වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
මිථ්‍යාවේ ආනන්දය Mr කපු

සිරිල් ගුරුන්නාන්සේ හෙවත් කපු මහත්තයා පැරණි වලව් පරපුරකින් පැවත එන්නෙකි. විවාහයකු වූ ඔහු එක් දරුපියෙකි. තරුණ වියේ පසුවන පුතු රස්තියාදුවට හුරුවූවෙකි. සැරපරුෂකාන්තාවක් වන කපු මහතාගේ බිරිඳ, නිවසේ ගෘහ මූලිකයා ලෙස කටයුතු කරන අතර, රටට ලෝකයාට වීරයෙක් සේ පෙන්වන කපු මහතා බිරිඳ ඉදිරියේ පූස් පැටියෙකි. සිය නිවසේ දේවාලයක් පවත්වා ගෙනයමින් සාස්තර, කොඩිවින යන්ත්‍ර මන්ත්‍ර තොවිල් ගුරුකම් කළද, ඔහු දන්නා ගුරුකමක් නොමැත. ඔහුගේ ගෝලයා වන පොඩ්ඩේ සමඟින් එක්ව මිනිසුන් මුළාවේ දමමින් මුදල් උපයාගනී. කපු මහතා සිය බිරිඳට හොරා අන් ළඳුන් ඇසුරටද ලොල් වූවෙකි. එම ගමේම වෙසෙන සිංඤෝ වෙද මහතා ද පාරම්පරික වෙද පරම්පරාවකින් පැවත එන්නෙකි. විවාහයකු වූ ඔහුට දරුවන් නොමැත. ගැහැනු සොඬෙකු වූ ඔහුට ගමේ හොර අඹුවන් රැසකි. මේ හේතුව නිසාම කපු මහතා හා වෙද මහතා අතර නිතරම ආරවුල් හටගනී. දෙදෙනාගේ ගෝල බාලයන්ද මෙම අඩදබරවලට මැදිහත වේ. සටන් නැටුම් ගැයුම්වලින් පරිපූර්ණ ‘මිස්ටර් කපු’, හාස්යා්ත්පාදක සිනමා කෘතියකි. වර්තමානයේ මෙන් අතීතයේ ද මිනිසුන් විවිධ මිථ්‍යාවන් පසු පස, හඹාගිය ආකාරය මෙමඟින් වර්තමාන ජන සමාජයට පෙන්වා දීමට අධ්‍යක්ෂවරිය පියවර ගෙන ඇත.
කලා ක්ෂේත්රයට ආගන්තුක චරිතයක් නොවූ දීප්ති වගීෂාගේ, ‘මිස්ටර් කපු’ඇයගේ කුලුඳුල් සිනමා වෘත්තාන්තයයි. නිවේදිකාවක් රංගන හා ගායන ශිල්පිනියක්, ගේයපද හා තිරපිටපත් රචිකාවක් සේම, ටෙලිනාට්‍ය අධ්යක්ෂවරියක් හා නිෂ්පාදිකාවක් ලෙසටද කටයුතු කරන ඇය, 2000 ‘ආදරණීය සුදු නංගි’ ටෙලිනාට්‍යයෙන් රංගනයට පිවිස ‘මකර දඩයම’, ‘අනෝරා’, ‘මනෝ ගේ ලෝකය’, ‘බොරදිය දහර’, ‘කිඳුරංගනා’, ‘සීතා මං ආවා’, හා ‘ආටකනාටක’ යන සිනමාපට හා ටෙලි නාට්‍ය සඳහා සිය රංගන දායකත්වය දක්වා ඇත. ‘ළා සඳ පාමුල’,‘සිරිවාසල’,‘රිටිගල අභියස’, ‘සුපිරි වාසනා’ වැනි ටෙලි නිර්මාණ රැසකට සහය අධ්යක්ෂවරියක ලෙස දායකවීමෙන් ලද පන්නරය ඉවහල්කර ගනිමින් ,‘ද ලොජ්’ , ‘මුහන්දිරම් වලව්ව’,‘කාංචනා’, ‘වීදි අප්සරාවෝ’ , ‘ආතල් බෝඩිම’, ‘කුරේ සහ මරේ’, ‘රන්වල මහනූගේ’ වැනි ටෙලිනාට්‍ය රැසක් අධ්‍යක්ෂණය කරමින් ඉදිරිපත් කිරීමට ද ඇය සමත්ව ඇත.
