වර්ෂ 2023 ක්වූ December 06 වැනිදා Wednesday
”නිසල සිත් සසල කළ මායාවී”

ඉන්දුනීසියානු ජාතික ධීවර කාර්මික පිරිසක් මුහුණ දුන් සත්‍ය සිදුවීමක් ඇසුරෙන් ”මාරියා” සිනමාපටය තිරයට ගෙන එන්නේ, සිය ප්‍රථම නිර්මාණයෙන්ම සම්මානයට පාත්රවූ අරුණ ජයවර්ධනයි. ඔහු සිනමාවට පිවිසෙන්නේ නිකිණි වැස්ස (2021) සම`ගිනි. නිකිණි වැස්ස දෙස් විදෙස් සිනමා සම්මාන උලෙළයන් රැුසකින්ම සම්මානයට පාත්‍ර වූ සිනමා පටයකි. 2022 වර්ෂයේ දී හැපි බර්ත් ඬේ චිත්‍රපටය තිරගත කළ ඔහු ඉදිරියේ දී තිරගත කිරීම පිණිස 1970 ලව් ස්ටෝරි චිත්‍රපටය සූදානම් කර ඇත. ”මාරියා” වසර 39 කට පසුව රුසියාවේ මොස්කව් හි පැවැත්වෙන හතළිස් හතර වන මොස්කව් අන්තර්ජාතික සිනමා උලෙළේ තර`ගකාරී අංශය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා තිබීම සහ ”මාරියා” සියලූම දර්ශන ගැඹුරු මුහුද මධ්‍යයේ රූපගත කර තිබීම ද මෙහි ඇති සුවිශේෂත්වයකි.
බහුදින ධීවර යාත්‍රාවක් ම`ගින් දියඹ මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදෙන මිතුරන් පිරිසකි. විවිධ ජාති, කුල, ආගම්වලට අයත් ඔවුන් විලී, බෙනට්, ඇන්තනී, ඔස්කා, ඩයියා සහ ටෙනී නම් වෙති. ඔවුන් ඉතාමත් සාමකාමීව සෙනෙහසින් යුතුව මෙම වෘත්තියේ නියැළුණහ. ට්‍රෝලර් යාත්‍රාව ගොඩබිමෙන් පිටත් වීමට ප්‍රථම, මාලන් නැමැති තරුණයෙක් ඕස්ටේ්රලියාවට සංක්‍රමණය කිරීමේ ඒකායන අරමුණෙන් යුතුව මෙම යාත්‍රාවට ඇතුළුව එහි සැ`ගවී සිටී. ධීවර මිතුරන්ට ඔහු හමු වන්නේ ගොඩබිම සිට දිගු දුරක් පැමිණියාට පසුවය. දිනක් මුහුදේ පාවෙන හැ`දිනිය නොහැකි වස්තුවක් දැක ඔවුන් එය සිය යාත්‍රාව වෙත යොමු කර ගනී. නොසන්සුන් මනසින් යුත් ඔවුන් එය පිරික්සීමේ දී සුරූපී බෝනික්කෙකු හමුවේ. දෙවියන් විසින් දුන් තිළිණයක් ලෙස සලකා සියල්ලෝම බෝනික්කට ආදරය කරන්නට පෙලඹේ. මේ සිදුවීමත් සම`ගින් එකිනෙකා අතර ගොඩනැ`ගී තිබූ අන්‍යෝන්‍ය විශ්වාසයත්, මිත්‍රත්වයත් බිදී එකිනෙකා දබර කර ගන්නා තත්ත්වයට පැමිණ කණ්ඩායම් හැ`ගීම ද ගිලිහී යයි.
මෙහිදී වඩාත්ම තීර්ණාත්මක සාධකය වන්නේ මාලන් ය. යාත්‍රාවේ කපිතාන් විලී සහ බෙනට් ඔවුනොවුන් සමගි කරවීමට ගන්නා උත්සාහය ද ව්‍යාර්ථ වේ. දිනක් බෝනික්කා මුහුදට වීසි කළ ද සියල්ලන්ම මුහුදට පැන නැවත යාත්‍රාව වෙත ගෙන ඒමට කටයුතු කරයි. එක් දිනක දී මාලන් සහ බෝනික්කා අතුරුදන් වෙයි. ඔහු පිළිබ`දව ඔවුන් සෙවීමේ දී මාලන්ගේ ජංගම දුරකථනය හමු වේ. එහි වීඩියෝ ගත කර තිබූ දර්ශන දැක සියල්ලන්ම කම්පාවට පත් වේ. සියලූ රහස් වළලා දැමීමේ අරමුණෙන් යුතුව දුරකථනය මහ මුහුදට වීසි කරයි. සියල්ල අමතක කරනා මිතුරෝ තමන් ආ මෙහෙයුමට යළි එක් වෙයි. උමතු ආදරයෙන් වෙලී ගිය මාලන් සහ බෝනික්කා ගැඹුරු මුහුද පතුලේ එකිනෙකා වැලඳගෙන සිටී.
