ස්වාර්ථය අබිබවා ගිය මවකගේ කඳුළු

ඔක්තෝබර් 5, 2023

සූරූපි නිරහංකාර යුවතියක වන තිස් එක් හැවිරිදි නෙළුම්, හය මසක් සම්පූර්ණ වූ ගර්භනී මවකි. යම් රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබාගැනීමට යාමේදී, ඇය පියයුරු පිළිකාවකින් පෙළෙන බැව් වෛද්‍ය වාර්තා තුළින් හෙළිවීමත් සමඟින් ඇය සතුටින් කල් ගෙවූ ඇයගේ ප්‍රීතිමත් පවුල් ජීවිතය මහත් වූ කම්පනයකට පත්වේ. කුස දරා ඟිදිනා නූපන් දරුවාගේ ජීවිතය අනතුරේ හෙළීමට අකමැතිවන නෙළුම්, සිය වෛද්‍ය ප්‍රතිකාර දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන්නීය. ඇයගේ එම තීරණයෙන් වෛද්‍යවරුන් උගතෝ කෝටියකට පත්වෙයි. තමන්ගේ ලෙයින් නූපන් දරුවාට වඩා තම ආදරණිය බිරිඳගේ ජීවිතය බේරා ගැනීමට නෙළුම් ගේ සැමියා අපමණ උත්සාහයක යෙදෙයි. නෙළුම් ගත් තීරණය කුමක්ද? ඇය සහ දරුවා සුරැකේද? සැමියා වූ බිමල් කුමන තීරණයක් ගනීද යනු ආසු තිරගත වීමත් සමඟින් විසඳෙනු ඇත.

අන්තර්ජාතික සිනමා සම්මානයන් රැසකට හිමිකම් කියන ලද, සංජීව පුෂ්පකුමාරගේ නවතම සිනමා නිර්මාණයයි ආසු. ඔහුගේ මින් පෙර තිරගත වූ ඉගිල්ලෙන මාළුවෝ සහ දැවෙන විහඟුන් යන සිනමා පට අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලයන් රැසක් නියෝජනය කරමින් සම්මානයන්ට පාත්‍ර විය. අධ්‍යක්ෂවරයාගේ නවතම සිනමා නිර්මාණය වු විහඟ ප්‍රේමය ඉදිරියේ දී තිරගත වීමට නියමිතව ඇත. ග්‍රන්ථ කර්තෘවරයෙකු ද වන සංජීව, ආත්ම බද්ධ සිනමාරූප, කොරියානු සිනමාව සහ කිම් කී දුක් ගේ සිනමා රූප හා ජම්ප් කට් එකක් නමින් කෘති ත්‍රිත්වයක් ද එළි දක්වා ඇත. ආසු නුදුරේ ම තිරගත වීමට නියමිතව ඇත.

 

“ ආසු ” චිත්‍රපටයේ රංගන දායකත්වය

උදාරි වර්ණකුලසුරිය, ශ්‍යාම් ප්‍රනාන්දු, ඩිනාරා පුංචිහේවා, චාන්දනී සෙනෙවිරත්න, සෝමරත්න දිසානායක, ස්වේතකී වාදසිංහ, අතුල වේරගොඩ, යශෝදා රසඳුනි, රේණුකා බාලසූරිය, සම්පත් ශ්‍රී ජයසිංහ, මාල් කුරුවිට ආරච්චි, රයන් ප්‍රනාන්දු, සන්ජේ වෙත්තමුණි, ටෙහාරා පුංචිහේවා, උමේෂා ජයසිංහ, නාමනී පංචලා, අනික් පුංචි හේවා, රොෂාන් හසන්ත ඩොමිනික් ප්‍රනාන්දු, රයන් ප්‍රනාන්දු, අමාන් කුලතුංග සාගරිකා අබේරත්න ඇතුළු පිරිසක් දායකව ඇත.

 

අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය - සංජීව පුෂ්ප කුමාර

සම නිෂ්පාදනය - අමිල් අබේසුන්දර

තිර රචනය - සංජීව පුෂ්පකුමාර, සංගීතා නිල්නදී ගොඩගම

කැමරා අධ්‍යක්ෂණය - විශ්ව බාලසුරිය

කැමරා සහය - අසංක මුණසිංහ, රනිල් වසන්ත

නාභිගතකරණය - මෙවන් නිශාන්ත

සහය අධ්‍යක්ෂණය - නිරෝෂන් එදිරිමාන්න, ඉඳුනිල් දැරණියගල

සංස්කරණය - අජිත් රාමනායක

ශබ්ද සංකලනය - අරුණ පි‍්‍රයන්ත කළුආරච්චි සහය පුබුදු ධනංජය

අංග රචනය - නාරද තොටගමුව

සහය - රජිත දික්හින්න, ළහිරු මධුමාධව

කලා අධ්‍යක්ෂණය - පූර්ණ ජය ශ්‍රී

සහය - දුලීප් ප්‍රසංග

වර්ණ සංකලනය සහ ඩී.සී.පී. ආනන්ද බණ්ඩාර

ඇඳුම් නිර්මාණය - අජන්ත අලහකෝන්

ඇඳුම් නිර්මාණය සහය - ගීතානි සෙනෙවිරත්න, අනුෂා සෙනෙවිරත්න

සංගීත අධ්‍යක්ෂණය - අජිත් කුමාරසිරි, නාමිණී පංචලා

ජනගීය සංගීත නිර්මාණය - ජිනේන්ද්‍ර විද්‍යාපති, චාමර හපන්ගම

ගායනය - නිපුනි ශාරදා

නිෂ්පාදන කළමනාකරණය - හැරල්ඩ් කරුණාතිලක

සහයෝගිතා නිෂ්පාදනය - සුරංග හඳපාන්ගොඩ

රේඛීය නිෂ්පාදනය - රේණුකා බාලසූරිය

ආලෝකකරණය - මහේෂ් ගුණරත්න

ආලෝකකරණය සහය - සුසන්ත රත්නසිරි, අනුර කිත්සිරි, එම්.එම්. මාෂ් රිකාස්

නිශ්චල ඡායාරූප - ගයාන් රුක්ෂාන් පෙරේරා

අමතර ශබ්ද නිර්මාණය - ඩබ්ලිව්. ජී. පොඩිරත්න

සහය - චාරුක ලක්ෂාන්

කොණ්ඩා නිර්මාණය - ලෙස්ලි සේරම්

තිර රචනය පරිවර්තනය - පි‍්‍රයත් ලියනගේ, හරින්ද දසනායක, සංගීතා නිල්නදී ගොඩගම

ඉංගී‍්‍රසි උපසිරැසි - හරින්ද්‍ර බී. දසනායක

දෙමළ උපසිරැසි - බී.එච්.කාසිම්

උපසිරැසි ගැන්වීම් තාක්ෂණික සහය - අනුර බණ්ඩාර

 

[email protected]