අහසින් වැටෙයි

සැඟව සිටිනා මිනිසුන්ගේ කතාව
මැයි 4, 2023

විචාරක ප්‍රතිචාරයන්ටත්, අන්තර්ජාතික සම්මානයන්ටත් හිමිකම් පෑ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ විමුක්ති ජයසුන්දර ප්‍රේක්ෂක සමූහයා වෙත ඉදිරිපත් කරන නවතම සිනමා වියමනයි අහසින් වැටෙයි චිත්‍රපටය. මෙරට තැනූ නිධානය චිත්‍රපටයෙන් පසුව අන්තර්ජාතික වැනිස් සිනමා සම්මාන උලෙළ නියෝජනය කළ එකම ශ්‍රී ලාංකික සිනමා කෘතිය ද මෙය වේ. අධ්‍යක්ෂවරයා මෙයට ප්‍රථම සුළඟ එනු පිණිස (2005), සුළඟ ගිනි ගනී (2017) සහ චත්‍රක් (2021) යන සිනමා නිර්මාණ රිදී තිරය මත දිග හැර ඇත. අහසින් වැටෙයි විමුක්ති ජයසුන්දරගේ සිනමාකරණයේ සෞන්දර්යාත්මක සලකුණ වඩාත් ප්‍රබලව මතු කළ කූටප්‍රාප්ත නිර්මාණය ලෙසට ද විචාරකයින් විසින් හඳුන්වා දී ඇත.

කලින් කලට සිනමා තිරය මත දිගහැරෙන විවිධ රැලි මතින් වෙනස් වූ මගකට අහසින් වැටෙයි තුළින් ප්‍රේක්ෂකයා රැගෙන යාමට අධ්‍යක්ෂවරයා වෙර දරා ඇත. අන් සිනමාපට තුළින් නොදුටුව සේම කලාත්මක සහ සිනමාත්මක දාර්ශනික ගවේෂණයක් කරන මෙහිදී කතිකාවට බඳුන් වනුයේ, පවතින අරගලයකට ඕපපාතිකව එක්වන එක්තරා තරුණයෙකු අරගලයේ බිහිසුණු හා උච්චතම අවස්ථාවකදී එම අරගල භූමියේ රැදී සිටි චීන ජාතික තරුණීයක පැහැර ගැනීමත් ඇය රැගෙන සුදු වෑන් රියකින් ඝන වනාන්තරයක් වෙත පලා යාමත්, එහිදී පෙර ජනප්‍රවාදයක ආ කුමරෙකුගේ සැඟවුණු කතා පුවතකට සමාන වූ ද අතිශය රුදුරු වූ අත්දැකීමට මුහුණ දෙන ආකාරයයි. විමුක්තිගේ පෙර සිනමා නිර්මාණයන් සේම සිනමාව යනු කුමක් ද කියන මූලධාර්මික ප්‍රශ්නය යළිත් ප්‍රේක්ෂකයා හමුවට ඔහු විසින් ගෙනවිත් ඇත. අහසින් වැටෙයි නැරඹිය යුත්තේ ද ඒ නිසා වෙන්මය.



අහසින් වැටෙයි රංගන දායකත්වය
තුසිත් ලක්නාත්, කෞශල්‍යා ප්‍රනාන්දු, HUANG LU,, ස්ටීව් ඩිලා සිල්වා, ජෝ අබේවික්‍රම, ඩබ්. ජයසිරි, සම්පත් ජයවීර, දේවි සකුන්තලා, ශාක්‍ය හේමාල්, නෙත්මි අමා, චාමල් රණසිංහ, කසුන් සුභාෂණ, සංජය නාවුලගේ, හසින්ත උදයකුමාර, සිසිර හෙට්ටිආරච්චි, තිලංක ගමගේ, අමිල ගලංග, නිරංජන් බණ්ඩාර, නිනෝ අරලිය, දසුන් පතිරණ, දනුක දිල්ශාන්, මයුර කාංචන, පාලිත අබේරත්න ඇතුළු රංගන ශිල්පීන් පිරිසක් මේ සඳහා දායකත්වය දක්වා ඇත.

අහසින් වැටෙයි කාර්මික දායකත්වය

තිර රචනය සහ අධ්‍යක්ෂණය - විමුක්ති ජයසුන්දර
අනුවර්තනය - CELINE FINDORI - CECILE CADOUR
සම නිෂ්පාදනය - චන්දන අලුත්ගේ, අනුර සිල්වා,
NICOLAS NAEGELEN , MICHEL REILHAC
නිෂ්පාදන සහය -
PAULINE JARDEL, JEAN KLOTZ, JULIE ROMANO
සහය අධ්‍යක්ෂණය - අශෝක අතාවුදහෙට්ටි,
ලක්රුවන් විතානගේ, රවින්ද්‍ර තන්ත්‍රීගේ
කැමරා අධ්‍යක්ෂණය - චන්න දේශප්‍රිය
කැමරා සහය - MAHESH RAJU OWK , SUBBHAKAR RAJU
අංග රචනය - සමරසිරි කඳනගේ සහය - ජනක බණ්ඩාර 
කලා අධ්‍යක්ෂණය - ලාල් හරින්ද්‍රනාත් සහය -
ලයනල් වත්තගේ
නර්තන වින්‍යාසය - චන්දන අලුත්ගේ
ඇඳුම් නිර්මාණය - කාංචනා තල්පාවිල සහය -
කුමාර කරව්දෙණිය
පසුතල නිර්මාණය - කේ.ඩි. ජස්ටින්
නිෂ්පාදන කළමණාකරණය - දීපාල් ගුණරත්න
නිෂ්පාදන සම්බන්ධීකරණය - ප්‍රියන්ත කළුආරච්චි
සංස්කරණය - GISELE RAPP - MEICHLER
සංස්කරණය සහය - GWEN MALLAURAN,THOMAS FERNANDEZ 
ශබ්ද සංස්කරණය - FRANCK DESMOULINS 
සංගීත සංයෝජනය - ලක්ෂ්මන් ජෝශස් ඩි සේරම් 
බටනලා වාදනය - අජිත් කොඩිකාර 
ඉංග්‍රීසි පරිවර්තනය - ගාමිණී වියන්ගොඩ, චින්තක ප්‍රනාන්දු 
නිශ්චල ඡායාරූප - ජනක මායාදුන්නෙ 
ප්‍රධාන ආලෝකකරණ ශිල්පී - ආරියරත්න පෙරේරා 
සහය නාමල් විජේරත්න 
ඒකක කළමණාකරු - එච්. ඒ. නිශාන්ත ප්‍රියදර්ශන 
රේඛීය නිෂ්පාදනය - චන්දන අලුත්ගේ 
විධායක නිෂ්පාදනය - MICHEL KLEIN - PHILIPPE AVRIL 
ශබ්ද පරිපාලනය - DANA FARZANEH POUR 
මූල්‍ය උපදේශක - GAETAN MOISAND