වර්ෂ 2023 ක්වූ December 01 වැනිදා Friday
අවභාවිත නොවූ සත්‍යයේ අතික්‍රමණය

එක්තරා වෛද්‍ය විශේෂඥයන් පිරිසකගේ විශිෂ්ට පරික්ෂණයක ප්‍රතිඵලයක් ලෙසින් මෙලොව එළිය දකින සුවිශේෂී හැකියාවන් සහිත දැරියක වටා පෙළගැසෙන මෙහි ආරම්භය සනිටුහන් වන්නේ, එක්තරා මවකගේ ගර්භාෂය තුළ කළලයක් තැන්පත් කරනා දර්ශනයකිනි. දැරියගේ සුවිශේෂිත්වය වටහා ගන්නා විශේෂඥ වෛද්‍ය විද්‍යාඥයන් සැලසුම් කරන්නේ භයානක විදේශ ත්‍රස්ත්‍ර කණ්ඩායමක් අතට මෙම දැරිය පත් කිරීමටයි. එය දැන ගන්නා මව දැරිය සමඟින් එම ස්ථානයෙන් රහසිගතව පලා යයි. අවාසනාවන්ත අයුරින් දැරිය මවට මග හැරෙන අතර, රවී නැමැත්තෙකුට මෙම දැරිය හමු වේ. රවීගේ බිරිඳ දරුණු පිළිකා රෝගයකින් පෙළේ. රවී රැගෙන ආ මෙම රාකියා නැමැති දැරිය දැකීමෙන් ඇය තුළ සෙනෙහසක් උපදී රාකියාව දරු කමට හදා ගැනීමට රවීගේ බිරිඳ තීරණය කරයි. ත්‍රස්ත්‍ර කණ්ඩායමට දැරිය විකිණීමට සැලසුම් කළ ඩූම් නැමැති විශේෂඥ වෛද්‍යවරයාගේ මැර කණ්ඩායමක් රාකියා දැරිය සොයා මෙහෙයුමක් අරඹයි. මේ බව දැන ගන්නා රවී දැරිය බේරා ගැනීම සඳහා රහස් පරික්ෂක වික්‍රමගේ සහය පතයි. දරුණු ගැටුම් සමුදායකින් පසුව, ත්‍රස්ත්‍රවාදීන්ට උදවු කරන විශේෂඥයින් සහ ඔවුන්ගේ පර්යේෂණාගාරය විනාශ කිරීමෙන් අනතුරුව විශේෂඥ වෛද්‍ය බ්රැන්ඩෝ විසින් රාකියා දැරිය යථා තත්ත්වයට පත් කරවයි. අවසානයේ දැරිය හිමි වන්නේ බිහිකළ මවටද බේරාගත් රවීටද යන පැනයට පිළිතුර මතු දිනයක ‘සූරයා වීරයා’ ඔබට පවසාවි.
සිනමා ක්ෂේත්රයේ දිගු ඉතිහාසයක් සහිත ජ්‍යෙෂ්ඨයකු වූ ලුවී වැන්ඩස්ට්‍රාට්න් ගේ නවතම සිනමා නිර්මාණය ලෙසින් ‘සූරයා වීරයා’ ළඟදීම තිරගත වීමට නියමිතව ඇත. අධ්යක්ෂවරයා මෙයට ප්‍රථම ‘බිඳුණු හදවත්’ (1971), ‘පෙම්කුරුල්ලෝ’ (1975) , ‘බෝනික්කා’ (1985), මව්බිම නැත්තම් මරණය (1985), ජූරිය මමයි (1993), ඇගේ වෛරය 1, 2, 3, 4 (1995 , 1997, 1998, 2000), අපි බය නැහැ (1996), වියරු ගැහැනියක් (1997), ගර්ල් ෆ්‍රෙන්ඩ් (1998), දඩබිම (2000), කන්‍යාවියගේ රාත්‍රිය (2001), බලකාමය (2001), සුන්දර වරද (2001), සෙල්ලම් කුක්කා (2001), හාදු වැස්සක් (2004), ගිනිගත් හෝරාව (2004), සීතල හාදු (2005), ධර්මපුත්ර (2006), සුර සැප සොයා (2008), බෝනික්කා නව (2015) වැනි චිත්‍රපට රැසක්ම අධ්‍යක්ෂණය කරමින් තිරගත කල අතර, රන් කිරුළ, බුද්ධි අලි ළමයා, පැරෂුට්, පිවිතුරු චේතනා ගෙන දෙයි වාසනා, යන චිත්‍රපට ඉදිරියේ දී තිරගත වීමට නියමිතව ඇත.