වර්ෂ 2023 ක්වූ December 04 වැනිදා Monday
කැපෙන කතුරෙන් නොකැපෙන මිතුරුකම

වේදිකාව, පුංචි තිරය හා රිදී තිරය එකසේ ජයගත් ගිරිරාජ් කෞශල්‍ය අධ්‍යක්ෂණය කරන නවතම සිනමා නිර්මාණයයි. “කතුරු මිතුරු” . ඔහු විසින් මෙයට ප්‍රථම “සිකුරු හතේ (2007)” , සුහද කොකා යන සිනමාපට ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත්කල අතර, හාසෝයීත්පාදක රංගනයේ ප්‍රබලයකු වන ඔහු “කතුර”, “එතුමා” , “නාන කාමරය” වැනි ටෙලිනාට්‍ය රැසක පිටපත් රචකයා ද වේ.
මෙහි කතා තේමාව ගෙතී ඇත්තේ, පාරම්පරිකව පැවත එන කරනවෑමියකු සහ ඇඳුම් මසන්නෙකු වටාය. දෙදෙනාම තම රාජකාරිය කරනුයේ කතුරෙනි. ඔවුන් දෙදෙනා අතර ඇත්තේ “කතුර” මූලික කරගත් මිතුරු කමකි. බාබර්ට දුවෙක් සහ ටේලර්ට පුතෙක් සිටි. දෙදෙනාම විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන්කර ඇතත්, ඔවුනට රැකියා අවස්ථාවන් ලැබී නැත. එහෙයින් ඔවුන් තම තමන්ගේ පියවරුන්ගේ රැකියාවනට සම්බන්ධ වීමට උත්සාහ කළත්, පියවරුන් එයට කැමතිනොවේ. පියවරුන්ගේ එකම අභිලාෂය තම දරුවන් පරිපාලන සේවයට සම්බන්ධ උසස් යැයි සැලකෙන රැකියාවන්හි නිරතවනු දැකීමයි. එනමුත් දරුවන් වෙර දරනුයේම තම පියවරුන්ගේ රැකියාවන්, වර්තමානයට ගැළපෙන අයුරින් නවීකරණයට ලක් කිරීමටයි. එනිසාවෙන් දරුවන් දෙදෙනා ගමෙන් නගරයට පැමිණ රූපලාවණ්‍ය සහ ඇඳුම් නිර්මාණකරණය පිළිබඳව පාඨමාලාවන් හදාරති. ඔවුන් ඒ ඒ ක්ෂේත්රයන් හි ඉහළටම පැමිණෙයි. ටේලර් සාප්පුවට සහ බාබර් සාප්පුවට පැමිණෙන ගනුදෙනුකරුවන් සමඟ පවත්වනු ලබන සම්බන්ධතාවයන් හාස්‍ය මතුකරන ආකාරයේ ඒවා බැවින් මේ චිත්‍රපටය හාසෝයීත්පාදක චිත්‍රපටයක්ම වේ.
“කතුරු මිතුරු” ආලංකුලම ෆිල්ම්ස් තිරයට ගෙන එනු ලබන හත්වන සිනමා නිර්මාණයයි. “ආසයි මං පියාඹන්න ”,“රෝස කැලේ” ,“කිං හන්තර්” ,“පායා එන්න හිරුසේ”,“සුවඳ දැනුණා ජීවිතේ”, “කුසපබා” වැනි චිත්‍රපට සඳහා ඔවුන්ගේ දායකත්වය හිමිවිය.
කතුරු මිතුරු රංගන දායකත්වය
ජයලත් මනෝරත්න, මහේන්ද්‍ර පෙරේරා, රොඩ්නි වර්ණකුල, ප්‍රියන්ත සෙනෙවිරත්න, මොරින් චාරුණි, ජයනි සේනානායක, හඳුන්වාදෙන - රසාංජන නන්දසිරි, සදිනි හෙට්ටිගොඩ සහ චම්පි සිරිවර්ධන, බුද්ධික ගුණරත්න, බිමල් ජයකොඩි, සුජානි මේනකා, රොෂාන් රණවන, කුෂ්ලානි රණවන, ශිරෝමිකා ප්‍රනාන්දු, වසන්ත විට්ටච්චි, ලලිත් ජනකාන්ත, ගිහාන් ප්‍රනාන්දු, මිහිර සිරිතිලක, චන්ද්‍රසෝම බිංදුහේවා, ඩී.බී. ගං ගොඩතැන්න, දයා වයමන්, ආනන්ද අතුකෝරල, සම්පත් ජයවීර ඇතුළු විශාල පිරිසක් දායකව ඇත.
