වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
දෘශ්‍යමාන සහ අදෘශ්‍යමාන ප්‍රේමයේ කතාව

වේදිකාව, පුංචි තිරය හා රිදී තිරය එකසේ ජයගත් සොඳුරු මාධ්‍යවේදියාගේ නවතම සිනමා සිත්තමයි ‘මිදුණු විශ්වය.’ අධ්‍යක්‍ෂවරයා මෙයට ප්‍රථම, ‘අග්නි දාහය’ (2002), ‘ගරිල්ලා මාකටිං’’ (2005), ‘සමනල සංධ්වනිය’ (2013), ‘මහරජ ගැමුණු’ (2015), ‘ඝරසරප’ (2018) සිනමාව තුළින්ද, ‘වෙද හාමිනේ’ (1990), ‘වෙස් මුහුණු’ (1992), ‘දඬුබස්නාමානය’ (1995), ‘අකාල සන්ධ්‍යා’ (1997), ‘රැජින’ (2000), ‘සතර දෙනෙක් සෙන්පතියෝ’ (2009) ‘නන්නන්තාර’ (2022) යන නිර්මාණ පුංචි තිරය ඔස්සේ ද ප්‍රේක්ෂකයා සමීපයට ගෙන ආ ඔහු, ‘සරස්වතී’, ‘අත්’, ‘මෝරා’, ‘ඔත්තුකාරයා’, ‘VOYAGE TO THE HEART LAND’ සහ ‘STREET OPERA’ යන වේදිකා නාට්‍ය නිර්මාණ ද කලා ලොවට දයාද කර ඇත. එසේම තිර පිටපත් රචකයකු සහ ග්‍රන්ථ කතුවරයකුද වන ඔහු, මහරජ ගැමුණු නවකතාව මෙන්ම, දඬුබස්නාමානය, වෙද හාමිනේ, අකාල සන්ධ්‍යා, වෙස් මුහුණු යන නිර්මාණයන්හි තිර රචනා කෘති ද එළි දක්වා ඇත.
සන්ධ්‍යාවට හිමිදිරිය හඹායා නොහැකිය. එහෙත් ආලය කළ හැකිය. රූපණය තීව්‍රතර මානසික විද්‍යාවක් වශයෙන් උගන්වන බටහිර ගුරු කුලයකට අයත් දීප්තිමත් ශ්‍රී ලාංකික රංගාචාර්යවරයකු වන වරේණ්‍යයට තම දීර්ඝකාලීන අධ්‍යාපන ජිවිතය තුළ විවිධ මානසික කලාපයනට අයත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අපමණව හමුවී ඇත. සූමධ්‍යා ඒ අතරින් ඔහුට විශේෂ වන්නේ යම් ගැඹුරු මානසික අභ්‍යාසයකදී, සමහරෙකුට සිදුවිය හැකි ස්වාපන ආරූඪයකට යනවාට වඩා වෙනස් මානසික තලයකට ඇය ගමන් කරන නිසාය. මේ මානසික තලයේදී ඉතාම අසාමාන්‍ය කාල විපරිවර්තනයක ගොදුරක් වන ඇය සේම, එහි ගොදුරක් වු බීම දශක පහකට පෙර (1960 දශකය) විසු රාජිනි නම් සුප්‍රකට සිනමා තාරකාවගේ සංවේදන ප්‍රවාහිකාව බවට පත්වන්නීය. මේ අනුව 1964 දී තරමේ රාජිනි වර්තමානයේ වරේණ්‍යගෙන්, සුමධ්‍යා මාධ්‍යයක් කොට ගනිමින් රූපණ විද්‍යාව හදාරන්නීය.
සාර්ථක සිනමා ජීවිතයක් තුළ සිටිමින් වුව, අසාර්ථක විවාහ ජිවිතයක් ගත කරන රාජිනි, වර්ණ්‍යගෙන් තම උගැන්මට අමතරව ප්‍රේමයද ප්‍රාර්ථනා කරන්නීය. මෙම කාල දෙකක, යුග දෙකක ස්ත්‍රී පුරුෂ ප්‍රේමයට මහත්ම බාධාව වන්නේ, නොදැන වුව ඔවුනට ඒ සඳහා උපකාරවු සේම, ඒ සඳහා ඔවුන් විසින් මාධ්‍ය වශයෙන් ද භාවිතා කළ අප්‍රකාශිතව වුව, වරේණ්‍යට ප්‍රේමකළ සුමධ්‍යාට මෙම තතු හෙළිවීමයි. මෙපරිද්දෙන් ගලා යන යුග දෙකක සොඳුරු ආදර කතාවේ අවසානය කෙබදුවේදැයි මිදුණු විශ්වය තිරගත වු දිනෙක ප්‍රේක්ෂක ඔබට පසක් කර ගැනීමට හැකිවනු ඇත.
