වර්ෂ 2023 ක්වූ October 04 වැනිදා Wednesday
ලංකාවේ හොඳම චිත්‍රපට 2ක් නිපදවූ චිත්‍ර බාලසූරියට 90යි

පසුගියදා ඔබතුමාගේ 90 වැනි ජන්ම දිනය පසුකළා, ඒ ගැන කිව්වොත්?
උපන්දින සුභපැතුම් පක්ෂ දේශපාලනයෙන් තොරව ගලාගෙන ආවා. හිටපු ජනාධිපතිවරු වර්තමාන නායකයන්ගෙන්, විපක්ෂයේ, නායකයන්ගෙන් අඩුවක් තිබුණේ නෑ. කලාකරුවන්ගෙන් හා සුභ පැතුම් ලැබුණා. වයස අවුරුදු 90යි. ඒත් මට නිරෝගී සුවයෙන් කාලය ගත කරනවා මගේ 80 වැනි උපන්දිනයට බෙල්ලන්විල විමලරතන හාමුදුරුවෝ, පින්කමක් සංවිධානය කරලා පිරිසකට ආරාධනා කරලා තිබුණා. ඒ ආරධනා කරපු බොහෝ දෙනෙක් පින්කමට සහභාගි වුණා.
බෙල්ලන්විල පන්සල සමඟ විශාල සම්බන්ධයක් තියෙනවා නේද?
ඔව්. ඒක ඇත්ත. බෙල්ලන්විල පන්සලේ ප්‍රධාන දායකයා වුණේ මම. ගම්පහ ඉඳලා විවාහ වුණාට පස්සේ මම ඇවිල්ලා පදිංචි වුණේ බෙල්ලන්විල. එදා ඉඳලා පන්සල සමඟ ලොකු බැදිමක් තිබුණා. මම චිත්‍රපට නිෂ්පාදනය කරද්දි බෙල්ලන්විල විමලරතන හාමුදුරුවන්ගෙන් විශාල උපකාරයක් ලැබුණා. යාන වාහන, උපදෙස් පවා ලබාදුන්නේ උන් වහන්සේ. හාමුදුරුවෝ අපවත් වුණාට පස්සේ මට හිතුණේ. බෙල්ලන්විල පන්සල අපවත් වුණා කියලා.
පවුලේ තොරතුරු කිව්වොත්?
මම ඉපදුණේ ගම්පහ, මගේ තාත්තා දොන් හෙන්රික් බාලසූරිය, ඔහු ව්‍යාපාරිකයෙක්. ඔහුට වතුපිටිවලින් ආදායමක් ලැබුණා. මගේ අම්මා ඉසබෙල් නෙත්තසිංහ, මගේ සහෝදරයා වුණේ ඩී.ඒ. බාලසූරිය ඔහු රංගනයට එකතු වෙලා හිටිය, ඒ කාලේ මම මුලින්ම ගම්පහ ප්‍රදේශයේ පාසැල් වලට ගියේ, නමුත් පසුකාලීනව මට කොළඹ ආනන්ද විද්‍යාලයට යාමට අවස්ථාවක් ලැබුණා.
චිත්‍ර ර්‍ථඩධබධ’ කොහොමද පටන් ගත්තේ?
මගේ යාළුවෙකුගේ තාත්තා කෙනෙකුට තිබුණා. සෙන්ට්‍රල් ර්‍ථඩධබධ කියලා ඉබභඤඪධ එකක්. මම ඒකට ගිහිල්ලා ඡායාරූප ගන්න ආකාරය, එය ච්ඥමඥතධන කරන විදිහ ඇතුළු බොහෝ දේවල් මම ඉගෙන ගත්තා. ඊට පස්සේ මටත් හිතුණා ඉබභඤඪධ එකක් පටන් ගන්න. මගේ අදහස තාත්තාට කී විට ඔහු මට අවශ්‍ය සියලුම උපකරණ ලබාදුන්නා. තාත්තාගේ ආශීර්වාදය සමඟ මම ඉබභඤඪධ එක දිගටම කරගෙන ගියා. වැඩිපුරම මඟුල් පිංතුර තමයි අරගත්තේ. කාලයත් සමඟ එඩී ජයමාන්න, රුක්මණී දේවි ඇතුළුව විශාල නළු නිළියන් රාශියක් ඉබභඤඪධ එකට එන්න පටන් ගත්තා
ඒ කාලේ ඔබ චිත්‍රපටි නැරඹුවාද?
අපෝ ඔව්. ගම්පහ ප්‍රධාන සිනමා ශාලා 2ක් තිබුණා. පබ්ලික් හෝල් සහ ජයන්තා ඉතිං චිත්‍රපට නැරඹුවා.
‘පරසතු මල්’ බිහිවීම ඔබේ චිත්‍රපට නැරඹීමේ ප්‍රතිඵලයක් වෙන්න ඇති නේද?
