තාරුණ්‍යයේ යූරෝ සිහින ඛේදවාචකය පාස්පෝට්

මාර්තු 9, 2023

ඉටු නොවූ බලාපොරොත්තු දහසක් මැද හා දරිද්‍රතාවයේ ඉම ජීවිතය දියකර හරිමින් හිදිනා කඳුකර පළාතේ රැකියා විරහිත තරුණයන් දෙදෙනෙකු වන අමරේ සහ සමන් ජීවිතය ජය ගැනීමේ අරමුණින් යුරෝපාකරයට යාමේ සිහිනය යථාර්තයක් කර ගැනීම සඳහා, නිත්‍යානුකූල නොවනා එතරවීමේ ක්‍රමයන් වන බහුදින යාත්‍රා සහ නැව් මඟින් එතෙර වීමට දැරූ සියලු උත්සාහයන් නිරර්ථක වීමෙන් අනතුරුව, කොළඹ නගරයේ කූට ඒජන්සිකරුවෙකු වන කුමාර හරහා ව්‍යාජ ලිපි ලේඛන ඇසුරින් ඉතාලියට යාමට සුදානම් වෙයි. ඔවුන් සමඟින් මැණික් පිළිබඳව ගනුදෙනු කරුවෙක් වන ගලිවර්ද ගමනට එක්වෙයි. හොර මාර්ගයන් ඔස්සේ යන ඔවුන්ව එක් පාළු ස්ථානයක දී වටලන ඉතාලි කොල්ලකරුවන් විසින් ගලිවර් ව පැහැර ගනී. නොහඳුනන දීපයක පාළු නිම්නයක තනි වෙන ඔවුන් සුසුම් හෙළයි. අමරෙට ගමේ පෙම්වතිය වන නීලා සිහිපත් වෙයි. මිනිස් පුළුටක් නොමැති කාන්තාරයක අසරණව අතරමං වන ඔවුන් අනපේක්ෂිත සිදුවීම් රැසකට මුහුණ දෙයි. සමන් සහ අමරෙ දුටු සිහින සැබෑ වේවි ද, ඔවුන්ගේ ජීවිතවල අනාගත ඉරණම කෙලෙස විසඳේ ද යනු නිගමනය කිරීම සඳහා පාස්පෝට් තිරගත වන තුරු ඉවසිය යුතුව ඇත.

රූපවාහිනී දැන්වීම් ක්ෂේත්‍රයේ සහය අධ්‍යක්ෂවරයෙකු ලෙසින් වසර ගණනාවක මනා නිපුණත්වයක් ලත්, ප්‍රවීණ ඡායාරූප ශිල්පියකු ලෙසින් ද කලා ලොව හා සම්බන්ධව සිටිනා ක්‍රිෂ් ඇන්තනීගේ කුලුඳුල් සිනමා වෘත්තාන්තය ලෙසින් පාස්පෝට් ළඟදීම තිරගත වීමට නියමිතව ඇත. ඔහු මෙයට ප්‍රථම තිර රචනයේ සිට තිරය දක්වා යන මාතෘකාව යටතේ පැය හැට හයක් වැනි කෙටි කාලයක් තුළ ලෝක ගිනස් වාර්තාවක් වෙනුවෙන් බාඳුරා නමින් චිත්‍රපටයක් නිර්මාණය කර ඇත. එය මෙතෙක් තිරගත වී නොමැත. තිර රචකයකු ද වන ඔහු, මෙම පාස්පෝට් සිනමා පටය ඔස්ට්‍රියා, ඉන්දියාව, ඉතාලිය වැනි රටවල් කිහිපයකම සුන්දර දර්ශන තලයන් හි රූපගත කිරීම් සිදු කර ඇත. කාලයක් තිස්සේ තාරුණ්‍යයේ සිත් තුළ හොල්මන් කරනා ඩොලර්, යුරෝ සිහිනය අද හෙට පමණක් නොව මතු මතුත් සාකච්ඡාවට බඳුන් කල යුතු මාතෘකාවක් බව අධ්‍යක්ෂවරයාගේ අදහසයි.