කතුරු මිතුරු කාර්මික දායකත්වය
තිර රචනය සහ අධ්‍යක්ෂණය - ගිරිරාජ් කෞශල්‍ය
නිෂ්පාදනය - බාසුරු සිරිවර්ධන, යසිත් සිරිවර්ධන
සහය අධ්‍යක්ෂණය - ජයන්ත අබේරත්න, අමිල ප්‍රේමරත්න, ආලෝක සම්පත්
කැමරා අධ්‍යක්ෂණය සහ ආලෝකරණය - රුවන් කොස්තා
කැමරාකරණය - තුසිත අනුරාධ
කැමරා සහය - මුදිත විතානගේ, ලහිරු ජයසිංහ, රජිත් නුවන්, අනුර කොඩිතුවක්කු
සංස්කරණය - අජිත් රාමනායක
අංග රචනය - ප්‍රියන්ත දිසානායක සහය - වසන්ත පූර්ණවංශ
කලා අධ්‍යක්ෂණය සහ පසුතල නිර්මාණය - මනෝජ් වික්‍රමසිංහ
කලා සහය - වජිර දයානන්ද, ඉෂාර මධුරංග, ජනක ජයසුන්දර
නැටුම් අධ්‍යක්ෂණය - ප්‍රසාද් කුලසිංහ
ශබ්ද පරිපාලනය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි සහය - පුබුදු ධනංජය වනිගසේකර
දෙබස් පටිගත කිරීම - ගිහාන් කාවින්ද
අතිරේක ශබ්ද සැපයීම - ඩබ්ලිව්. ජී. පොඩිරත්න සහය - කෝකිල නිරෝශන
ඇඳුම් නිර්මාණය - සංජීව කරුණාරත්න සහය - සුරන් හේමකුමාර
නිෂ්පාදන කළමනාකරණය - ශ්‍රී ලාල් වික්‍රමගේ සහය - හේමන්ත බන්ධනගේ
නිෂ්පාදන සම්බන්ධීකරණය - නිලන්ත ප්‍රියදර්ශන
නිෂ්පාදන සැලසුම් - ජයප්‍රකාශ් සිවගුරුනාදන්
සංගීත අධ්‍යක්ෂණය - ආචාර්ය රෝහණ වීරසිංහ
ගී තනු නිර්මාණ - ආචාර්ය රෝහණ වීරසිංහ, කපිල පූගල ආරච්චි, සමන්ත පෙරේරා
ගීත ප්‍රබන්ධය - බණ්ඩාර ඇහැලියගොඩ , නිලාර් එන් කාසීම්, අචල සොලමන්ස්
ගීත ගායනය - අමරසිරි පීරීස්, අමන්ද්‍යා උත්පලී, තාරක ගුණරත්න, ජයලත් මනෝරත්න, රොඩ්නි වර්ණකුල, මහේන්ද්‍ර පෙරේරා, ප්‍රියන්ත සෙනෙවිරත්න
නිශ්චල ඡායාරූප - ධම්මික පතිරත්න
නාමාවලිය - ප්‍රේම් දිසානායක
ප්‍රධාන ආලෝකකරණය - ඉන්ද්‍රජිත් සේනානායක
ආලෝකකරණ සහය - ශාරක ශ්‍යාමල්, කැලුම් සුරංග, කසුන් සංජීව, ඩොරික් රත්නායක
නිෂ්පාදන සහය - සුමිත් රත්නායක, සී.කේ. සමරනායක
ඉදිරිපත් කිරීම ආලන්කුලම ෆිල්ම්ස්