වර්ෂ 2023 ක්වූ September 25 වැනිදා Monday
දඩයමක අවසානය... දඩඉම

ප්‍රියංකර ජයනාත්ගේ දඩයම වූ රත්මලී කැකුණවලගේ අමානුෂික ඝාතනයෙන් පසුව ජයනාත්ට සිදු වූයේ කුමක් ද?. රත්මලීගේ ඛේදනීය මරණයෙන් පසුව , ඇයගේ සොහොයුරිය වන රොහිණී රත්මලීගේ වසරක් පමණ වූ පුතු රවිනාත් ද කැටිව විදේශගත වනුයේ මුහුණ දුන් පිළිකුල්සහගත අතීතය අමතක කරලනු නියාවෙනි. රත්මලී - ජයනාත් අතීත සිදුවීම් සඟවා , රවිනාත් තමාගේම දරුවා ලෙසින් රෝහිණී රැක බලා ගනී. රත්මලීගේ ඝාතනයෙන් පසුව නීතියට පිටු පා විදේශගත වන ජයනාත් වසර 30කට අධික කාලයක් අප්‍රකට දිවියක් ගත කර නැවත මව්බිමට පැමිණෙන ඔහු, ජනාධිපති නිීතිඥ කීර්ති ගජනායක නමින් ප්‍රකටව නව මුහුණුවරකින් සමාජගත වෙයි.
පියානෝ වාදකයකු ලෙස ප්‍රකට වන රවිනාත් එක් කලක දී යළි උපන් බිමට පැමිණෙන්නේ , නව මුහුණුවරකින් පැවැත්වෙන ප්‍රසංගයක වාදකයෙකු ලෙස සහභාගි වීමට ලද ඇරැයුමක් අනුවය. රවිනාත්ගේ බලවත් ඉල්ලීමට ඔහුව තනිව ලංකාවට එවනු ලැබූව ද, මවු සරණ පමණක් ඇති රවිනාත් පිළිබඳව රෝහිණී පසු වන්නේ මහත් ව්‍යාකූල වූ හදිනි. එලෙසින් ලංකාවට පැමිණෙන රවිනාත්ට කීර්ති ගජනායක හමු වන්නේ අනපේක්ෂිත අයුරිනි. තමා නොදත් තමාගේම අතීතය අනාවරණය වනුයේ දඩබිම යළිත් සක්‍රිය කරවමිනි. පුතු තනිව ලංකාවට එවීම පිළිබඳව පසුතැවෙන රෝහිණී ද පුතු සොයා පැමිණෙන්නේ තව දුරටත් අතීතය සඟවා තැබීමට පමණක් නොව , අතීතයෙන් අය විය යුතු දඩයද ලබා ගන්නා චේතනාවෙනි.
වසන්ත ඔබේසේකරයන් 1983 වර්ෂයේ දී තිරගත කර දඩයම සිනමා නිර්මාණයේ දිගුවක් ලෙසින් “දඩඉම” ප්‍රේක්ෂකයා අතරට පැමිණෙන්නේ කීර්ති - රවිනාත් - රෝහිණී අතර සිදු වන දඩයම කෙලෙස සිදු කරන්නේ ද යන පසුබිමකදීය. දඩබිමක් සැමදා ඒකාකාරී නොවන බව සේම අපරාධයක් සිදු කර දිවිතුරා සැඟව සිටීමට නොහැකි බවද “දඩඉම” පසක් කර දෙයි.
මේ වන විටත් අන්තර් ජාතික සිනමා උලෙළයන් විශාල ප්‍රමාණයක් නියෝජනය කිරීමට වරම් ලද “දඩඉම” බොහෝ සම්මානයන්ට පාත්‍රව තිබීම ද විශේෂිත වේ. “දඩඉම” ප්‍රේක්ෂකයා අතරට පැමිණෙන්නේ , පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍ය නෙඔමාල් පෙරේරාගේ කුලුඳුල් සිනමා වෘත්තාන්තය ලෙසිනි. වෘත්තියෙන් වෛද්‍ය වරයෙකු වූව ද සකල කලාවටම හිමිකම් දක්වන ඔහු, පාසැල් වේදිකාව ද ජය ගෙන මූර්ති ශිල්පය, චිත්‍ර කලාව හා විවිධ සංගීත මෙවලම් වාදනය ද ප්‍රකට කර වූවෙකි. “කඳුලක අපේක්ෂා” නමින් ඔහු ඉදිරිපත් කළ ටෙලි චිත්‍රපටයට ලද ඇගයුමට අනුව ඔහු තින් “දඩඉම” නිර්මාණය වී ඇත.
