වර්ෂ 2023 ක්වූ December 09 වැනිදා Saturday
නොපෙන්වන ආදරයේ සුසුම් කන්ද

විවාහක එක්දරු පියකු වන රත්නපාල, ගමේ කුලී වැඩ කරමින් අවිහිංසක ලෙස ජීවත්වන දුප්පත් පුද්ගලයෙකි. ඔවුනට රුවන් නමින් පාසැල් වියේ පසුවන පිරිමි දරුවෙකු සිටි. අපමණ අග හිඟකම් මැද වුවද තම පවුල වෙනුවෙන් සිය යුතුකම් නිසි ලෙස ඉටු කිරීමට ඔහු වග බලා ගනී. දසවැනි වියේ පසුවන රුවන් තරමක් දඟවැඩට බර දරුවෙකි. ඒ දඟවැඩ නිසාම, තාත්තගේ උදහසට ලක්ව පහර කෑමට සිදුවන අවස්ථා එමටය. දරුවාව යහමඟට ගැනීමට ඔහුට පහර දුන්න ද, රත්නපාලට එය මහා දුකකි. නිමාවක් නැති දඟවැඩ හමුවේ. නිතර නිතර පහරකෑමට ලක්වන රුවන් සිය තාත්තාව නුරුස්සන ස්වභාවයකට පත්වේ.
සිය පියා ගැන වෛරයෙන් පසුවන රුවන්, දිනක් සිය පියාව චාටුවෙන් පාළු නිවසකට රැගෙන ගොස්, එහි සිරකර තබයි. සිය සැමියා නොමැති සොවින් වැලපෙන මව පිළිබඳව රුවන් කම්පාවට පත් වේ. කෙමෙන් සිය පියාගේ අගය හා ආදරය ඔහුට දැනෙන්නට පටන් ගනී. සිතින් දහස්වර විඳවන රුවන් සිය පියාව නිදහස් කර ගැනීමට උත්සාහ කළද අවස්ථා කිහිපයකදීම ඔහුට එය කළ නොහැකි වේ. අවසානය රත්නපාලට සිදුවන්නේ කුමක් ද යනු “තාත්තා” සිනමා පටය තිරගත වූ පසුව දැන ගැනීමට හැකිවනු ඇත. පිය සෙනෙහසක ගැඹුර සහ අරුමය සමාජගත කිරීමට අධ්යක්ෂවරයා උත්සාහ දරා ඇත.
“ඉස්කෝලෙට මං ආවා” (2019) චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිරගත කරමින් සිනමා ක්ෂේත්රයට පිවිසි ප්‍රසාද් සමරතුංග ගේ දෙවන සිනමා නිර්මාණයයි “තාත්තා”. සිනමා මාධ්‍යවේදියකු ලෙස කලා ක්ෂේත්රයට පිවිස සිනමාව හැදෑරූ ඔහු, ගීත රචකයකු, ගායන ශිල්පියකු සේම තිර පිටපත් රචකයකු ද වේ. තාත්තා නුදුරේම තිරගත කිරීමට ඔහු සූදානමින් සිටී.
තාත්තා රංගන දායකත්වය
කුමාර තිරිමාදුර , නිල්මිණි තෙන්නකෝන්, තිසෙව් සත්සිළු විජේනායක, ඔනෙලි හිමංසි, කුෂේයා අනගි, සඳෙව් වලිමුණි, උපුල් වීරසිංහ, රුෂාන්ත විජේනායක, සිනෙති අකිලා, කුමාර වඳුරැස්ස, රොහාන් පෝල්, සැනෙට් දික්කුඹුර, උපුල් නිශාන්ත, සුමිත් ගල්හේන, සනත් රත්නායක, සමන් කුමාර ගමගේ, විජිත් හේවාවිතාරණ , උපේන්ද්රිකා රත්නායක, ලලිත් නවරත්න, නිශ්ශංක විජේරත්න, චමිලා ප්‍රියංගනී, විහඟ කවිශාන්, ඩිලූශ ටේෂාන්, දෙනුකි හසින්තිකා, තෙනුමි විහංසා, බිමංසා සඳෙව්මි, කවිඳු නෙත්මාල්, දසුන් නිර්වාන්, ජනෝදි හංසනා, තාරක දිල්හාන් ජයසිංහ.
“තාත්තා” කාර්මික දායකත්වය
සම තිර රචනය සහ අධ්‍යක්ෂණය - ප්‍රසාද් සමරතුංග
නිෂ්පාදනය - රුෂාන්ත විජේනායක
කතා සංකල්පය සහ තිර රචනය - ලලිත් වර්ණප්‍රිය
කැමරා අධ්‍යක්ෂණය - සිසිකිරණ පරණවිතාන
කැමරා සහය - යසස් ශ්‍රී හෙට්ටිආරච්චි, මනෝජ් සම්පත්
සහය අධ්‍යක්ෂණය - තරිඳු ඉලංකෝන්, බෙන්තරගේ කමල් දේශප්‍රිය
සංස්කරණය සහ වර්ණ සංයෝජනය - ශාන් අල්විස්
කලා අධ්‍යක්ෂණය - ගීතානි සෙනෙවිරත්න සහය - ප්‍රසන්න සූරියආරච්චි
අංග රචනය - තාරක අධිකාරි සහය - ලසිත් බණ්ඩාර
ශබ්ද පරිපාලනය සහ ශබ්ද ප්‍රයෝග - සශින් ගිම්හාන් පෙරේරා
දෙබස් සහ ෆොලි ශබ්ද පටිගත කිරීම - තනුෂ්ක කහඳවල
සංගීත අධ්‍යක්ෂණය - දිනේෂ් සුභසිංහ
ගීත ප්‍රබන්ධය - වෛද්‍ය ශානි ඇන්තනී
ගීත ගායනය - නලින් පෙරේරා, උපේඛා නිර්මාණි
පසුබිම් ගායන සහය - කාව්‍යා සත්සරණි,
දෙව්මිණි ප්‍රනාන්දු, මලිත් සෙනෙත් , සංජීව පීරිස්, ක්‍රිශාන්ත වර්ණකුල,
ඇරන් ප්‍රනාන්දු, චමිත් සුරංග, දිනේෂ් සුභසිංහ
නිෂ්පාදන කළමනාකරණය සහ මාධ්‍ය සම්බන්ධීකරණය - උපුල් නිශාන්ත
ෆොලී ශබ්ද ගැන්වීම - බිනුර කහඳවල, චතුර විමර්ශ
ඉංග්‍රිීසි උපසිරැසි - චම්පිකා දීපානි රණසිංහ
ප්‍රධාන ආලෝකකරණය - චමිඳු අල්විස්
පොලිස් නිල ඇඳුම් සැපයීම - කීර්ති රංජිත් පීරිස්
ආලෝක කරණ සහය - සමන් අපියපල, අසංක ප්‍රිය වෙත්තසිංහ
සංස්කරණ හා වර්ණ සංකලන මැදිරිය - ශා ස්ටුඩියෝ - කිරිබත්ගොඩ
පසුබිම් හඬ - අතුල ජයසිංහ
දර්ශනතල සම්බන්ධීකරණය - රෝහණ සේනාරත්න
රුෂා ක්රියේෂ්න් ඉදිරිපත් කිරීමකි.