වර්ෂ 2023 ක්වූ December 09 වැනිදා Saturday
“අමනුෂ්‍ය ආදරයේ සුන්දරත්වය” ගින්දරී 03

ටිකිරි හෙවත් ගින්දරී මනුෂ්‍ය වේශයෙන් සිටින අමනුෂ්‍ය ගැහැනියකි. බන්ටි ඇයගේ සැමියා වන අතර, අසාමාන්‍ය බලයක් සහිත සුපිරි ඔවුනගේ පුතණුවන් වේ. මනුෂ්‍ය ලෝකයේ ඔවුන් ඉතා සතුටින් කල් ගත කරන අතර, බන්ටි පුවත්පත් කාර්යාලයක ඡායාරූප ශිල්පියකු වශයෙන් කටයුතු කරයි. දිනක් අහම්බෙන් බන්ටිට තම පැරණි මිතුරා වන ලැන්ටි මුණ ගැසෙයි. ඔහු සමග යළි සබඳතා පවත්වන්නට පටන් ගනී. මේ අතර අමනුෂ්‍ය කාන්තාවන් කිහිප දෙනෙකු මිනිස් ලෝකයට පැමිණෙන්නේ , ඔවුන්ගේම රැහේ අයෙකු වන ටිකිරිගේ පුතණුවන් වූ සුපිරි තම ලෝකයට රැගෙන යාමටය. ටිකිරි බන්ටි හා සුපිරි දාමරිකයන්ගෙන් හා යක්ෂණියන්ගෙන් ගැලවීමට මහත් වූ උත්සාහයක යෙදෙයි. ඒ සඳහා ඔවුනට මනුෂ්‍ය වේශයෙන් මෙලොවට වැඩ සිටින දෙවිවරුන් දෙදෙනෙකුගේ සහයෝගය ලැබේ. අවසානයේ දී සියල්ලන් අතර සිදු වන්නේ මාරක සටනකි.
ප්‍රවීණ සිනමාකරු උදයකාන්ත වර්ණසූරියගේ විසි පස්වන සිනමා නිර්මාණය ලෙසින් ගින්දරී -03 තිරයට පිවිසෙන්නේ, බහුභූතයෝ චිත්‍රපටයේ තවත් එක් දිගුවක් ලෙසිනි. ඔහු මෙයට ප්‍රථම මහමෙර උසට (1997) , ගිනි අවි සහ ගිනිකෙළි (1998) , බහු භාර්යා (1999) , රාජ්‍ය සේවය පිණිසයි. (2000) , රෝස වසන්තෙ (2001) , බහුභූතයෝ (2002) , ලේ කිරි කඳුළු (2003) , යකඩ පිහාටු (2003) , දිය යට ගින්දර (2004), රන්දිය දහර (2004) , හිරි පොද වැස්ස (2006) , රං කෙවිට (2007) , ආසයි මං පියාඹන්න (2007) , පායා එන්න හිරු සේ (2009) , චැලේන්ජර්ස් (2011) , සෙනෙසුරු මාරුව (2012) , රං කෙවිට -02 (2013) , කොස්තාපල් පුඤා්ඤාසෝම (2014) , බහු භූතයෝ - 02 (2015) , බන්ධනය (2017), මධුර චාරිකා (2018) , වස්සානේ සඳ (2018) , ප්‍රසිඩන්ට් සුපර්ස්ටාර් (2019), ගිනිමල් පොකුරු (2021) යන චිත්‍රපට ප්‍රේක්ෂකයා වෙත ගෙන ආවේය.
ගින්දරී 03 රංගන දායකත්වය
පබෝදා සංදීපනී, මහේන්ද්‍ර පෙරේරා, රොඩ්නි වර්ණකුල, චුලක්ෂි රණතුංග, ශ්‍රීනාත් මද්දුමගේ, සමන් හේමරත්න, රිචඩ් මානමුදලි, සුනීතා විමලවීර, ටීනා ශනෙල්, චංචලා වර්ණසූරිය, හරින්දි ප්‍රනාන්දු, නිල්මිණි කෝට්ටෙගොඩ, වසන්ත විට්ටච්චි, සරත් කොතලාවල, සරත් චන්ද්‍රසිරි, දිලීප් රෝහණ, ආනන්ද අතුකෝරාල, කීර්ති රත්නායක, සජීව මල්මාලආරච්චි, උපතිස්ස බාලසූරිය, සරත් පීරිස්, නෝමන් පලිහවඩන, උපුල් ගුණවර්ධන, ප්‍රියන්ත මාලවී, බොනිෆස් ජයශාන්ත, දමින්ද මෙන්ඩිස් සමඟින් තිරයට හඳුන්වාදෙන ළමා නළු ටිශෝන් වැන්හොෆ් ඇතුළු ශිල්පීන් රැසක් මේ සඳහා දායකත්වය දක්වා ඇත.
