උඩු යටිකුරු නෙක විසිතුරු මේක පුදුම ලෝකයක්

දෙසැම්බර් 8, 2022

ප්‍රකට චිත්‍රපට අධ්‍යක්‍ෂ ලාල් ප්‍රියදේවගේ 15 වන සිනමා නිර්මාණය ලෙසින් මේක පුදුම ලෝකයක්, සිනමා පටය ළඟදීම තිරගත වීමට නියමිතව ඇත. සහය දෙබස් රචකයකු සහ සහය අධ්‍යක්‍ෂවරයෙකු ලෙසින් සිනමා ක්ෂේත්‍රයට එක්වු ඔහු, සංස්කරණ ශිල්පියෙකු හා තිර පිටපත් රචකයෙකුද වේ. ජොලි හලෝ, (2001), පතිනියකගේ හෝරාව, (2002), ජොලි හලෝ-2, (2002), විශ්ම රාත්‍රිය, (2003), නොම්බර එකේ චන්ඩියා, (2003), අලි පැටියෝ ඔයයි මමයි, (2006), මගෝ ඩිගෝ ඩයි, (2010), අපේ යාඟඵ පුංචි භූතයා, (2010), කිව්වද නහී නොකීවද නහී, (2011),මගේ යාළු මාළු, (2018),අතුරු මිතුරු හරි අපූරු, (2018) අපට සැදුණු අපේ ලෝකයේ, (2021) ඔහු විසින් මෙයට ප්‍රථම නිර්මාණය කර තිරගත වූ චිත්‍රපට වේ. 

ගුවන් ටිකට්පත් නිකුත් කරන නියෝජිත ආයතනයක සේවය කරන, පහන් සංදීප ඒකනායක විවාහකයෙකි. සෞභාග්‍යා චතුරංගනී ඔහුගේ බිරිඳයි. විවාහ දිවියට ඇතුළත්ව කාලයක් ගත වුවද ඔවුනට දරුවන් නොමැත. එක්තරා නිවාස යෝජනා ක්‍රමයකට අයත් නිවසක් කුලී පදනම මත ගෙන ඔවුන් හුදකලාව ජීවත් වෙයි. දිනක් රෑ මැදියම ඉහළ මාලයක ඇති නිවසක දරුවෙකු හඬන හඩ සහ ඡායාව, ඔවුන්ගේ නිදන කාමරයේ සයනය තුළ හිඳ සෞභාග්‍යා දකියි. එම දසුන පහන්ට පෙන්වුවද ඔහු එය නොදකී. මෙය සෞභාග්‍යාට මහත් ගැටලුවකි. විපරම් කිරීමේදී ඇයට දැන ගැනීමට ලැබෙන්නේ, එම නිවස කිසිවෙකු නොමැති පාළු නිවසක් බවයි. මේ අතරතුර පිටිසර බද ගම් පළාත්වල දරුවන් නැතිවන බවට හා ඔවුන් කොළඹට ගෙනැවිත් හිඟමනේ යොදවන බවට ලද තොරතුරකට අනුව පොලිසිය ඒ පිළිබඳව විමසිලිමත්ව පසුවේ. සෞභාග්‍ය දුටු දසුන සිතින් බැහැර නොකරන ඇය, ඒ පිළිබඳව ගවේෂණය කරයි. දරුවන්ට මොකද වෙන්නේ කියන පැනයට පිළිතුර, මේක පුදුම ලෝකයක්, තිරයට ආ දින ප්‍රේක්ෂක ඔබට නිරාකරණය කර ගැනීමට හැකිවනු ඇත. 

මේක පුදුම ලෝකයක් රංගන දායකත්වය

චිලී තිලංක, තුෂාණි දිනුෂිකා පතිරගේ, කැලුම් ශ්‍රී, රජිත රොඩ්රිගෝ, කාන්චනා කාන්, රෙක්ස් කොඩිප්පීලි, මානෙල් වානගුරු, ටෙඩී විද්‍යාලංකාර, හිරුණි රණසිංහ, සමන් ප්‍රියදර්ශන, සුගත් ජානක , මහින්ද ඉහළගම, සමන් අල්මේදා, මහේෂ් රන්දෙණිය, ජානක ජයකොඩි, ලිතුම් අමායා තිලකවංශ (ළමා), භවිෂා රසාර්ති රංගනා (ළමා), දමින්ද මෙන්ඩිස්, මල්කි ප්‍රනාන්දු, සුනාලි රත්නායක, බුද්ධික හසිත, කල්පනා මධුෂානි, ඈන් මිනේෂි, ළසඳා චම්පිකා, සමන් හිඟුරගේ, ධම්මික ශ්‍රී, ශ්‍රියාණි රූපසිංහ, තුෂාණි ජයන්තා පෙරේරා, වසන්ති සෙනරත්, චන්දු ඉඹුලාන, කුවේට් කුමාරි



මේක පුදුම ලෝකයක් කාර්මික දායකත්වය
කතාව-දෙබස්,තිර රචනය සහ අධ්‍යක්‍ෂණය- ලාල් ප්‍රියදේව
නිෂ්පාදනය - සුනිල් ටී. ප්‍රනාන්දු
සම නිෂ්පාදනය - නිලන් තුෂාරා පෙරේරා
සහය අධ්‍යක්‍ෂණය - තරිඳු ඉලංගකෝන්, ලක්ෂිකා බණ්ඩාර
කැමරා අධ්‍යක්‍ෂණය - ජනිත් ගුණසේකර
අතිරේක කැමරාකරණය - චන්දේව් ඉපලවත්ත
සංස්කරණය, විශේෂ දෘශ්‍ය ප්‍රයෝග හා වර්ණ සංයෝජනය -
දනාල් තිලංජන
7.1 ශබ්ද සැකසුම හා නිර්මාණය - සසික රුවන් මාරසිංහ
ශබ්ද සැලසුම්කරණය - චලක යසස් පෙරේරා
අංග රචනය - හෙන්රි ප්‍රේමරත්න
පසුතල නිර්මාණය - සුනිල් ධර්මසිරි සහය චමිල ගුණසේකර
පසුබිම් සංගීතය - විශ්ව නිපුන්
ගී තනු නිර්මාණය - නියෝ පිටිගල, චමත්කා පීරිස්
ගී පද රචනය - සුනිල් ධර්මසිරි, කසුන් කොන්දසිංහ
ගීත ගායනය - රසිත් මනුරංග යාපා, මිඩෝරි කරුණාරත්න,
චමත්කා පීරිස්, ධම්මික ධනංජය, කෞෂික වීරරත්න (රැප්)
ඇඳුම් පැලඳුම් - දිනු ප්‍රියදර්ශනී
නර්තන අධ්‍යක්‍ෂණය - සංඛ අබේසිංහ, කැලුම් ශ්‍රී,
දූලී ප්‍රනාන්දු
ආලෝකකරණ සහය - ඩී.ඩී.එස්. ශ්‍රී ලාල්



ඇන්ටන් ජේ.ප්‍රනාන්දු