වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
මතු දකින චිත්‍රපට

චන්න පෙරේරා අධ්‍යක්ෂණය කළ තුන්වැනි චිත්‍රපටයයි. අනන්තය මත ඔබ වෙනුවෙන්ම ඇඳී සෙනෙහසේ සිහින සිත්තම ලෙස තේමා පාඨයකින් හැඩවන මෙහි කතාව සහ තිරරචනය මෙන්ම ප්‍රධාන චරිත නිරූපණය ද ඔහුගේම වීම විශේෂත්වයකි. මීදුමෙන් සැඟව ගිය එක් හුදෙකලා නිම්නයක නිහඬ දිවියක් ගෙවන නිසල්ගේ ජීවිතයට ආදරය ගෙන එන්නී අනුත්තරාය. ඇයගේ චරිතයට පණ පොවන්නේ හඳුන්වාදෙන නිළි නිම්හාරා සේනානායකයි. මාලිනී ෆොන්සේකා, ක්ලීටස් මෙන්ඩිස්, මොරින් චාරුණී, කුසුම් රේණු, ශ්‍රීමාල් වෙඩිසිංහ, මර්වින් පෙරේරා, කුමුදු නිශාන්ත, අර්ඩ්ලි වෙදමුණි සහ ළමා නිළි ලියානා කුමාරගේ සමඟ විශේෂ ආරාධිත රංගනයෙන් අතුල අධිකාරි මෙයට රංගනයෙන් දායකව ඇත.
නිමේෂ් කුලසිංහගේ සංගීත අධ්යක්ෂණයට උරේෂා රවිහාරි, තීක්ෂණ අනුරාධ,සුපුන් පෙරේරා, නුවන්දිකා සේනාරත්න පසුබිම් ගායනයේ යෙදෙමින් මේ සිනමාපටය ගීතවත් කරවති.
අජිත් රාමනායකගේ සංස්කරණය, ජනක යහම්පත්ගේ කැමරා අධ්‍යක්ෂණය, සසික රුවන් මාරසිංහගේ නාද සංස්කරණය ආදියෙන් හැඩවන සිහින අනන්තේ සඳහා ජනක එදිරිසූරිය, ෆයාස් නජිමුඩින්, ෆසාල් අහමඩ්, ධනුක ගමගේ,ප්‍රසාද් වෙල්ලාලගේ සහ ප්‍රසාද් ප්‍රනාන්දු සම නිෂ්පාදනයෙන් දායක වී ඇත.
දේවින්ද කෝන්ගහගේ රචනය සහ අධ්‍යක්ෂණය කළ මෙය සිංහලේ අවසන් රජු ශ්‍රී වික්‍රම රාජසිංහ චරිතය පදනම් කරගත් ඓතිහාසික කතාවකි. රුපියල් කෝටි 13ක පමණ මුදලක් වැය කළ දැවැන්ත සිනමා නිර්මාණයක් වන මෙය සිනමා ඉතිහාසයේ පළමු වතාවට භික්ෂුවක් විසින් චිත්‍රපටයක සංගීත නිර්මාණය කළ චිත්‍රපටය ද වේ. එම වාර්තාවට හිමිකම් කියන්නේ බිබිලදෙණියේ මහානාම හිමියන්ය.
සුරේෂ් ධම්මික කැමරාකරණයෙන් ද ප්‍රවීන් ජයරත්න සංස්කරණයෙන්ද දායක වන මෙහි පුබුදු චතුරංග ශ්‍රී වික්‍රම රජුගේ චරිතයටත්, නිරන්ජනී ශන්මුගරාජා රංගනායකී රැජන ලෙසත්, මහේන්ද්‍ර පෙරේරා පිළිමතලාවේ අදිකාරම් ලෙසත් චරිත නිරූපණය කරන මෙහි අමිත්ත වීරසිංහ, රොෂාන් පිලපිටිය, බුද්ධික ලොකුකැටිය, දයා තෙන්නකෝන්, නයනතාරා වික්‍රමසිංහ ප්රමුඛ ශිල්පී ශිල්පිනීහු රැසක් රංගනයෙන් දායක වෙති. ගිරිවැසිපුර බෙස්ට් ලයිෆ් ඉන්ටර්නැෂනල් නිෂ්පාදනයකි. මෙරට ප්‍රථම ත්රිෛභාෂා ඉතිහාස වීරාඛ්‍යාන වෘත්තාන්ත චිත්‍රපටය ලෙස මෙය සැලකේ.
තම පළමු පෙම්වතියගෙන් දුරකථන ඇමතුමක් ලබන වරුණ ලංකාවට පැමිණෙන්නේ අතුරුදන් වූ ඇයගේ දරුවා සොයාදීමටයි. එහෙත් සැබැවින්ම ඇයට දරුවෙක් සිටියාද? මෙය විසඳන්නේ සුරංග ද අල්විස්ගේ අධ්‍යක්ෂණයෙන් යුතු කිඩ්නැප් චිත්‍රපටයයි. මහේන්ද්‍ර පෙරේරා, දුලානි අනුරාධා, බුද්ධික ජයරත්න, අර්ජුන කමලනාත්, ඉසුරු ලොකුහෙට්ටගේ ඇතුළු නළු නිළියන් රැසකගේ දායකත්වයෙන් වන මේ අතුරුදන් වීමේ කතාවේ සංගීතය සරත් ද අල්විස්ගෙනි. සංස්කරණය රුවන් වීරසිංහ, කැමරා අධ්‍යක්ෂණය තුසිත අනුරාධ විසිනි.