“දඩඉම” රංගන දායකත්වය
ස්වර්ණා මල්ලවආරච්චි, ජැක්සන් ඇත්තනී, මහේන්ද්‍ර පෙරේරා, අකිල ධනුද්ධර, මරියෝන් වෙත්තසිංහ, දිල්මින් පෙරේරා, දයා තෙන්නකෝන්, චන්ද්‍රසෝම බිංදුහේවා, නයනා හෙට්ටිආරච්චි, චින්තක වාස්, අරුන් ඩයස් බණ්ඩාරණායක, රාජසිංහ ලෝලුවාගොඩ, නදීක ගුරුගේ, කේ.එස්.ටී. පෙරේරා, නිමල් රත්නායක, රුවනි විජේසිංහ, රීටා මාන්, නුවන් විජේසුන්දර, ඩයස් සිරිකුමාර, මේකලා කෞමදී, එන්.වී. අතුල, දිල්රුක්ෂි වීරපරාක්‍රම, අනුෂ්කා උදයංගනී, නවෝදා අංජලී, ජයතු පීරිස් ඇතුළු රංගන ශිල්පීන් රැසක් මේ සඳහා එක් වී ඇත.
“දඩඉම” කාර්මික දායකත්වය
කතා සංකල්පය, තිර රචනය,
කලා අධ්‍යක්ෂණය සහ අධ්‍යක්ෂණය -
පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍ය නෙඔමාල් පෙරේරා
තිර රචනා විධායක සමීක්ෂණය - ජැක්සන් ඇන්තනී
නිෂ්පාදනය -
පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍ය නෙඔමාල් පෙරේරා /
වෛද්‍ය නිශානි ප්‍රනාන්දු
සහාය අධ්‍යක්ෂණය - චාමර සේලාර, රචී ෆ්රූන්ක්
කැමරා අධ්‍යක්ෂණය - රුවන් කෝස්තා
කැමරාකරණ සහාය - මුදිත විතාන, දිලංග දෙනුශාන්,
ලහිරු ප්‍රසන්න, ජේ.එච්.ඒ. රජිත නුවන්
සංස්කරණය සහ වර්ණ සංයෝජනය - තිස්ස සුරේන්ද්‍ර
සංස්කරණ සහාය - අසංක වික්‍රමසිංහ
අංග රචනය - හර්ෂ මංජුල , සහාය - මදුසංඛ දිසානායක, නිමේෂ් චතුරංග
කලා අධ්‍යක්ෂණ සහය - කීර්ති ඩී. රාහුබද්ධ, සමින්ද පෙරේරා, එන්.වී අතුල
අලෝක කරණ ශිල්පීන් - තාරක ශාමල්, නිලන්ත සුදර්ශන,
ඩොරික් රත්නායක, මහින්ද ප්‍රේමලාල්, මංජුල නිලන්ත,
සමිත මධුශාන්, බුද්ධික සිසිර
නවලෝක ශ්‍රවණාගාරයේ ආලෝකකරණය - හර්ෂ මධුශාන්
ශබ්ද පරිපාලනය සහ හඬ පටිගත කිරීම - අරුණ ප්‍රියන්ත කළුආරච්චි
දෙබස් පටිගත කිරීම සහාය - පුබුදු ධනංජය වනිගසේකර
හඬ පටිගත කිරීම - රජිත ගිහාන් කාවින්ද
නිෂ්පාදන කළමනාකරණය -
වෛද්‍ය නිශානි ප්‍රනාන්දු, ඩොරින් ප්‍රනාන්දු
නිෂ්පාදන සම්බන්ධීකරණය - සම්පත් රත්නායක
ශබ්ද ප්‍රයෝග - සුසන්ත ධර්මප්‍රිය
නිශ්චල ඡායාරූපකරණය - දිලිනි ද සිල්වා
සංගීත අධ්‍යක්ෂණය - නදීක ගුරුගේ
ගී පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
ගීත ගායනය - නදීක ගුරුගේ, දිලිකා අබේසේකර, රිනී ද සිල්වා
උපසිරැසි - වෛද්‍ය රනාලි පෙරේරා
නීති උපදේශක - අධිනීතීඥ අශාන් ප්‍රනාන්දු
විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග - සම්පත් දෙල්ගොඩ
නිෂ්පාදන සහය - අජිත් රණසිංහ, තරිඳු නිරෝෂන්,
ප්‍රසන්න වාස් , එන්. වී. අතුල
ශබ්ද පටිගත කිරීම හා 7.1 ශබ්ද මිශ්‍රණ මැදිරිය - ටී.වී.ටී. ආයතනය
සංස්කරණ , වර්ණ සංකලන මැදිරිය හා කැමරා උපකරණ
සැපයීම - මැජික් ලැන්ටන් පුද්ගලික සමාගම