වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
අධිරාජයාට එරෙහිව අධිරාජයා

අද සිට තිරයේ...
හෙළ සාහිත්‍ය කලාවේ බොහෝ ඉසව් අතිසාර්ථකව ස්පර්ශ කරමින් ජයගත් සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නවතව සිනමා වියමනයි ක්ෂිර සාගරය කැලඹිණ සිනමා කෘතිය. සාහිත්‍ය, ශාස්ත්‍රීය, ගාන්ධර්ව නිර්මාණ, සංස්කරණ හා පරිවර්තන කෘති විශාල ප්‍රමාණයක් පාඨක ප්‍රජාව හමුවට ගෙන ආ ඔහු , සිංහල සිනමා ප්‍රේක්ෂකයා වෙනුවෙන්, අනුපමා (1978), සරුංගලේ (1979), පොඩි මල්ලි (1979), සිරිබෝ අයියා (1980), කිඳුරු කුමාරි (1980), කෝලංකාරයෝ (1981 - තිස්ස නාගොඩවිතාන සමඟින්), බඹා කෙටූ හැටි (1981), සතර පෙර නිමිති (1981), වජිරා (1981) , බඹර ගීතය (1982), ජීවිතයෙන් ජීවිතයක් (1982), කැලෑමල් (1982) , මුහුදු ලිහිණි (1983), මිහිඳුම් සළු (1985), ක්‍රිස්තු චරිතය (1990), අහස් මාළිගා (1994), සුදු සෙවණැලි (2002), උප්පලවන්නා (2007), කුස පබා (2012), පත්තිනි (2016), අලි කතාව (2017), යශෝධරා (2018) සහ විජයබා කොල්ලය (2019) යන සිනමා නිර්මාණ ඉදිරිපත් කර ඇති අතර, කදිර දිව්‍ය රාජ ඉදිරියේ දී තිරගත කිරීමට සූදානම්ව ඇති ඔහුගේ නවතම සිනමා නිර්මාණයයි.
ප්‍රවීණ ලේඛක සයිමන් නවගත්තේගම ශූරීන්ගේ ක්ෂීර සාගරය කැලඹිණ නවකතාවේ සිනමා අනුවර්තනය වූ මෙහි කතා තේමාව වනුයේ, ඒ අධිරාජයා කවර නම් දේශයක ජීවත් වූයෙහි දැයි අපි නොදනිමු. ඒ දැරිය කවර නම් කාලයක ජීවත් වූයෙහි දැයි අපි නොදනිමු. ඒ පුරම්බිකාව, ඒ කැරලිකාරයා, ඒ හිරිමලා කවර නම් කරුණකට උණුන් හමුවුවාහූ දැයි අපි නොදනිමු. එහෙත් ඔවුහු කිසියම් දේශයක කිසියම් කාලයක නිශ්චිත හේතුවක් උදෙසා මිහිපිට ප්‍රාදූර්භූත වූ අය වෙත් ඔවුහු අපගේ ඥාතී මිත්රාදීහු ය. අප තුළ ඔවුහු වෙසෙති. ඔවුන් තුළ අපි වෙසෙමු යන්නයි.
ක්ෂිර සාගරය කැලඹිණ රංගන දායකත්වය
ජැක්සන් ඇන්තනී, හේමාල් රණසිංහ, උදාරි වර්ණකුලසූරිය, හරිනි කාව්‍යාංජනී, ලූෂන් බුලත්සිංහ, රවීන් කණිෂ්ක, ගිහාන් ප්‍රනාන්දු, සරත් කොතලාවල, වසන්ත කුමාරවිල, යුසිරු යෙමිස්ක, චේතිය පෙරේරා, අකිල මධුභාෂණ, ගයාන් වැලිකඩ, හසිත වෙත්තසිංහ, ලක්ෂ්මන් රාජපක්ෂ, ජගත් මුතුකුමාරණ, රංජිත් රූබසිංහ, චන්න කුලරත්න, ඉන්දික ප්‍රභාත්, ප්‍රභා සඳශීලි ඇතුළු විශාල රංගන ශිල්පීන් පිරිසක් මේ සඳහා දායකත්වය දක්වා ඇත.
ක්ෂිර සාගරය කැලඹිණ කාර්මික දායකත්වය
අධ්‍යක්ෂණය - සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න
නිෂ්පාදනය - එච්.ඩී. ප්‍රේමසිරි
සම නිෂ්පාදනය - කුමුදිනී ඩයස් හපුතන්ත්‍රී, චන්ද්‍රා හපුතන්ත්‍රී, චාන්ද්‍රි හපුතන්ත්‍රී
තිර රචනය සහ සංවාද - ජැක්සන් ඇන්තනී
කතාව - සයිමන් නවගත්තේගම රචනා කළ ක්ෂීර සාගරය කැලඹිණ නවකතාව ඇසුරෙනි
කැමරා අධ්‍යක්ෂණය - චන්න දේශප්‍රිය
සංස්කරණය - අජිත් රාමනායක
කලා අධ්‍යක්ෂණය - ධම්මික හේවාදුවත්ත
අංග රචනය සහ කේශාලංකරණය - ප්‍රියන්ත දිසානායක
නාද සැලසුම්කරණය - සසික රුවන් මාරසිංහ
වර්ණ සංයෝජනය - ආනන්ද බණ්ඩාර
සටන් අධ්‍යක්ෂණය - ඔසද සමන් බණ්ඩාර
නර්තන අධ්‍යක්ෂණය - කපිල පලිහවඩන
නිශ්චල ඡායාරූප - ධම්මික පතිරත්න
සංගීත අධ්‍යක්ෂණය - ආචාර්ය රෝහණ වීරසිංහ
ගේය කාව්‍ය රචනා - සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න
ගායනය - ආචාර්ය විශාරද නන්දා මාලිනී
වස්ත්රාභරණ - වෙනුක වික්‍රමආරච්චි
නිෂ්පාදන සම්බන්ධීකරණය - ඒ.ඩී. රන්ජිත් කුමාර
නිෂ්පාදන කළමනාකරණය - නිමල් විජේසිරි සේනාධීර
සහය අධ්‍යක්ෂණය - විමල් දේශප්‍රිය, ශෂිකා ෆොන්සේකා, භාතිය බටුගෙදර
දෘෂ්‍ය ප්‍රයෝග අධ්‍යක්ෂණය - සමින්ද වතවනවිතානගේ, බුද්ධික විජේරත්න
ස්ටෙඩිකෑම් කැමරා මෙහෙයවීම - ස්ටයිනර් මැක්ලෙන් ඇඩැම්ස්
ප්‍රධාන කාර්මික ශිල්පීහු - එම්. ආරියරත්න පෙරේරා, මුදිත විතානගේ
ආලෝකකරණය - ඩබ්. බී. කීර්ති වසන්ත,
මහින්ද ප්‍රේමලාල් සුබසිංහ , මලිත් වීරසිංහ
එළිමහන් ශබ්ද පටිගත කිරීම - ඩැරන් පෙරේරා, ගිහාන් කාවින්ද
දෙබස් පටිගත කිරීම - චලක පෙරේරා
පසුතල ඉදිකිරීම් - සුරංජිත් යටවර, තිලක් බණ්ඩාර,
සංජය බණ්ඩාර, උපුල් සුරංග
නර්තන සහය - කලණි විජේබණ්ඩාර
අතිරේක නර්තන ශිල්පීන් මෙහෙය වීම - සංඛ අබේසිංහ
සංගීත වින්‍යාස - සුගත් හෙට්ටිආරච්චි, සංගීත් වික්‍රමසිංහ