මට මොනවා හරි කරන්න හිතුණොත් මම ඒ දේ පටන් ගන්නවා. පරසතු මල්’ වුණත් එහෙම තමයි. ‘සිකුරුතරුව’ ‘කුරුලු බැද්ද’ ලියපු ර්‍ථ.ම්.ච්. සෙනෙවිරත්නට කියලා හොඳ කතාවක් ලියා ගත්තා. ඒකට දාල තිබුණේ ‘පෙම්වතුන්ගේ ලෝකය’ කියලා. ඒ නමට මම කැමැති වුණේ නෑ. වෙනත් නමක් මට උවමනා වෙලා තිබුණා. ඉතිං දවසක් මාදම්පේ සුදුවැල්ල දේවාලය ළඟදි මේ කතාව කියවපු ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ කිව්වා මේක මේ ‘අනුන්ගේ ගැනු ගැන කියන කතාවක් කියලා. එහෙම කියලා ‘පරසතු’ කියලා කිව්වා. ඒ වේලාවේ මාත් එක්ක හිටපු ලයනල් ඇල්ගම ‘මල්’ කියන කෑල්ල දැම්මා. ඔහොම තමයි පරසතු මල් බිහිවුණේ.’
ඊට පස්සේ රූගත කිරීම් පටන් ගත්තා.
ඔව් අධ්‍යක්ෂණයට ගාමිණි ෆොන්සේකා කැමරකරණය සුමිත්තා අමරසිංහ තෝරාගෙන තමයි චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කළේ. මේ වේලාවේ මගේ අම්මා තමයි චිත්‍රපටයට මුදල් වියදම් කලේ. චිත්‍රපටයට සම්බන්ධ වෙනකොට ගාමිණිට වයස අවුරුදු 24යි. මට වයස අවුරුදු 28යි. පිංතුරය ඉවර කරන්න මම ලක්ෂ 6ක් වියදම් කළා. චිත්‍රපටය ප්‍රදර්ශනය කරලා පළමු සති 06 යනකොට ආදායම ලක්ෂ 37 හොයලා තිබුණා. රූගත කිරීම්වලදී සුමිත්තට සහ ගාමිණිට නිදහස ලබා දුන්නා. කැමැති විදිහට චිත්‍රපටිය කරගෙන යන්න. මේ නිසා මම බලාපොරොත්තු වුණාට වඩා දළ සේයා පට ප්‍රමාණයක් වැය කරන්න සිද්ධ වුණා.
චිත්‍රපටය සම්මාන පිට සම්මාන ලබාගත්තා නේද?
පේ‍්‍රක්ෂක සම්මාන ගොඩක් ලැබුණා. ඒ මාතර ප්‍රදේශයේ ප්‍රේක්ෂකයෙක් චිත්‍රපටය 19 වතාවක් නරඹලා තිබුණා. ඔහු ලබා ගත් ප්‍රවේශපත්‍රයේ කොටස් මට එවලා තිබුණා. මට මතකයි සම්මාන ලබාගෙන රාත්‍රියේදී බොහෝ දෙනෙක් කිව්වා. අපි ඇවිල්ලා වැඩක් නැහැ. හැම සම්මානයක්ම ලැබෙන්නේ තමුන්නාන්සේගේ චිත්‍රපටයටනේ කියලා. ඒකත් කියන්න ඕනේ. මගේ පරසතු මල්, ‘තුං මංහන්දිය’ චිත්‍රපටයට සම්බන්ධ වුණු හැම කෙනෙක්ම පවා ඉහළට එසවුණා.
අදටත් ‘පරසතුමල්’ තුංමංහන්දිය චිත්‍රපට 2 මගේ ළඟ සුරක්ෂිතව තියෙනවා. සමහරු අහනවා, විකුණන්නේ නැද්ද කියලා. එතකොට මම ඒ අයට කියන්නේ ‘දරුවෝ’ විකුණන්නේ නෑ කියලා. තව දෙයක් කියන්න ඕනේ. ජයවිලාල් විලේගොඩ නමැති චිත්‍රපට විචාරකයා, පරසතු මල් චිත්‍රපටය පිළිබඳව සුභවාදීව කියලා ලියලා තිබුණා. ඔහු ලියල තිබුණේ කාලේකට පස්සේ හොඳ කතාවක් තිබුණු චිත්‍රපටයක් කියලා.
‘තුං මං හන්දියේන්’ ඔබ නැවතුනා ඇයි ඒ?
තුංමං හන්දියෙන් මම නවතින්නේ නෑ. ඒකට හේතුවක් තිබුණා. මහගමසේකර, ලයනල් ඇල්ගම, දයානන්ද ගුණවර්ධන, අමරදේව යන අය සමඟ මගේ ඉතාමත් කිට්ටු ඇසුරක් තිබුණා. දවසක් මහඟම සේකර මගෙන් ඇහුවා චිත්‍රපටයක් කරමුද කියලා. මම කිව්වා හෙට පටන් ගන්න කියලා. ඒ අනුව තමයි ‘තුං මං හන්දිය’ මහඟම සේකරයන් වැඩ ආරම්භ කළේ. ඔහු සමඟ වැඩ කිරීම ලොකු ගෞරවයක් ලෙස තමයි අද මා දකින්නේ. නමුත් ඔහුගේ මරණය නිසා මගේ තුන්වැනි නිර්මාණය සිද්ධ වුණේ නෑ.
