මානව භක්තියේ නිර්මල ගුරු ගීතය තට්ටු දෙකේ ඉස්කෝලේ

පෙබරවාරි 2, 2023

අති දුෂ්කරවූත් සුන්දර අව්‍යාජ ගැමි සුවඳීන් පිරි ගම්මානයකි සූරියපාළුව. හරිත වන වදුලෙන් මෙන්ම කඳු වළල්ලකින් වටවූ මේ ගම්මානයේ දරුවන් අකුරු කරනුයේ, සූරියපාළුව ගමෙහි පිහිටි පාසැලෙනි. ශ්‍රී ලංකාව පුරා මැලේරියා වසංගතය පැතිරයන මොහොතක සූරියපාළුව ගමට ද ඉන් මිදීමට නොහැකි වෙයි. මේ හේතුවෙන් සියලුම ගුරුවරුන් ස්ථාන මාරු ලැබ ගමෙන් පිටව යාමෙන් පාසැල වැසී ගොස් දරුවන් අසරණභාවට පත් වේ. පාසැලේ මුරකරුවා වන පාල පාසැල හැර නොයයි. ශක්තිමත් සේම බුද්ධිමත් පුද්ගලයකු වූ ඔහු, තමන්ට හැකි අයුරින් පරිසරය හා අනුබද්ධ වෙමින් ජීවිතය පිළිබඳව දරුවන්ට කියා දෙයි. පාසල ඉදිරිපස ඇති දැවැන්ත සියඹලා ගස මත තට්ටුදෙකේ ඉස්කෝලෙ ඉදිවන්නේ දරුවන්ගේ සිහිනයක් සැබෑ කරමින් පාලගේ ශක්තියෙනි. අහම්බෙන් ලද පත්තර පිටුවක තිබූ චිත්‍ර තරඟයක් පිළිබඳව දකින පාල එම ගමේ දරුවන්ගේ චිත්‍ර එයට යොමු කරයි. බණ්ඩා නැමැති දරුවා ඉන් ජයග්‍රහනය කරන අතර, වැසීගිය පාසැලක් නිසාවෙන් සහ විදුහල්පති නිර්දේශය නොමැති වීමෙන් එම චිත්‍රය ප්‍රතික්ෂේප වෙයි. ඔය අතර රේවත බණ්ඩාර නම් ලෝ ප්‍රකට පරිසරවේදියා සූරියපාළුව ගම්මානයට පැමිණීමත් සමඟම බොහෝ දේ වෙනස් වීමට පටන් ගනී. දරුවන්ගේ අනාගතයට කුමක් සිදුවේද ? වැසී ගිය පාසැල යළි ඇරැඹේද යනු ඉදිරියේ දී දැන ගැනීමට හැකි වනු ඇත.

ප්‍රවීණ පුවත්පත් මාධ්‍යවේදීයක්, ග්‍රන්ථ කතුවරයෙක්, පිටපත් රචකයෙක්, ගීත රචකයෙක් හා සම්මානිත වාර්තා චිත්‍රපට නිර්මාණකරුවකු වූ ලලිත් රෝහිත එදිරිසිංහගේ කුලුඳුල් සිනමා වියමනයි “තට්ටු දෙකේ ඉස්කෝලේ ”. “ආදරෙයි අහස තරම් ” , “සිඳංගනාවෝ ” , “බෝධි” , “බ්‍රහ්ම මුහුර්තය” , “බිනරමලී” , “අඳුරු සෙවණැලි ” , “නොදුටු මල ” වැනි ටෙලි නාට්‍ය විශාල ප්‍රමාණයකට පිටපත් රචනයෙන් දායක වූ ඔහු , “මනුසත් විමන් ” හා “ඉරගිනි මද්දහන ” යන ටෙලි නාට්‍යයන් හි අධ්‍යක්ෂවරයා ද වේ. කලාවේ විවිධ ඉසව් තරණය කිරීමෙන් ලද පන්නරය මත “තට්ටු දෙකේ ඉස්කෝලේ” නිර්මාණය කිරීමට යෙදුණු බව ඔහු පවසයි. මෙය ඉතාමත් නුදුරේම තිරගත කිරීමට සැලසුම් කර ඇති සිනමා නිර්මාණයකි.