ගින්දරී 03 කාර්මික දායකත්වය
කතාව, දෙබස් තිර රචනය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය - උදයකාන්ත වර්ණසූරිය
සහය අධ්‍යක්ෂණය - ඩොනල් ජයන්ත, ප්‍රියන්ත පතිරගේ, නිරෝෂන් එදිරිමාන්න
කැමරා අධ්‍යක්ෂණය - කේ.ඩී. දයානන්ද
සහය කැමරා - යසස් ශ්‍රී අත්තනායක, කසුන් එම්. අමරසිංහ, ගයාන් ගීතප්‍රිය
සංස්කරණය, වර්ණ සංයෝජනය හා ශබ්ද සැකසුම - ප්‍රවීන් ජයරත්න
කලා අධ්‍යක්ෂණය - අරුණ ඩයස්
සහය කලා - නිශාන්ත කුමාර, ප්‍රියන්ත දසනායක
අංග රචනය - නලින් ප්‍රේමරත්න
අංග රචනා සහය - තරංග උඩුමල්ල, රොඩ්නි වැන්ඩවුඩ්, ප්‍රියන්ත දිසානායක
දෙබස් පටිගත කිරීම සහ අතිරේක ශබ්ද පටිගත කිරීම - සශින් ගිම්හාන් පෙරේරා, තනුෂ්ක කහඳවල
පසු නිෂ්පාදන ප්‍රධාන තාක්ෂණික ශිල්පී - තනුෂ්ක කහඳවල
අමතර ශබ්ද - ඩබ්.පී. පොඩිරත්න
ක්‍රියාදාම සැකසුම - ටෙඩී විද්‍යාලංකාර, සහය ටියුඩර් තිලක්
නිෂ්පාදන කලමනාකරණය - අශෝක ආරියරත්න
නිෂ්පාදන කළමණාකරණ සහය - හේමන්ත බන්ධනගේ, ජනක
නිෂ්චල ඡායාරූප - මහේෂ් නිශාන්ත
5.1 ශබ්ද මිශ්‍රණය -සශින් ගිම්හාන් පෙරේරා
ආලෝකකරණ අධීක්ෂණය - යාපා විජේබණ්ඩාර
ආලෝකකරණ සහය - චමින්ද පතිරත්න, විශ්ව ද සිල්වා, හර්ෂ ලක්මාල්
කොණ්ඩා සැකසුම - රවින්ද්‍ර රූපසිංහ
ඇඳුම් පැලඳුම් නිර්මාණය - ශාන්ති වර්ණකුලසූරිය, රැෆෙලා ප්‍රනාන්දු,
පසුබිම් සංගීත අධ්‍යක්ෂණය - ආනන්ද පෙරේරා
පසුබිම් සංගීත අධීක්ෂණය - සංගීත් වික්‍රමසිංහ
ගී පදරචනය - නිලාර් එන්. කාසිම්
ගීත ගායනය - සංගීත් විජේසූරිය, එම්.ජී. ධනුෂ්ක
ගීතයේ සංගීත නිර්මාණය - නඳුන් රත්නායක
විශේෂ දෘශ්‍ය ප්‍රයෝග - තිලංක පෙරේරා
මූලික හඬපට සැකසුම - සුගත් හෙට්ටිආරච්චි
විඩියෝ රූපගත කිරීම - නාලක කහගල්ල
ගින්දරී 03 අකුරු නිර්මාණය - සිසිර විජේතුංග
විවිධ සහය - දයා පුංචිහේවා, මාලා සිරිවර්ධන,
රුචිර අරවින්ද, සුමිත් කොඩිතුවක්කු, ළහිරු නිමන්ත,
චතුරංග වීරසිංහ, සුමින්ද කරුණාරත්න, සරත් චන්ද්‍රසිරි
ප්රචාරක සැලසුම් හා පිටපත් මුද්‍රණ කටයුතු - නිහාල් සංජය, කිසල් සංජය
සහය නිෂ්පාදනය - දීපා ගිහාන් ප්‍රනාන්දු
ඩිජිටල් වෙළෙද නිර්මාණ කටයුතු - ශාක්‍ය තෙන්නකෝන් මුදලි, නිහාල් සංජය, සිනෙත් මාලක, තාරක කුමාරප්පෙරුම
බහුරූ ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමකි.