වර්ෂ 2023 ක්වූ December 09 වැනිදා Saturday
හාස්‍ය ප්‍රභවයේ උත්පාදකයා කැමිලස්ගේ ගජමෑන් 3D

හැත්තෑව දශකයේ මෙරට පුවත්පත් කලාවේ අතිශය ජනප්‍රිය හා ප්‍රබල කාටුන් චරිතයක් වූ, ප්‍රවීණ කාටුන් චිත්‍ර ශිල්පී කැමිලස් පෙරේරාගේ තෙලි තුඩින් උපන් ගජමෑන් ඇතුළුව මෙරට පාඨකයින් හමුවේ තබන ලද වෙනත් අතිශය ආකර්ෂණීය හා හාස්‍යජනක කාටුන් චරිත සමූහයක් මූලිකකොට ගනිමින් ශ්‍රී ලංකාවේ නිර්මාණය කර තිරගත වන ප්‍රථම ත්‍රිමාණ සජීවීකරණ සිනමා නිර්මාණයයි ගජමෑන්
නූතන සන්නිවේදන ලෝකය හමුවට පැමිණෙන මෙම ත්‍රිමාණ සජීවීකරණ සිනමාපටය නිර්මාණය කර ඇත්තේ, සුප්‍රකට චිත්‍රපට අධ්යක්ෂවරුන් වන ජේම්ස් කැමරන්ගේ ඇවටාර් සහ ස්ටීවන් ස්පීල්බර්ගේ ටිං ටිං වැනි ලෝ සුපතළ දැවැන්ත බටහිර සිනමාකෘති නිර්මාණය කරන ලද මෝෂන් කැප්චර් ගර්ධබඪධද ඛ්චනබභපඥඝ තාක්ෂණය හා අනුගත වෙමිනි. චලන ග්‍රහණය යනුවෙන් අර්ථ ගැන්වෙන මෙම මෝෂන් කැප්චර් තාක්ෂණය සිනමා මාධ්‍යයට එක් වන්නේ මෘදුකාංග ආධාරයෙන් සජීවීකරණය කළ චරිත වල ක්‍රියාවන් සැබෑ නළු නිළියන්ගේ චලනයන්ට අනුගත කෙරෙන නව සජීවීකරණ විධික්රමයක් වශයෙනි.
හෙළ සිනමා ක්ෂේත්රයට වෙනස් වූ නිර්මාණාත්මක නිර්මාණයක් සමගින් එක්වන චානක පෙරේරාගේ කුළුඳුල් කාටුන් සිනමා වෘත්තාන්තයයි ගජමෑන්. සාන්ත පීතර විදුහලේ ආදි ශිෂ්‍යයෙක් වූ ඔහු, මෙරට අධ්‍යාපන කටයුතුවලින් අනතුරුව ඕස්ට්‍රේලියාවේ ස්වින්බර්ග් විශ්වවිද්‍යාලයේ බහු මාධ්‍ය පිළිබඳව උසස් අධ්‍යාපනය ලැබූවෙකි. එහිදී දැන උගත් සිනමා භාවිතය ඇසුරෙන් ගජමෑන් ට ජීවය දී ඇත. මෙරට ඉහළම තලයේ වෙළද දැන්වීම් නිෂ්පාදන ආයතනයක් පවත්වාගෙන යනු ලබන ඔහු , ත්‍රිමාණ සජීවීකරණය හා තොරතුරු තාක්ෂණය පිළිබඳව ඉහළම අධ්‍යාපනයක් ලද යොවුන් නිර්මාණ ශිල්පියෙකි.
ගජමෑන් චිත්‍රපටයේ මෝෂන් කැප්චර් රංගන ශිල්පීන්
දසුන් පතිරණ (ගජමෑන්), කසුනි කාවින්දි (පද්මාවතී), චාමර ප්‍රියදර්ශන (ඇම්ඩා), ප්‍රදීප් රාමවික්‍රම (ටික්කා සහ ලපයා ), නිපුණි ශාරධා (සුවිටි සහ චූටි), ටිරාන් අබේවර්ධන (මගෝඩිස්තුමා), ඉරේෂා (මගෝඩිස් තුමාගේ බිරිඳ)
ගජමෑන් චරිත හා හඬකැවීම් ශිල්පීන්
ගාමින්ද ප්‍රියවිරාජ් (ගජමෑන්), ටිරාන් අබේවර්ධන (මගෝඩිස් තුමා), සුනෙත් චිත්‍රානන්ද (ඇම්ඩා), රශී පබෝධා (පද්මාවතී), යුරේනි නොසිකා (සුවිටි), දමිතා අබේරත්න (මගෝඩිස් තුමාගේ බිරිඳ), නිපුණි සාරධා (චූටි), අනුරාධ සිගේරා (ගුරා, සෙල්ලංසේන සහ පොලිස් නිළධාරියා), වසන්ති රන්වල (ගජමෑන්ගේ මව), පරාක්‍රම පෙරේරා (චව් චව්), ගිහාන් බ්ලොක්, ඩිනෝ කුරේරා, ජානක රණසිංහ, අනුක ගුණවර්ධන, බන්දුල පද්මකුමාර, ඩී.ජේ. අරා සහ පැස්බරා
