ආත්මගත ආදරයේ ප්‍රතිරාවය

1970 ලව් ස්ටෝරි රංගන දායකත්වය
ජුනි 29, 2023

හේමාල් රණසිංහ, ගම්‍යා විජේදාස, මහේන්ද්‍ර පෙරේරා, බිමල් ජයකොඩි, අශාන් ඩයස්, සඳනි ප්‍රනාන්දු, සරත් කොතලාවල, සමන් හේමරත්න, ලසන්ත උඩුකුඹුර, අසංග පෙරේරා, නන්දන හෙට්ටිආරච්චි, දයා වයමන්, දිනෙත් ද සිල්වා, ප්‍රාර්ථනා සේරසිංහ, නිශාන්ත ප්‍රියදර්ශන, සුරන් දසනායක, රොෂාන් මැණික්පුර, මෙත්තානන්ද විතානගේ, ප්‍රදීප් චාමින්ද, ඩිලාන් චන්ද්‍රරත්න, නිමාලි හේරත්, සුනෙත් මැල්සිරිපුර, නිශාන්ත සිංහලගේ, අමාලි මධුභාෂිණී, මහේෂ් ලක්ෂාන්, ජානක නිරෝෂන් ඇතුළු පිරිසකි. 

70’ දශකයේ එක් කාලවකවානුවකදී උඩරට කඳුකරයේ තේ වතු ආශ්‍රිත බංගලාවක තරුණ විවාහක යුවළක් තම ව්‍යාපාර කටයුතු කරමින් ආදරණීය ජීවිතයක් ගත කරයි. ඔවුන් නමින් ක්ලිෆර්ඩ් දුණුවිල සහ ෂෙරින් දුනුවිල වෙයි. රූමත් ෂෙරින් දුණුවිල වෙත රෙජිනෝල්ඩ් දුණුසිංහ නම් තවත් ව්‍යාපාරික පුද්ගලයෙකුගේ බැල්ම වැටේ. ෂෙරින් ඔහුට කිසිදු මනාපයක් නොදක්වයි. තම උත්සාහය අත් නොහරින දුණුසිංහ, කිලිෆර්ඩ්ව මරා දමා ෂෙරින්ව ලබාගැනීමට දරන උත්සාහයේ දී ෂෙරින් වෙඩි වැදී මිය යන අතර, දුණුසිංහ පලා යයි. තනිවන ක්ලිෆර්ඩ් විදේශගත වෙයි. එහිදී තම ආදර කතාව පොතක් ලෙස එළිදක්වන්නට කටයුතු කරන ක්ලිෆර්ඩ් එම කතාව ඔහුගේ මිත්‍ර, චිත්‍රපට අධ්‍යක්‍ෂ මහේන්ද්‍ර වෙත ලබාදෙයි. එයින් තිර පිටපත සකසන ඔහු, එහි රූපගත කිරීම් ඇරඹීම සඳහා ෂෙරින් සහ ක්ලිෆර්ඩ් ජීවත්වූ බංගලාවට තම කණ්ඩායම සමග පිටත්ව යයි. ෂෙරීන්ගේ අවතාරය සැරිසරන එම බංගලාවේදී චිත්‍රපට කණ්ඩායම නොසිතු විරූ සිදුවීම් මාලාවකට මුහුණ දෙයි.


රූපගත කිරීම සිදුවන අතරතුර ක්ලිෆර්ඩ් මෙරටට පැමිණ තම පොත එළි දැක්වීමට කටයුතු කරයි. ක්ලිෆර්ඩ් ගේ පැමිණීම ෂෙරින්ගේ සතුටට හේතු වේ. චිත්‍රපටයේ ෂෙරින්ගේ භූමිකාව රඟන ප්‍රධාන නිළිය හරහා ෂෙරින් ක්ලිෆර්ඩ් වෙත සමීප වෙයි. වසර ගණනාවකට පසුව මෙම බංගලාවට පැමිණෙන දුණුසිංහට කුමක් සිදුවේද ? රූගත කිරීම් අවසන් කිරීමට එම කණ්ඩායමට හැකිවේද ? ආදරයේ අවසන් කැමැත්ත කුමක්ද යනු මෙම සිනමාපටය නරඹන ඔබට වටහා ගැනීමට හැකිවනු ඇත.


