වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
කතුරු මිතුරු හෙට සිට

ප්‍රවීණ රංගන ශිල්පී තිර පිටපත් රචක සහ අධ්‍යක්ෂ ගිරිරාජ් කෞශල්‍යගේ නවතම සිනමා නිර්මාණය ‘කතුරු මිතුරු’ මංගල දර්ශනය අද (21) කොළඹ ස්කෝප් සිනමා ශාලාවේ දී පැවැත්වේ. සිනමාත්මක ප්‍රහසන කලාවේ නැවුම් හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස හෙට 22 සිට L.F.D, C.E.L හා ස්කෝප් සිනමා ශාලා ඇතුළු දිවයින පුරා සිනමාහල් 60 ක ප්‍රදර්ශනය අරඹයි. ආලංකුලම ෆිල්ම්ස් වෙනුවෙන් බාසුරු සිරිවර්ධනගේ නිෂ්පාදනයකි. ආචාර්ය ජයලත් මනෝරත්නයන් මියයෑමට පෙර රංගනයෙන් දායක වූ සිනමාපට අතර ‘කතුරු මිතුරු’ විශේෂ ප්‍රහසන නිර්මාණයක් වන අතර මහේන්ද්‍ර පෙරේරා, රොඩ්නි වර්ණකුල, ජයනි සේනානායක, මොරින් චාරුනි, ගිරිරාජ් කෞශල්‍ය, ප්‍රියන්ත සෙනෙවිරත්න, සදනි හෙට්ට්ගොඩ, රසාංජන නන්දසිරි සමඟ වසන්ත විට්ටච්චි, බිමල් ජයකොඩි, සහන් රන්වල, ගිහාන් ප්‍රනාන්දු, මිහිර සිරිතිලක, චන්ද්‍රසෝම බිංදුහේවා, සුජානි මේනකා, සම්පත් ජයවීර, ඩී.බී.ගංගොඩතැන්න, දයා වයමන්, ආනන්ද අතුකෝරළ රංගනයෙන් එක්වෙති.