රූපණය තීව්රතර මානසික විද්‍යාවක් ලෙස උගන්වන බටහිර ගුරුකුලයකට අයත් මෙරට රංගාචාර්යවරයකු වන වරෙණ්ය සහ ඔහුගෙන් රංගනය ඉගෙනීමට පැමිණි ශිෂ්‍යාවක් වන සුමධ්‍යාගේ ස්වාපණ ආරූඪය නිසා අසාමාන්‍ය කාල විපරිවර්තනයක ගොදුරක් වන ඇයත් ඒ ආකාරයේම ලක්ෂණයක් දක්වන රාජිනී නම් දශක පහකට පෙර සිටි සුප්‍රකට නිළියකුත් අතර ඇතිවන අපූර්ව බැඳීම පිළිබඳ කතාන්තරයකි. මෙහි කතාව, දෙබස්, තිර රචනය, අධ්‍යක්ෂණය සහ සම නිෂ්පාදනය ජයන්ත චන්ද්‍රසිරිගෙනි.
උද්දික ප්‍රේමරත්න, උදාරි වර්ණකුල, චුලක්ෂි රණතුංග, බුද්ධික ජයරත්න, ශ්‍රියන්ත මෙන්ඩිස්, කුසුම් රේණු, වසන්ත විට්ටච්චි ඇතුළු රංගන ශිල්පී ශිල්පිනීන් රැසකගේ දායකත්වය මෙය සඳහා ලැබී ඇත. නවරත්න ගමගේ ගේ සංගීතයට කුෂානි සඳරේඛා, ලෙස්ලි තෝමස්, දමිතා අබේරත්න ගායනයෙන් දායක වෙති. සංස්කරණය, ශබ්ද සැලසුම් හා වර්ණ සංකලනය හා කැමරා අධ්‍යක්ෂණය ප්‍රවීන් ජයරත්න විසිනි. මිදුණු විශ්වය රුවන් ජයසිංහගේ නිෂ්පාදනයකි.
අප බ්‍රිතාන්‍ය යටත් විජිතබවෙන් නිදහස ලැබූ 1948 වසරේදීම මාතර දිස්ත්‍රික්කයේ ගොවියකු හට තම කුඹුරු යායේ තිබී තඹ පත්‍ර තුනක් හමු විය. එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් හඳුනා ගත්තේ පළමුවන විජයබාහු රජ විසින් සිය දිවි බේරාදුන් සිත්නරු බිම් බුදල්නා නම් ගොවියා හට ලබා දුන් සියලු වරප්‍රසාද පිළිබඳ සඳහන් සන්නස ලෙසටය. ඒ සිදුවීම හා රජසමයේ සිදුවීම් අතර ඇති බැඳීම පිළිබිඹූ කරමින් ශ්‍රී සද්ධා චිත්‍රපටය නිර්මාණය වී ඇත. එහි අධ්‍යක්ෂණය තිරරචනය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර විසිනි. උදාරි වර්ණකුල, වසන්ත විට්ටච්චි, දමිතා අබේරත්න, කුමාර තිරමාදුර, පබෝදා සන්දීපනී, බුද්ධික ජයරත්න, කුමාර කරුණානන්ද, ගීතා කාන්ති ජයකොඩි ඇතුළු නළු නිළියන් රැසකගේ දායකත්වයෙන් ඔප වැටුණු මෙහි කැමරා අධ්‍යක්ෂණය චන්දන ජයසිංහ ද සංස්කරණය ප්‍රවීන් ජයරත්න ද සිදුකර ඇත. නිෂ්පාදනය තුසිත විජේසිංහ, ගුණපාල රත්නසේකර සමඟ මාලිකා විජයසූරිය විසිනි.
තම දියණියගේ අසනීප තත්ත්වයට වැය වන මුදල සොයා ගැනීම සඳහා හුදෙකලාව ජීවත් වන දෑස් අඳ විශ්‍රාමික සෙබළෙකුගේ නිවසින් සොරකම් කිරීමට එන මවකගේත් ඇගේ මිතුරන් දෙදෙනාගේත් ඉරණම විසඳෙන ආකාරය පිළිබඳ සීරුවෙන් කියැවෙයි.
ජැක්සන් ඇන්තනි, දසුන් පතිරණ, බුද්ධික ජයරත්න, ඩිෂ්නි උමාරියෝ රාජපක්ෂ, සේමිණි ඉද්දමල්ගොඩ, සුදත් ඇන්තනි සහ ළමා නිළි ශෙනුලි පීරිස් රංගනයෙන් දායක වන මේ චිත්‍රපටය නිල්කමල් චිත්‍රපට ඉදිරිපත් කිරීමකි. අධ්‍යක්ෂණය, කතාව දෙබස් සහ තිරපිටපත සුදේෂ් වසන්ත පීරිස්ගේය.
