වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
“අපි අපිම නොවේ නම්”

ප්‍රවීණ වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය , චිත්‍රපට නිෂ්පාදකවරයෙකු හා අධ්‍යක්ෂවරයෙකු වන නාලක විතානගේ තිරයට ගෙන එන ඔහුගේ හය වන සිනමා නිර්මාණයයි හෝලා . තිර පිටපත් රචකයෙකු ද වන නාලක විතානගේ මෙයට ප්‍රථම, අනිත්‍ය (2013), රූපාන්ත්රණය (2014), නිලංජනා (2017), සරුංගල් (2018), ඊතලය (2020) යන චිත්‍රපට ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කළේය. පුංචි තිරය මත දිග හැරුණු, දෙකොන ගිනි, අයි ලව් ජෙනී, අල්ලපු ගෙදර, මයි ස්විට් ස්ටැන්ලි, ෆේස් බුක්, ෂැඩෝ ඔහු විසින් නිර්මාණය කරන ලද ටෙලි නාට්‍ය වන අතර, බ්‍රේකින් නිව්ස්, කාසි මල්ල සහ රාත්‍රී භෝජනය යන වේදිකා නාට්‍යය ද ඔහුගේ නිර්මාණ වේ.
මිනිස් බව ලද සෑම ජීවියෙකුගේම මුවින් වැඩිපුරම කියැවෙන වදන් අතර ආදරයට ඇත්තේ ඉහළම ස්ථානයකි. සසරින් සසරට ආදරය අමරණීයව පවතින්නේ ද ඒ නිසාවෙන්මය . එසේම ආදරය කරන හැමෝටම එය එක් වීමකින් හෝ නිශ්චිත ජයග්‍රහණයකින්ම නිම කිරීමට නොහැකි වන්නේ, අපි නොසිතන අවස්ථාවන් හි අප සොයා පැමිණෙන අනේකවිධ ගැටලු හේතුවෙනි. අපි හැමෝම ජීවත් වෙන්නේ කිව නොහැකි තරම් වූ සංකීර්ණ සමාජ රටාවක් තුළයි. මෙම සංකීර්ණ සමාජ සිස්ටම් එකට අපි නිබඳවම අවනත විය යුතු වේ. පවතිනවානම්, පැවැත්මේ රීතිය එයයි. හෝලා තුළ ජීවත් වන ඔවුන් දෙදෙනාට ද සිදු වන්නේ නොසිතූ නොපැතූ ආදරයේ ඛේදවාචකයනට මුහුණ දීමටයි. ශ්‍රී ලංකේය ජන සමාජයේ දීර්ඝ කතා බහට ලක් නොවූ, එනමුත් අප ජන සමාජය පුරා විසිර පැතිර පවත්නා සංකීර්ණ සමාජ ගැටලුවක් ඉතාමත් නිර්මාණාත්මකව සහ ආකර්ෂණීය ලෙසින් ප්‍රේක්ෂකයා හමුවට ගෙන ඒමට හෝලා තුළින් අධ්යක්ෂවරයා උත්සාහ දරා ඇත. ඔවුන්ගේ ආදරේ අනන්තය කෙසේ නිමා වේද යන වග දැන ගැනීම සඳහා අපි නොවන අපි හෝලා එන තුරු මග බලා හිදිමු.
හෝලා චිත්‍රපටයේ රංගන දායකත්වය
තිරයට හඳුන්වාදෙන උදිත් ප්‍රනාන්දු සහ ගයාත්‍රී කාංචනමාලි සමඟින් ජෙහාන් අප්පුහාමි, රංගි රාජපක්ෂ, කුෂේයා අනගි (ළමා නිළි), පවිත්‍රා වික්‍රමසිංහ, ජයන්ත මුතුතන්ත්‍රී, ඉමේෂාන් නෙල්ලිගහවත්ත, ප්‍රින්සි ප්‍රනාන්දු, ශාමික විනෝද්, ජීවක ගමගේ, චමිල් විරාජ්, එම්. එරන්දි, තිලෝකා ප්‍රසංගි, විහඟ සවින්ද, දුල්ෂාන් ලියනගේ, යසිරු යොමාල්, තරිඳු මඩවල හා හර්ෂණ උදාර මේ සඳහා දායකත්වය දක්වා ඇත.
හෝලා කාර්මික දායකත්වය
තිර රචනය, කතාව සහ අධ්‍යක්ෂණය -
නාලක විතානගේ
නිෂ්පාදනය - සිනෝසිප් විෂන්
සහය අධ්‍යක්ෂණය හා
නිෂ්පාදන කළමනාකරණය -
මාලින්ද මධුසංඛ
කැමරා අධ්‍යක්ෂණය - මංජුල කුමාරතුංග
කැමරා සහය - යසස් ශ්‍රී හෙට්ටිආරච්චි,
ජගත් කුමාර, චින්තක ඩී. බණ්ඩාර,
කසුන් චාමර
දෙවන සහය අධ්‍යක්ෂණය - දසුන් සාගර
සංස්කරණය සහ වර්ණ සංකලනය -
ශාන් අල්විස්
ශබ්ද පරිපාලනය සහ විශේෂ ප්‍රයෝග -
සශින් ගිම්හාන් පෙරේරා
සංගීත රචනය සහ සංගීත ශබ්ද සංකලනය -
මිරාන් තරිඳු
සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
නර්ථන අධ්‍යක්ෂණය - නලින් ගුණරත්න
ශබ්ද පටිගත කිරීම සහ ශබ්ද ප්‍රයෝග -
තනුෂ්ක කහඳවල
කලා අධ්‍යක්ෂණය - දිලිප්ෂන් වීරසිංහ
කලා සහය - දිනේෂ් ප්‍රියන්ත ගජනායක
අංග රචනය - අරුණ ශාන්ත ජයසූරිය
අංග රචනා සහය -
පවනි නිසංසලා, මතිකා ක්‍රිශාන්ති
සංගීත අධ්‍යක්ෂණය - ජිනිඳු ප්‍රවීන්
ගී පද රචනය - කසුන් කංකානම්
ගායනය - චාතූර්යා සඳබරණ,
මියුරු සෝමරත්න, පබසරී ලියනගේ
ආලෝකකරණ සහය -
යසස් ශ්‍රී හෙට්ටිආරච්චි, චමිදු අල්විස්,
ජේ. සමන් කුමාර, මනෝජ් ප්‍රසන්න සම්පත්,
ප්‍රියන්ත රාජපක්ෂ
නිෂ්පාදන සහය - නිලන්ත සඳරුවන්,
දිනේෂ් සඳරුවන්
හඬ කැවීම - හිරුෂි හීන්දෙණිය
වාද්‍ය වෘන්දය - ගිටාර් වාදනය -
සමීර උදයංග, මිරාන් තරිඳු
පියානෝ වාදනය - ගයාන් මධුසංඛ
වයලීන වාදනය - විහඟ සුසංගීත්
සිනෝසිප් විෂන් නිෂ්පාදන ඉදිරිපත් කිරීමකි.