මිස්ටර් කපු චිත්‍රපටයේ රංගන දායකත්වය
ටෙනිසන් කුරේ, ගිරිරාජ් කෞශල්‍ය, කුමුදු නිශාන්ත, නන්දන හෙට්ටිආරච්චි, චතුර පෙරේරා, නීල් ජයසිංහ, ටෙඩී විද්‍යාලංකාර, උදය කුමාරි රණසිංහ, මිහිර සිරිතිලක, ලක්ෂිකා ෆොන්සේකා, චලනි බාලසූරිය, තුෂාරි වේහැල්ල, නිමල් සූරියබණ්ඩාර, රොෂාන් ජයසුන්දර, චන්ද්‍රසේන වලිමුනි, නිරංජලා ජයසිංහ, චමිල අත්තනායක, මංජුල මුදලිගේ ඇතුළු පිරිසකි.
‘මිස්ටර් කපු’ චිත්‍රපටයේ කාර්මික දායකත්වය
ගීත රචනය, නර්තන අධ්‍යක්ෂණය
තිරරචනය සහ අධ්‍යක්ෂණය
නිෂ්පාදනය - නුවනි වලිමුනි
කැමරාකරණය - පී.කේ.ලෙනාඩ්, ප්‍රසන්න කුමාර, නිරෝෂන් කොඩිප්පිලි
සහය අධ්‍යක්ෂණය - රොෂාන් ජයසුන්දර, චාමර සී. බලන්ගොඩ
කැමරා සහය - අබී ශ්රියාධි
සංස්කරණය - සමන් ලියනගේ, ගයාන් ශ්‍රි බුද්ධික
කලා අධ්‍යක්ෂණය - රොෂාන් පෙරේරා සහය මහේෂ් යාපා
අංග රචනය - ආසිරි චතුරංග සහය ක්‍රිෂාන්ත කුමාර
හඬ සංකලනය - රංජිත් දිසානායක
වර්ණ සංකලනය - සම්පත් මාරසිංහ
පසුබිම් සංගීතය සහ ගී තනු නිර්මාණය - ජෝර්ජ් සේනානායක
ගීත ගායනය - ජෝර්ජ් සේනානායක, ගයාන් සංඛ මධු , දීප්ති වගීෂා
නිෂ්පාදන කළමණාකරණය - නීල් ජයසිංහ
සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
නර්තන ඉදිරිපත් කිරීම - හිමාලි සංගීතා ප්රමුඛ නර්තන කණ්ඩායම
ශබ්ද පටිගත කිරීම - චතුරංග අකිල තරංග
නිශ්චල ඡායාරූපකරණය - ශීතන් ගුණවර්ධන
නාමාවලිය සැකසීම - සුසන්ත පුෂ්ප කුමාර
සහය නිෂ්පාදනය - ඩබ්ලිව් වික්‍රම, තරිඳු චතුරංග
අතිරේක රංගන ශිල්පීන් – රාජ් මෙන්ඩිස්, පද්මා මෙන්ඩිස්, සංජය විදාන පතිරණ, උමේෂි වික්‍රමසිංහ, චතුරිකා ආරියවංශ, ශිරාන් මධුසංඛ, ගයාන් කසුන් විජේසුරිය, මධු සේනාරත්න , රුචී දිසානායක, හිමායා සංගීතා, ජනිත් දෙනෙත් කුරේ, නෙල්කා සමන්මලී, දිල්රුක්ෂි, ෆනැන්ඩු,
ආලෝකකරණය - රොෂාන් ප්‍රියදර්ශන, ඉන්දික, මධුරංග, චමින්ද