පාස්පෝට් රංගන දායකත්වය
ජගත් චමිල, නයනතාරා වික්‍රමාආරච්චි, මහේන්ද්‍ර පෙරේරා, ධර්මප්‍රිය ඩයස්, දර්ශන් ධර්මරාජ්, මල්කාන්ති ජයසිංහ, රොෂාන් පිලපිටිය, අතුල ජයසිංහ, සුසන්තා චන්ද්‍රමාලි, හසිනිකා කරලියැද්ද, රාජා ගනේෂන්, ප්‍රියන්ත සෙනෙවිරත්න, සූරිය කුමාර, රියන්සි විජේරත්න, තිස්ස ගුණතිලක, විරාජ් මාලිංග, නුවන් කළුආරච්චි, බියංකා ෆොන්සේකා, ගීතානන්ද අබේසුන්දර, දිලක්ෂි විරපරාක්‍රම, සමන් අල්මේදා, චන්ද්‍රසේන වන්නිආරච්චි, ප්‍රදීප් කුමාර, අතුල ක්‍රිස්ටෝපර්, වෙලේගෙදර රණසිංහ, පාලිත ප්‍රේමකුමාර, තුෂාරි වේහැල්ල, සමීර ඩෙල්ශාන් ද සිල්වා, ඩැරන් ස්ටොක්

පාස්පෝට් කාර්මික දායකත්වය
තිර රචනය සහ අධ්‍යක්ෂණය - ක්‍රිස් ඇන්තනී
නිෂ්පාදනය - වෛද්‍ය විරාජ් තාඹුගල
සහය අධ්‍යක්ෂණය - නිරෝෂන් එදිරිමාන්න, ප්‍රණීත් ගුණරත්න, නිශාන්ත, බන්දු
කැමරා අධ්‍යක්ෂණය - ප්‍රියන්ත මලවිගේ, විශ්වජිත් කරුණාරත්න
කැමරා සහය - නුවන් නිරෝෂන්, ගයාන් ගීත්ප්‍රිය, මෙවන් නිශාන්, අසංක මුණසිංහ, රනිල් වසන්ත, අසංක නයන ශ්‍රී, චමින්ද පතිරත්න
සංස්කරණය සහ වර්ණසංකලනය -
ශාන් අල්විස්
අංග රචනය - රුචිර සංජීව
කලා අධ්‍යක්ෂණය - අරුණ ඩයස්
කලා අධ්‍යක්ෂණ සහය - නිශාන්ත කුමාර,
සුරංග හික්කඩුව, පසිඳු කේෂව
නිෂ්පාදන කළමනාකරණය -
එස්. සර්වන්, ප්‍රසාද් ඇන්තනී
රේඛීය නිෂ්පාදනය - ලලිත් වරුණ රාජපක්ෂ
විධායක නිෂ්පාදනය - සමීර ඩෙල්ශාන් ද සිල්වා
නිෂ්පාදන සම්බන්ධීකරණය - මාලන් හෝම්ස්
සංගීත අධ්‍යක්ෂණය - සුදත් ජයසිංහ, ශ්‍යාමා ජයසිංහ
ගීපද රචනය - නිලාර් එන්. කාසිම්, කැලුම් ශ්‍රිමාල්,
ශ්‍යාමා ජයසිංහ
ගීත ගායනය - සුපුන් පෙරේරා, මීනා ප්‍රසාදිනී,
මිහිඳු ආරියරත්න, ඉන්දික රුවන් (රූනි),
සුදත් ජයසිංහ
ශබ්ද පරිපාලනය - සශින් ගිම්හාන් පෙරේරා
ප්‍රධාන ආලෝකකරණ ශිල්පීන් - ගාමිණිී බණ්ඩාර,
ශාරක ශ්‍යාමල්
ආලෝකකරණ ශිල්පීන් - දනුෂ්ක රසදස්, හර්ෂ විකුම්,
සුනිල් ජයකොඩි, අනුර කුමාර, කසුන් විදුරංග,
මධුරංග බණ්ඩාර, දනුෂ්ක බණ්ඩාර,
චාරක බටුවත්ත
නිශ්චල ඡායාරූප - නුවන් සමාදි, විනෝදරන්
දෙබස් පටිගත කිරීම - තනුෂ්ක කහඳවල
සංවර්ධිත තිර රචනය - ලලිත් වරුණ රාජපක්ෂ
විශේෂ ශබ්ද ප්‍රයෝග - ඩබ්.ජි. පොඩි රත්න
කැමරා උපකරණ - ඩිල් ෆිල්ම් ඉන්ටනැෂනල්,
ක්‍රියේට්ව් රෙඩ් ප්‍රඩක්ෂන්
සංස්කරණ හා වර්ණ සංයෝජන මැදිරිය -
ශා ස්ටුඩියෝ කැලණිය
අවුරා ලංකා එන්ටර්ටේන්මන්ට් ඉදිිරිපත් කිරීමක්



ඇන්ටන් ජේ.ප්‍රනාන්දු