ය සමීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කළ ඔහු මෙරට සිනමාව වෙනුවෙන් සුවිශේෂ කෘති රැසක් රචනා කර තිබේ. සිය පශ්චාත් උපාධි පර්යේෂණය සඳහා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සිනමා භාවිතය පිළිබඳ කළ අධ්‍යයනය ඇසුරෙන් රචනා කරන ලද 'ලෙස්ටර්, ශ්‍රී ලංකාවේ සිනමාවේ' ග්‍රන්ථය සහ හෙළ සිනමා කිවිඳීය සුමිත්‍රා පීරිස්ගේ ජීවිතය සහ සිනමා ජීවිතය විවරණය කරමින් රචිත 'සුමිත්‍රා අඩ සියවසක අද්විතීය සිනමා ජීවිත කතාව' නම් ග්‍රන්ථය ඒ අතර විශේෂ වේ. ඔහු විසින් 'රූපයේ අසන්ධිමිත්රකම' කෘතිය රචනා කරන ලද්දේ වර්තමාන ශ්‍රී ලාංකිකයන්ගේ මාධ්‍ය භාවිතය සහ රසවින්දන ස්වරූපය නිරීක්ෂණය කරමින් ඒ අනුව ඔවුන්ගේ විචාරශීලිත්වය නංවන නව විචාර ක්‍රමවේදයක් හඳුන්වා දෙමිනි.
1. අහසින් පොළොවට - ලෙස්ටර් ජේම්ස් පීරිස්
2. සිරිමැදුර - පරාක්‍රම නිරිඇල්ල
3. බඹරු ඇවිත් - ධර්මසේන පතිරාජ
4. පරසතු මල් - ගාමිණි ෆොන්සේකා
5. පවුරු වළලු- ප්‍රසන්න විතානගේ
6. ගරිල්ලා මාකටින් - ජයන්ත චන්ද්‍රසිරි
7. සංකාරා - ප්‍රසන්න ජයකොඩි
8. ඇගේ ඇස අග - අශෝක හඳගම
9. ඔබ නැතුව ඔබ එක්ක - ප්‍රසන්න විතානගේ
10.අසන්ධිමිත්තා - අශෝක හඳගම