ගාමිණි මොරගොල්ලාගමගේ කැමරා අධ්‍යක්ෂණය, අනුර බණ්ඩාරගේ සංස්කරණය සහ කේශාන් පෙරේරාගේ සංගීතයෙන් නිර්මාණය ඔපවත් වෙයි. ගීත ගායනය චමත්කා පීරිස් විසිනි.
මවු බිමට ආදරය කරන අනාගත පරපුරක් බිහි කිරීමේ ජාතික වගකීම අප සියලු දෙනාට ඇතිබව පවසන කතාවකි පාස්පෝර්ට්. දුෂ්කර පෙදෙසක තරුණයන් දෙදෙනකු යුරෝපයට යෑමට දරන ප්රයත්නය එහිදී ඔවුන් මුහුණ දෙන කූටඋපක්රම, ත්‍රාසජනක සිදුවීම් සහ ඔවුන්ගේ ආදර සම්බන්ධතා පිළිබඳ මෙහි කියැවේ.
මෙහි කතාව, තිරරචනය සහ අධ්‍යක්ෂණය ක්‍රිස් ඇන්තනි විසිනි. විශවජිත් කරුණාරත්නගේ කැමරාකරණයකි. ෂාන් අල්විස්ගේ සංස්කරණය, සුදත් ජයසිංහගේ සංගීත අධ්‍යක්ෂණය සමඟ ජගත් චමිල, ධර්මප්‍රිය ඩයස්, මහේන්ද්‍ර පෙරේරා, දර්ශන් ධර්මරාජ්, රොෂාන් පිලපිටිය, මල්කාන්ති ජයසිංහ, අතුල ජයසිංහ, ප්‍රියන්ත සෙනෙවිරත්න සහ නයනතාරා වික්‍රමසිංහගේ රංගනයෙන් චිත්‍රපටය ඔපවත් වී ඇත. මෙය වෛද්‍ය චන්දික විරාජිත් තාඹුගලගේ නිෂ්පාදනයකි.
හැත්තෑව දශකයේ කන්ද උඩරට තේවත්තක සිදු වූ අබිරහස් මිනීමැරුමක් ඇසුරින් චිත්‍රපටයක් තනන්නට සැරසෙන සිනමා කණ්ඩායමකට මුහුණ දීමට සිදුවන අද්භූත අත්දැකීම් රැසක් පාදක කරගෙන සැකසුණු නිර්මාණයකි. මෙහි තිර රචනය සහ අධ්‍යක්ෂණය අරුණ ජයවර්ධන විසිනි. චන්න දේශප්‍රියගේ කැමරාකරණය, තිස්ස සුරේන්ද්‍රගේ සංස්කරණය සහ චින්තක ජයකොඩිගේ සංගීතයෙන් නිර්මාණය ඔපවත් වී ඇත. හේමාල් රණසිංහ, මහේන්ද්‍ර පෙරේරා, අශාන් ඩයස්, බිමල් ජයකොඩි, ගම්‍යා විජේදාස, සඳනි ප්‍රනාන්දු, සරත් කොතලාවල, සමන් හේමරත්න සහ අසංග පෙරේරා මෙහි චරිත මවති. 1970 ලව් ස්ටෝරි සමන් එදිරිසිංහගේ නිෂ්පාදනයකි.
දරුවන්ගේ ආකල්ප වර්ධනය කිරීමෙන් රටක් යහපත් වන ආකාරය සහ ඒ දරුවන්ගේ දක්ෂතා ඔප මට්ටම් වන ආකාරය පිළිබඳ උදයකාන්ත වර්ණසූරිය අතින් නිමැවුණු ළමා චිත්‍රපටයකි. රවීන්ද්‍ර රන්දෙණිය, සනත් ගුණතිලක, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, උපේක්ෂා ස්වර්ණමාලි, ශ්‍යාම් ප්‍රනාන්දු, රොජර් සෙනෙවිරත්න, ශ්‍රීමාල් වෙඩිසිංහ, නිශ්ශංක දිද්දෙණිය, ශිරන්ත ප්‍රේමවර්ධන, කුමාර වඳුරැස්ස, ජයනාත් බණ්ඩාර සහ ජානක හාල්පාන්දෙණිය ඇතුළු ප්‍රවීණයන් රැසකගේ රංගන දායකත්වයෙන් ඔප වුණු මෙහි ළමා චරිත නිරූපණය කරන්නේ චාහෙල් රගීත් සහ සෙලීනා ට්වින්කි යන දරුවන්ය.
කැමරාකරණයෙන් නිශාන්ත ප්‍රදීප් කුමාර, සංගීත අධ්‍යක්ෂණයෙන් උදාර සමරවීර වැනි තාක්ෂණික කණ්ඩායමක් සම්බන්ධ වන මෙහි නිෂ්පාදනය සිසිලන් ෆිල්ම්ස් වෙනුවෙන් නිශාන් හේවා ගමගේ සහ උදයකාන්ත වර්ණසූරිය විසිනි.