ගජමෑන් කාර්මික නිර්මාණ දායකත්වය
අධ්‍යක්ෂණය - චානක පෙරේරා
නිෂ්පාදනය - චාමික ජනදාස, ජොන් ෆොන්සේකා
චරිත නිර්මාණ සහ කතාව - කැමිලස් පෙරේරා
පිටපත හා හඬ අධ්‍යක්ෂණය -
ගාමින්ද ප්‍රියවිරාජ්, සුනෙත් චිත්‍රානන්ද
සහය අධ්‍යක්ෂණය - ශෂී කෞෂල්‍ය, රුචිත් ලංකේෂ්වර,
චරිත් ඉමදූව
ඡායාරූප අධ්‍යක්ෂණය - ශෂිමාල් කුලරත්න,
එස්. ඉසුරු මධුශාන්
විධායක නිෂ්පාදනය - ඉසුරු ඩේවිද් , ඉසුරු සිල්වා
ප්‍රධාන නිර්මාණවේදී - දනුෂ්ක ලක්මාල් කන්නංගර
සංස්කරණය - සශිමාල් කුලරත්න
වර්ණ සංයෝජනය - සේනක වික්‍රමසූරිය
සංකල්ප නිර්මාණ ශිල්පී - රුවන්ති අමරසේකර
නිරූපණ අධීක්ෂණය - දනුෂ්ක ලක්මාල්,
ඉල්හාම් මොහොමඩ්
නිෂ්පාදන කලමණාකරණය - ක්‍රිශාන්ත ගුණතිලක
නිෂ්පාදන හා නළු නිළි සම්බන්ධීකරණය - රංජන් ප්‍රසන්න
දෙබස් පටිගත කිරීම - රුවන් වල්පොල
දෘශ්‍ය ප්‍රයෝග ශිල්පීන් - සේනක වික්‍රමසූරිය, හර්ෂ කුමාර,
රිවිනු අමන්ද
කතා පිටපත් අධීක්ෂණය - සුනෙත් චිත්‍රානන්ද,
ගාමින්ද ප්‍රියවිරාජ් , චානක පෙරේරා
සංගීත අධ්‍යක්ෂණය - අනුෂ්ක උදාන (වස්ති)
සංගීත සංයෝජනය - ළහිරු ද කොස්තා
ගීත ප්රබන්ධනය - ටිරෝන් පෙරේරා , දිනේෂ් ගමගේ, කයිසර් කයිස් (අමිල රුවන්ගේ), සනුක වික්‍රමසිංහ, අනුෂ්ක උදාන, විදුල රවිසර, ඩැඩී.
ගීත ගායනය - අනුෂ්ක උදාන , සුනිල් පෙරේරා, රිද්ම වීරවර්ධන, දිනේෂ් ගමගේ, කල්පනා කාවින්දි, සනුක වික්‍රමසිංහ, ශ්‍යාමිලා සිරිවර්ධන, ඩැඩී, කයිසර් කයිස්, විදුල රවිසර
ගී තනු නිර්මාණ - දිනේෂ් ගමගේ , ටිරෝන් පෙරේරා, යුකී නවරත්න, සනුක වික්‍රමසිංහ, විදුල රවිසර, ඩැඩී
සජීවීකරණ අධ්‍යක්ෂණය - එස්. ඉසුරු මධුෂාන්
ආලෝකරණය, සජීවීකරණ ශිල්පී සහ මෝෂන් කැප්චර් තාක්ෂණ අධ්යක්ෂ - යසිරු ගුණතිලක
ප්‍රධාන ආලෝකකරණ සහ වර්ණ සංශෝධන ශිල්පී -
දනුෂ්ක ලක්මාල් කන්නංගර
ප්‍රධාන සජීවීකරණ ශිල්පීන් - රිෂ්වාන් රෆිීක්,
ඉසුරු මධුෂාන්
චරිත නිරූපණ තාක්ෂණ අධ්යක්ෂ -
චමිල නුවන් උදයවර්ධන
චරිත හා පරිසර සජීවීකරණය - සමෝද් චානුක ප්‍රනාන්දු
අක්ෂර සංයෝජනය - සේනක වික්‍රමසූරිය, හර්ෂ කුමාර
ශබ්ද සංස්කරණ අධීක්ෂණය -
නිසල් ගංගොඩගේ සහය ධනංජය ඒකනායක
සහය ශබ්ද සැලසුම්කරණය - තරිඳු සාරංග
ඩී.සී.පී පිටපත් කිරීම - දිනිඳු ජාගොඩ
සජීවී කරණ ශිල්පීන් - ඉල්හාම් මොහොමඩ් , සඳරු ලක්ෂාන්, හෂාර රොමෙල්, ආර්. මිතුන් පෙරේරා, චරිත් ඉමදූව, ප්‍රබෝද් වික්‍රමසූරිය , බ්‍රැන්ඩි ගම්පොළ, හයිඩෙන් ෂම්මි, කලත් වර්ණකුලසූරිය
ස්ටූඩියෝ 101 ඉදිරිපත් කිරීමකි.