වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
‘ගාඩි’ට තවත් සම්මානයක්

ඕස්ට්‍රේලියාවේ ප්‍රථමවරට පැවැති 14 වැනි Asia Pacific Screen Awards (APSA) අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළේ සංස්කෘතික විවිධත්ව සම්මාන අංශයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කළ “ගාඩි” චිත්‍රපටය සමත් වී ඇත.
ප්‍රසන්නගේ දසවැනි සිනමා නිර්මාණය වන “ගාඩි” (CHILDREN OF THE SUN)) කන්ද උඩරට රාජධානි සමයේ අවසන් භාගයේ එනම් 1814 වසරේදී බ්‍රිතාන්‍ය පාලන සමය ආරම්භයේ ශ්‍රී ලාංකික ජනතාව ගත කළ ජීවිතය අලළා නිර්මාණය කර තිබේ.
මේ සම්මාන උලෙළ සඳහා ලාංකික චිත්‍රපට මීට පෙර නිර්දේශ වී තිබුණද සම්මානයක් දිනාගත් පළමු අවස්ථාව මෙයයි.
2007 දී ආරම්භ කළ Asia Pacific Screen Awards (APSA) සිනමා සම්මාන උලෙළේ 15 වැනි අදියර ලබන නොවැම්බර් 11 වනදා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා, ඉන්දීය සහ යුරෝපීය සම නිෂ්පාදනයක් ලෙස නිමැවූ මේ සිනමාපටය 8 වැනි ඩකා අන්තර්ජාතික සිනමා උලෙළේ දී ජූරියේ විශේෂ ඇගැයීමට පාත්‍ර වීමද විශේෂත්වයකි.
24 වැනි බූසාන් අන්තර්ජාතික සිනමා උලෙළ, 17 වැනි සැන් ෆ්‍රැන්සිස්කෝ අන්තර්ජාතික දකුණු ආසියානු සිනමා උලෙළ (SFISAFF), රොටර්ඩෑම් අන්තර්ජාතික සිනමා උලෙළ (IFFR), 24 වැනි කේරළ අන්තර්ජාතික සිනමා උලෙළ ඇතුළු ප්‍රමුඛ පෙළේ සම්මාන උලෙළ ගණනාවක දී මේ සිනමාපටය ප්‍රදර්ශනය කෙරුණි.
“ගාඩි” චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ සජිත අනුත්තර ඇන්තනි සහ ඩිනාරා පුංචිහේවා විසිනි
රවින්ද්‍ර රන්දෙණිය, අයිරාංගණී සේරසිංහ, ශ්‍යාම් ප්‍රනාන්දු, කලණ ගුණසේකර, දමයන්ති ෆොන්සේකා සෙසු ප්‍රධාන චරිතවලට පණ පොවති.