“තට්ටු දෙකේ ඉස්කෝලේ” රංගන දායකත්වය

ජගත් චමිල, මංජුලා කුමාරි, දමිතා අබේරත්න, ප්‍රියන්ත සිරිකුමාර, නයනා හෙට්ටිආරච්චි, ජනක් ප්‍රේමලාල්, අවන්ති අපොන්සු, මෞලි දුෂ්මන්ත ෆර්ඩිනැන්ඩු, අන්ජලී ලියනගේ, වොල්ගා කල්පනී, චමීර ලියනගේ, සූර්යා දයාරුවන්, අයෝධ්‍යා දක්ෂිණා රත්නසිරි, ජයන්ති අබේරත්න, ෆර්ණි රෝෂනි, නෙතලි නානායක්කාර, තරුෂි පෙරේරා, ජීවන්ත පෙරේරා, කේ.ජී. හේරත්, තිස්ස බණ්ඩාරනායක, ෂෙල්ටන් කැකුණවල, ජයන්ත වාසල, අතුල ජයතිස්ස, උපුල් වසන්ත

ළමා නළු නිළියන්

සුදම් කටුකිතුල, තේෂාලි දෙව්මිණි නාකන්දල, ලංකානාත් අල්ගම, ගවීශා අල්ගම, මහීෂා නෙතාරා, ආකාෂ් ක්‍රිෂාන්, දුලන්‍යා සයුන්දි ඒකනායක, පන්සිලු පවන් ඒකනායක, ඉමාෂ් ලක්ෂාන් විතාන, සහේන් ගුණතිලක, දහම්සා තරුදිසි ඒකනායක, නික්ලේෂ් සමරසේකර, ලවණ්‍යා සිත්මි අතුරුලිය, ගඟුලි ශාක්‍යා විජේසූරිය, නදීශා මල්කි රාජපක්ෂ, කවීශා නෙත්මිණි, නිර්මාල් හර්ෂණ හේරත්

 

තට්ටු දෙකේ ඉස්කෝලේ කාර්මික දායකත්වය

කතාව, තිර රචනය සහ අධ්‍යක්ෂණය - ලලිත් රෝහිත එදිරිසිංහ

නිෂ්පාදනය - වෛද්‍ය නිශාන්ත ප්‍රදීප් රුද්‍රිගු

සහය අධ්‍යක්ෂණය - ජයන්ත අබේරත්න, අමිල සඳුන් ප්‍රේමරත්න

කැමරා අධ්‍යක්ෂණය - මයුර කෞශල්‍ය කාරියවසම්

කැමරා සහය - නුවන් නිරෝෂණ, අසංක නයන ශ්‍රී

සංස්කරණය - ප්‍රවීන් ජයරත්න

අංග රචනය - උෂාන් ඕවිට සහය - ළහිරු නිශාන්, ක්‍රිශාන්ත කුමාර

කලා අධ්‍යක්ෂණය - සුනෙත් නන්දලාල් සහය සුපුන් මධුසංඛ

ශබ්ද පරිපාලනය - සශින් ගිම්හාන් පෙරේරා

වර්ණ සංයෝජනය - ශාන් අල්විස්

දෙබස් පටිගත කිරීම - සශින් ගිම්හාන් පෙරේරා, තනුෂ්ක කහඳවල

දෘශ්‍ය ප්‍රයෝග - සිද්ධාර්ථ නායනානන්ද

අතිරේක ශබ්ද සැපයිම - ඩබ්.ජී. පොඩිරත්න සහය ප්‍රියන්ත නිරෝෂණ

දර්ශන තලයේ ශබ්ද පටිගත කිරීම - එම්.පී.ආර්.සී. මධුරංග

නිෂ්පාදන කළමනාකරණය - උපුල් වසන්ත, දිනේෂ් විජේසිංහ, සුජීවා ප්‍රියන්ති

නිශ්චල ඡායාරූප - දුලිත් ප්‍රියංකර

සම්බන්ධීකරණය - නිලන්ත සේනාධීර

සංගීත අධ්‍යක්ෂණය - ජගත් රස්නායක

ගීත ප්‍රබන්ධය - ලලිත් රෝහිත එදිරිසිංහ, තුෂාරි අබේසේකර

ගීත ගායනය - දිනේන්ද්‍ර ජයවීර බණ්ඩාර, යොනාලි ගලප්පත්ති, සජානි කවීෂා, සචිනි නිසංසලා මෙන්ඩිස්, නිතිල සිතුපම ගුණරත්න, නන්දිත සත්සර ප්‍රනාන්දු

අමතර ළමා ගායනා - ගවීෂා අල්ගම, ලංකානාත් අල්ගම

පසුබිම් ගායනය - තුසිත් සම්පත්, දිනේන්ද්‍ර ජයවීර බණ්ඩාර

ආලෝකකරණ ශිල්පී - රොහාන් බුලත්සිංහල

ආලෝකකරණ සහය - නිශාන්ත ප්‍රනාන්දු, තරිඳු තරංග, රවිරාජ්

ඩිල් ෆිල්ස් මැදිරි තාක්ෂණික සහය - තනුෂ්ක කහඳවල

නිෂ්පාදන සහය - ශාන්ත කුමාර,  ජානක අජිත් කුමාර

ඉග්නාරා මීඩියා ප්‍රඩක්ෂන් ඉදිරිපත් කිරීමකි.

 

[email protected]