මිදුණු විශ්වය රංගන දායකත්වය
උද්දික ප්‍රේමරත්න, උදාරි වර්ණකුලසූරිය, බුද්ධික ජයරත්න, චූලක්ෂි රණතුංග, ශ්‍රියන්ත මෙන්ඩිස්, කුසුම් රේණු, දමිතා අබේරත්න, වසන්ත විට්ටච්චි, උදිත ගුණරත්න, ගාමිණි ජයලත්, දිමුතු චින්තක, ඥානාංග ගුණවර්ධන, ලක්‍ෂ්මී දමයන්ති, ජයතිස්ස අතුලසිරි, නිල්වලා විශ්වමාලි, ජයනාත් බෝදාහන්දි, හේමන්ත රන්දුණු, සුදත් ඇන්තනි, සඳුන් බණ්ඩාර, ලක්‍ෂ්මන් රාජපක්‍ෂ, ශ්‍රියාණි දිසානායක, මහින්ද තෙන්නකෝන් ඇතුළු රංගන ශීල්පීන් විශාල පිරිසක් මේ සඳහා එක්වී ඇත.
මිදුණු විශ්වය කාර්මික දායකත්වය
කතාව, දෙබස්, තිර රචනය, අධ්‍යක්‍ෂණය සහ සම නිෂ්පාදනය - ජයන්ත චන්ද්‍රසිරි
නිෂ්පාදනය - රුවන් ජයසිංහ
කැමරා අධ්‍යක්‍ෂණය, සංස්කරණය, වර්ණ සංකලනය සහ ශබ්ද සැලසුම්කරණය - ප්‍රවීන් ජයරත්න
සහය අධ්‍යක්‍ෂණය - නිමල් ෆ්‍රැන්සිස්, සරත් සේනාරත්න, තිස්ස ගුණතිලක
අංග රචනය සහ කේශාලාංකරණය - ඉන්දික උදාර ලංකා
කලා අධ්‍යක්‍ෂණය - පියතිස්ස අකුරම්බොඩ
කලා සහය - රංගන ජයලත්, නිශාන්ත කුමාර, සුජිත් ලක්මාල්
අංග රචනා සහය - චාමර නිරෝශන්, ප්‍රසන්න ගමගේ, ශිරාන් ලක්ෂිත, තරංග උඩුමුල්ල
5.1 ශබ්ද සංයෝජනය - සශින් ගිම්හාන් පෙරේරා
පසු නිෂ්පාදන සහය - තනුෂ්ක කහඳවල
නිෂ්පාදන කළමනාකරණය - ප්‍රසන්න ඉත්තෑපාන සහය - අජිත් ප්‍රනාන්දු
නිෂ්පාදක විධායක - නිමල් විජේසිරි සේනාධීර
රංග වස්ත්‍රාභරණ - පවිත්‍රා අබේසිංහ
සංගීත අධ්‍යක්‍ෂණය - නවරත්න ගමගේ
ගීත පද රචනය - ජයන්ත චන්ද්‍රසිරි, මධුෂිණි හපුආරච්චි
ගීත ගායනා - කුෂාණි සඳරේඛා, ලෙස්ලි තෝමස්, දමිතා අබේරත්න
දෘශ්‍ය ප්‍රයෝග - අනුජ බාසුරු ශිවංකර
නැටුම් අධ්‍යක්‍ෂණය - ශිරාණි කොස්තා, හසිත ලක්ෂාන්
දෙබස් පටිගත කිරීම - සශින් ගිම්හාන් පෙරේරා, තනුෂ්ක කහඳවල
ඡායාරූප හා වීඩියෝ පටිගත කිරීම - ධම්මික පතිරත්න
ශබ්ද ප්‍රයෝග පටිගත කිරීම - ඩබ්ලිව්.ජී. පොඩිරත්න
කැමරා සහය - අසංක නයන ශ්‍රී, ගයාන් ගීතප්‍රිය
කාර්මික ශිල්පීන් - ලලිත් වසන්ත, නිශාන්ත ප්‍රනාන්දු, අජන්ත කුමාර, රන්දික චරිත්, රොහාන් බුලත්සිංහල, චමින්ද පතිරණ, බී.සී.පී. කුමාර
සමුහ ගායනා - හර්ෂ ජාගොඩ, තාමර දර්ශන, රශින්ත ගයාන්, සම්පත් බන්ඩිහෙට්ටිගේ, ප්‍රියාවි භාග්‍යා පතිරණ
අමතර ගායනා - පීටර් රොසයිරෝ, සම්පත් බන්ඩිහෙට්ටිගේ
පසුබිම් හඬ - උමාරියා සිංහවංශ, නවරත්න ගමගේ