ඔබ සමඟ නිර්මාණවලට දායක වූ පුද්ගලයින්ට ඔබ උදව් කළ බව ඇත්තක්ද?
සමහර පුද්ගලයින් අසනීප වූ විට මගේ වියදමින් මම ඔවුන්ට සුවපත් කරන්න මුල් වෙලා තියෙනවා. නම ගිය කලාකරුවන්ගේ මඟුලට මරණයට මම වියදම් කළා. ඒවා නම් වශයෙන් සඳහන් කරන්න වුවමනා නෑ.
ගාමිණි ෆොන්සේකා සමඟ ඔබේ මිත්‍රකම කොහොමද?
‘පරසතු මල්’ කාලයේ සිටම ගාමිණිගේ හොඳම මිත්‍රයෙක් බවට මා පත්වුනා. ඔහු මිය යන තුරු ඒ මිතුදම වෙනස් වුණේ නෑ. මහගම සේකර වුනත් මගේ ළඟට මිත්‍රයෙක්. මහගම සේනර, සුමිත්ත අමරසිංහ, නැතිවීම මට විශාල පාඩුවක් වුණා.
කලාවට සම්බන්ධ වීම ඔබ කොහොමද දකින්නේ?
කලාවෙන්, කෙටියෙන් කියනවා නම්, සිනමාවෙන් නැගිටපු මිනිහෙක් තමයි චිත්‍ර බාලසූරිය කියන්නේ නමින් රජ කරන මිනිහෙක් වෙන්න ලේසි නෑ. සිනමාව නිසා, මම රජෙක් වුණා. ඒ දවස්වල මගේ ගෙදර නිතරම කලාකරුවෝ තමයි ගැවසුණේ. ඒ හැම කෙනාම මගේ ගෙදරින් වේලක් හරි කාලා තියෙනවා.
ඔබට තව නිර්මාණ කරන්න තිබුණානේ?
ඔව්. ඒක ඇත්ත. මහගම සේකරගේ වියෝව වගේම පසුකාලීනව මට හොඳ කතා වස්තුවක් ලැබුණේ නෑ ඒ නිසා ‘පරසතු මල්’ කරපු මම ‘තුං මංහන්දියෙන්’ නතර වුණා.
ඔබේ ජීවිතයේ අමතක නොවන සිද්ධි ඇති නේද?
එක්තරා චිත්‍රපට උලෙළෙකදීම ඉන්දියාවේ අගමැති ඉන්දිරා ගාන්ධි මහත්මිය මුණ ගැසුණා. ඒ මුණ ගැසීම මට විශේෂයි. ඒ වගේම පණ්ඩිත් අමරදේව ශුරින් මගේ හැම උපන්දින සාදයකට සහභාගි වෙනවා. ඔක්තෝම්බර් මස 22 වැනිදා පැවැති මගේ උපන්දින සාදයකට ඔහු ඇවිල්ලා. නොවැම්බර් මස 03 වැනිදා ඔහු අපෙන් සමුගත්තා. ඒ වේදනාව තාම මට දැනෙනවා.
ඔබ යම් ප්‍රතිපත්ති මාලාවකට අනුව ජීවත්වන කෙනෙක් නේද?
මගේ ප්‍රතිපත්ති තියෙනවා. ඒ කාලේ ඉඳලම මම බේබදුකමට ගියේ නෑ.ත හැබැයි ඒ තැන්වල ඕන තරම් ඉඳලා තියෙනවා. හොඳයි කියල හිතුණු දේ මම කරනවා. මම හැමකෙනා සමඟම හිනා වෙන්න යන්නේ නෑ. ඒ මගේ හැටි. කිසිම දෙයක් බරපතළ ලෙස හිතුවේ නෑ. ඒ වගේම බරක් දැනුණේ නෑ ඒ නිසා තමයි මහගම සේකර අහපු ගමන් තුංමංහන්දිය පටන් ගත්තේ. දැනට මම මට උරුම ගම්පහ මගේ දේපළ මම විකුණන්න ගියේ නෑ. ඒවා තාම මම ආරක්ෂා කරගෙන ඉන්නවා. මට තියන ලොකුම වාසනාව තමයි මගේ බිරිඳ මාලි මල්ලවආරච්චි, ඇය ඉතාමත් හොඳ කෙනෙක්. මගේ දියණිය අනුපමා බාලසුරිය ඇය වෛද්‍යවරියක්.
ඔබ දනට, පිනට, යොමු වුණු කෙනෙක්?
ඔව්, මගේ බිරිඳ සමඟ එකතු වෙලා අවුරුදු 20ක් තිස්සේ ඉඳලා අපි අපේ‍්‍රල් 14 බෝධි පූජා පවත්වලා පිරිත් කියලා ලොකු ධානමය පින්කමක් කරගෙන ගියා.