වර්ෂ 2023 ක්වූ September 22 වැනිදා Friday
මඟ හැරුණු සොඳුරු ආවර්ජනය උතුරු සුළඟ

දශක තුනකට අධික කුරිරු යුද්ධයේ අමිහිරි අත්දැකීම් හා මතකයන් සිත් තුළින් ඈතට පියාඹමින් සිටිනා වර්තමානයේ ලංකාවේ උතුරු පෙදෙසේ පෙර මායිම් ගම්මානයක්ව තිබු ලස්සන ගැමි පරිසරයක මෙම වෘත්තාන්තය දිග හැරේ. රුදුරු යුද්ධයේ බියකරු සෙවනැලි තම ජිවිත අභ්‍යන්තරයේ ඉතිරි කර ගිය අඳුර පිළිබඳ මතකයන් සමඟ ජිවත්වන සුනිමල් ආගන්තුක පරිසරයක යළි බිඳුණු ජීවිතය ගොඩනගා ගැනීමට දරන ආයාසයත්, ගමේ නායකයා වන රාළහාමි මාමාගේ දුව යශෝධරා පිළිබඳව ජනිතවන ආදර හැඟීම්, හදකොනේ සඟවා තබා ගැනීමට යළිත් සටනක යෙදෙන ඔහු පිළිබඳවත් මෙතුළින් සාකච්ඡාවට බඳුන් කර ඇත. ඔහු දරනා සියලු ප්‍රයත්නයන් නොසිතුව සේ දෙදරා යනවිට, ජිවිතය යළි පණ ගන්වන්නට ඔහුට පිහිට වන්නේ ඔහුගේම වර්තමානයයි. විවිධ බාධක හැලහැප්පීම් මත තම ජිවිතයත්, සෙනෙහසින් පැතු ප්‍රාර්ථනාත් නොසැලී ජයගන්නා ඔහු පිළිබඳව තව තවත් තොරතුරු උතුරු සුළඟ තිරයට ආ දින ඔබ නිසැකවම දැන ගනීවී.
ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරයකු වන චාමර ජනරාජ් පීරිස්, සිනමා ප්‍රේක්‍ෂකයින් වෙත ඉදිරිපත් කරන කුලුඳුල් සිනමා නිර්මාණයයි. උතුරු සුළඟ, චිත්‍රපටය, ගෘහ නිර්මාණ ශිල්පියෙකු ලෙසින් විදේශ අධ්‍යාපනය හදාළ ඔහු , ක්ෂේත්‍රයට එක් වන්නේ ජනමාධ්‍යවේදියකු ලෙසිනි. පසුව, අයාල්, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරමින් පුංචි තිරය හරහා කලා ලොව ජයගන්නා ඔහු පියවි, යාය හතර, ඇසිඩ්, බටහිර අහස, රාහු, වීදුරු මල්, වී.වී.අයි.පී වැනි ටෙලි නිර්මාණ රැසක් ප්‍රේක්ෂකයා වෙත තිළිණ කර ඇති අතර, තිර පිටපත් රචකයකු ද වන ඔහු, කැන්ඩි ළමිස්සි, ත්‍රිමාණ නමින් වෙනස්ම ආකාරයේ නිර්මාණ ද්විත්වයක් ද රසික සමූහයා වෙත ඉදිරිපත් කිරීමට සමත්ව ඇත.
උතුරු සුළඟ නළු නිළි දායකත්වය
තිරයට හඳුන්වාදෙන කාවින්ද්‍යා දුල්ෂානි, එරංග ජීවන්ත සමඟින් ශ්‍රියන්ත මෙන්ඩිස්, සනත් ගුණතිලක, දිල්හානි අශෝකමාලා, මීනා කුමාරි, බිමල් ජයකොඩි, සුජානි මේනකා, රෝහණ බැද්දගේ, මොරින් චාරුණි, ලක්ශිත ප්‍රභාත් පතිරාජ, කසුනි කාවින්ද්‍යා ප්‍රනාන්දු, සුලක්ඛනා හේරත්, සුශික දමයන්ත අමරසිංහ, නදීශානි පේලිආරච්චි, ප්‍රදීප් මහවඩුගේ, හර්ෂ ප්‍රසාත් කන්දකපුගේ, දුලාන් මංජුල ලියනගේ, මයුර වික්‍රමරත්න, රනිල් ප්‍රසාද්, අකිල දිසානායක, දේදුනු වීරසිංහ, ප්‍රින්සි ප්‍රනාන්දු, ජනිත් වික්‍රමගේ, මහේෂ් රන්දෙණිය, කීර්ති රංජිත් පීරිස් ඇතුළු නළු නිළියන් විශාල පිරිසක් මේ සඳහා එක්වී ඇත.