සම්මානනීය චිත්‍රපට අධ්‍යක්‍ෂ අරුණ ජයවර්ධනගේ නවතම සිනමා නිර්මාණයයි “1970 ලව් ස්ටෝරි” චිත්‍රපටය. ඔහු මෙයට ප්‍රථම “නිකිණි වැස්ස” (2013) සහ “හැපි බර්ත් ඩේ” (2022) යන සිනමාපට ප්‍රේක්ෂකයා වෙත තිළිණ කර ඇති අතර, ඉදිරියේදී තිරගත වීමට නියමිතව ඇති “මාරියා” චිත්‍රපටයද ඔහුගේ නිර්මාණයකි. මේ වන විටත් මාරියා අන්තර්ජාතික සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. “1970 ලව් ස්ටෝරි” චිත්‍රපටය ද නුදුරේදීම තිරගත කරවීමට අධ්‍යක්‍ෂවරයා සැලසුම් කර ඇත.



1970 ලව් ස්ටෝරි කාර්මික දායකත්වය
තිර රචනය සහ අධ්‍යක්‍ෂණය - අරුණ ජයවර්ධන
නිෂ්පාදනය - සමන් එදිරිසිංහ
විධායක නිෂ්පාදනය - නලින් සිරිවර්ධන
සහය අධ්‍යක්‍ෂණය - දමින්ද ඩී. මඩවල, ඉඳුනිල් දැරණියගල
කැමරා අධ්‍යක්‍ෂණය - චන්න දේශප්‍රිය
කැමරා සහය - අනුර කොඩිතුවක්කු, දිලංග දිනුෂාන්, ලහිරු ජයසිංහ
සංස්කරණය - තිස්ස සුරේන්ද්‍ර සහය අසංක වික්‍රමසිරි
වර්ණ සංයෝජනය - අසංක වික්‍රමසිරි
අංග රචනය - සමරසිරි කඳනගේ සහය මධාරා ගොඩගේ
කලා අධ්‍යක්‍ෂණය - සුනිල් ප්‍රේමරත්න
කලා සහය - ලාල් දිසානායක, මනෝජ් ප්‍රියන්ත,
ගාමිණී ජයසිංහ, උපුල් ශාන්ත ලියනගේ
ආලෝකකරණය - ආරියරත්න පෙරේරා, කීර්ති වසන්ත, රජිත නුවන්, දුමින්ද ඉෂාර
නිෂ්පාදන කළමනාකරණය - අසංග පෙරේරා සහය සුභාෂ් ජයලංකා, නිශාන්ත සිංහලගේ
රේඛීය නිෂ්පාදනය - ඒෂාන් ඒකනායක
සටන් අධ්‍යක්‍ෂණය - වසන්ත කුමාරවිල
නර්තන අධ්‍යක්‍ෂණය - ගයාන් ශ්‍රීමාල්
(ගයාන් ශ්‍රීමාල් නර්තන කණ්ඩායම)
සංගීත අධ්‍යක්‍ෂණය - චින්තක ජයකොඩි
ගී පද රචනය - පූජ්‍ය කුට්ටිකුලමේ පේමාලංකාර හිමි, ෂෙහාන් ගලහිටියාව, දුමින්ද අලගේන්ද්‍ර, අරුණ ජයවර්ධන
ගී තනු නිර්මාණය - චින්තක ජයකොඩි,
තිළිණ රුහුණගේ, මංගල ගලප්පත්ති
ගීත ගායනය - සූර්යා දයාරුවන්, සමිතා මුදුන්කොටුව, ඉන්දික රුවන්, සුරේන්ද්‍ර පෙරේරා, පුෂ්පික සුලක්ෂාන්
ඇඳුම් නිර්මාණය - ලසන්ත උඩුකුඹුර, හිරාන් විජේසේකර
නිශ්චල ඡායාරූප - අනූ ඩී. ලියනගේ, එෂාන් හසංක
හඬපට නිර්මාණය - සසික රුවන් මාරසිංහ
දර්ශන තලයේ ශබ්ද පටිගත කිරීම - ගිහාන් කාවින්ද
ශබ්ද පරිපාලන සහය - චලක පෙරේරා
විශේෂ දෘශ්‍ය ප්‍රයෝග - අශාන් අමරසිංහ සහය කාලිංග මහේන්ද්‍ර
ස්ටාර් එන්ටර්ටේන්මන්ට්ස් සහ ඉවන්ට් පුද්ගලික සමාගමේ ඉදිරිපත් කිරිමකි.