”මාරියා” රංගන දායකත්වය -
මහේන්ද්‍ර පෙරේරා, හේමාල් රණසිංහ, අශාන් ඩයස්, දර්ශන් ධර්මරාජ්, ප්‍රියන්ත සිරිකුමාර, දසුන් පතිරණ, සුරන් දසනායක
”මාරියා” කාර්මික දායකත්වය -
තිර රචනය, ගීත රචනය සහ අධ්‍යක්ෂණය - අරුණ ජයවර්ධන
නිෂ්පාදනය - ඉන්ද්‍රජිත් සිල්වා
සහය අධ්‍යක්ෂණය - දමින්ද මඩවල
කැමරා අධ්‍යක්ෂණය - චන්න දේශපි‍්‍රය
ස්ටෙඩිකෑම් සහ දියයට දර්ශන රූපගත කිරීම - මැක්ලේන් ස්ට්රයිනර් ඇඩම්ස්
කැමරා සහය - ප්‍රසාද් රුල්සාන්, දිලීප රංගන, කසුන් විමුක්ති
අතිරේක කැමරා සහය - මුදිත විතාන, දිලිණ ප්‍රසාද්, එච්. එම්. මධුශාන්
සංස්කරණය - ඩිලන්ත පෙරේරා
සංස්කරණ සහය - එසන්ක සාරුක, අචිර සංසික
කලා අධ්‍යක්ෂණය සහ ඇ`දුම් නිර්මාණය - සුනිල් පේ‍්‍රමරත්න
කලා අධ්යක්ෂණ සහය - ලාල් දිසානායක, උපුල් ප්‍රියශාන්ත ලියනගේ
අංග රචනය - ප්‍රියංක තිලක් රත්නායක
ශබ්ද සැකසුම - සශික රුවන් මාරසිංහ
ශබ්ද සැකසිීම සහය - කේ.වී නන්ද කුමාර, අරුණ මුණසිංහ
පසුබිම් සංගීත අධ්‍යක්ෂණය - චින්තක ජයකොඩි
වර්ණ සංයෝජනය - අසංක වික්‍රමසිරි
නිෂ්පාදන කළමනාකරණය - ගිහාන් පෙරේරා, සහය ඒ.ඒ. ඉශාන්
නිෂ්පාදන සම්බන්ධීකරණය - මල්කි විජේමාන්න
සිනමා උලෙළයන් සම්බන්ධීකරණය - අශ්මිතා ජයවර්ධන
නිෂ්පාදන සැලසුම්කරණය - අංජලී බුදවත්ත
දෙබස් පටිගත කිරීම - චාලක යසස් පෙරේරා
දර්ශනතල පටිගත කිරිීම - ජගත් සුසන්ත
උපසිරැුසි ගැන්වීම - මලිත් හෑගොඩ
අලෝකකරණ සහය - කේ. ඒ. හිරාන් ඉන්දික, ඩබ්.පී. කීර්ති වසන්ත
ඩ්‍රෝන කැමරා - බුද්ධික අබේදීර
උපස්ථායක - ජයන්ත සුරවීර
අලෝක උපකරණ - මැජික් ලැන්ටන් පුද්ගලික සමාගම
කැමරා උපකරණ - ක්‍රියේටිව් රෙඞ් ප්‍රඩක්ෂන්
සංස්කරණ මැදිරිය - ගෝල්ඩන් රෝස් ස්ටුඩියෝ
දෙබස් පටිගත කිරීම - ෆිල්ම් ෆැක්ටරි
7.1 ශබ්ද මිශ්‍රණය - සරසවි චිත්‍රාගාරය කැලණිය
ඉදිරිපත් කිරීම - ඞී ඇන්ඞ් ඞී ෆිල්ම්ස්