උතුරු සුළඟ කාර්මික දායකත්වය
කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - චාමර ජනරාජ් පීරිස්
නිෂ්පාදනය - රසිත ජිනසේන, කපිල නවරත්න, එම්.එච්.එම්. ශානි, චාමර ජනරාජ් පීරිස්
සහය අධ්‍යක්ෂණය - කීර්ති රුවන් ලාල්සන්, බන්දුල කැබැල්හිටියාව
කැමරා අධ්‍යක්ෂණය සහ ආලෝකකරණය - කපිල සුගත් විජේරත්න
සංස්කරණය - සුදේශ් කුමාරසිංහ
අතිරේක කැමරාකරණය - රුවන් චාමින්ද කුමානායක
අංග රචනය - අරුණ ශාන්ත ජයසූරීය, සහය - තරංග උඩුමුල්ල
කලා අධ්‍යක්ෂණය සහ පසුතල නිර්මාණය - ධම්මික හේවාදුවත්ත
සටන් අධ්‍යක්ෂණය - වසන්ත කුමාරවිල
ශබ්ද සැලසුම්කරණය සහ හඬ සැකසුම - ඩිරාන් විජේසිංහ
ඩිජිටල් වර්ණ සංයෝජනය - චමිත ලක්මාල්
නිෂ්පාදන කළමනාකරණය - අජිත් සමන්ත, මාලිංග මධුසංඛ
රේඛීය නිෂ්පාදනය - ලක්ෂිත ප්‍රභාත් පතිරාජ
නිශ්චල ඡායාරූප - ටෙරන්ස් ද සිල්වා
පසුබිම් සංගීත අධ්‍යක්ෂණය - ජානක ෆොන්සේකා
ගී තනු නිර්මාණය - උදාර ජයකොඩි
ගීත ප්‍රබන්ධනය - තුෂානි බෙම්මුල්ල
ගීත ගායනය - උරේෂා රවිහාරි,
දුමාල් වර්ණකුලසූරිය, ෆැලන් ඇන්ඩි්‍රයා
කොණ්ඩා මෝස්තර සැකසුම - තුෂාර විදානගමගේ,
රවීන්ද්‍ර රූපසිංහ, ලෙස්ලි සේරම්, උෂානි ආශිසාදි
කලා අධ්‍යක්ෂණ සහය - ගිහාන් බාලආරච්චි, සංජීව දසනායක
ප්‍රධාන කැමරා සහය - ආනන්ද බණ්ඩාර
අතිරේක ඡායාරූප ශිල්පී - දිල්රුක් හෙට්ටිආරච්චි
ප්‍රධාන ආලෝකකරණ සහය - ශාරක ශ්‍යාමල් චන්ද්‍රරත්න
පසුතල ඉදිකිරීම් - සුරංජිත් බණ්ඩාර යටවර, අශෝක රංජිත් පෙරේරා, ලලිත් සංජීව, සසික ලක්මාල්, බී.ඩී. ගුණසිරි, තිලක් බණ්ඩාර, සුනිල් ශාන්ත
ට්‍රැක් ඩොලි ක්‍රියාකරවීම - ප්‍රසන්න කුමාර
දර්ශනතල ශ්‍රව්‍ය පටිගත කිරීම - ජයන්ත සමන්තිලක
ඩ්‍රෝන යාත්‍රා මෙහෙයවීම - ශාලිත ජයසුන්දර
පික්ස් ඇන්ඩ් වර්ඩ්ස් ඉදිරිපත් කිරීමක්.