අපරාධයක් වසන් කළ නොහැකිය නුහුරු වෑයම

ඔක්තෝබර් 12, 2023

තම දියණිය වූ ශ්‍රද්ධාංජලි පෙර පාසැලේ වාර්ෂික විවිධ ප්‍රසංගයට සහාභාගිවෙමින් සිටියදී, මව වූ අචිනි ගේ දුරකථනයට පැමිණෙන ඇමතුමකින් ඇය තැති ගන්නා අයුරු පියා වූ ජීවක දකී. අචිනිගේ යම් වෙනසක් ඇති බව ජීවක වටහා ගනී. දිනක් අචිනිට හොර රහසේ, ඇයගේ ජංගම දුරකතනයට පැමිණෙන ඇමතුම් පටිගත කර ගැනීමට හැකි ලෙස ක්‍රමයක් සකසා ගනී. ඒ අනුව ඇයට කරදර කරන ඇයගේ පැරණි පාසැල් පෙම්වතා පිළිබඳව දැනගනී. මේ අතර නගරයේ එක්තරා ආයතනයක සේවක පිරිසක් විනෝදචාරිකාවක් සඳහා පිටත්ව යති. ඔවුන් දිය ඇල්ලක දිය නෑමට ගිය අවස්ථාවේදී ඔවුනට මුහුණ විකෘති කර මරා දමන ලද අයෙකුගේ මළසිරුරක් හමුවේ. අදාළ සිදුවීම පිළිබඳව පොලිස් පරීක්ෂණ සිදුකරන අතරතුර, එවැනිම ආකාරයෙන් මරා දමන ලද තවත් සිරුරක්, වෙනත් පොලිස් බල ප්‍රදේශයකින් හමුවේ. මේ ද්විත්ව ඝාතන පිළිබඳව විවිධ තාක්ෂණ ක්‍රම පාවිච්චි කරමින් මියගිය අය හා මීනී මරුවන් පිළිබඳව සෙවීමට පොලීසිය උත්සාහ ගනී.වෙනත් ස්ථානයක් විවාහක තරුණියක්, ඇය හට ලැබෙන තර්ජනාත්මක දුරකතන ඇමතුම් හේතුවෙන් සිය දිවි නසා ගනී. ඇය සිය දිවි නසාගත් හේතුව ඇයගේ මව දැනගනී. අචිනිට දැන් දුරකථන ඇමතුම් ලැබෙන්නේ නැත. ඔවුන් සතුටින් පවුල් ජීවිතය ගත කරයි. මියගිය අය කවුරුන්ද ? පොලීසිය මිනී මරුවන් සොයා ගනිවිද? තරුණිය සියදිවි නසාගත්තේ ඇයි දැයි යන සියලු ප්‍රශ්නයන්ට “නුහුරු වෑයම” තුළින් පිළිතුරු ලැබෙනු ඇත. 

ප්‍රකට චිත්‍රපට අධ්‍යක්‍ෂ ලාල් ප්‍රියදේවගේ 16 වන සිනමා නිර්මාණය ලෙසින්, සිනමා පටය ළඟදීම තිරගත වීමට නියමිතව ඇත. සහය දෙබස් රචකයකු සහ සහය අධ්‍යක්‍ෂවරයකු ලෙසින් සිනමා ක්ෂේත්‍රයට එක්වු ඔහු, සංස්කරණ ශිල්පියෙකු හා තිර පිටපත් රචකයෙකුද වේ. ජොලි හලෝ, (2001), පතිනියකගේ හෝරාව, (2002), ජොලි හලෝ-2, (2002), විශ්ම රාත්‍රිය, (2003), නොම්බර එකේ චණ්ඩියා, (2003), අලි පැටියෝ ඔයයි මමයි, (2006), මගෝ ඩිගෝ ඩයි, (2010), අපේ යාළු පුංචි භූතයා, (2010), කිව්වද නහී නොකීවද නහී, (2011), මගේ යාළු මාළු, (2018), අතුරු මිතුරු හරි අපූරු, (2018), අපට සැදුණු අපේ ලෝකයේ, (2021) ඔහු විසින් මෙයට ප්‍රථම එම නිර්මාණ ඉදිරිපත් කර ඇති අතර, “මේක පුදුම කතාවක්” ඉදිරියේ දී තිරගත වීමට නියමිතව ඇත.

නුහුරු වෑයම රංගන දායකත්වය

ජීවන් කුමාරතුංග (ගරු රඟපෑම්), අර්ජුන කමලනාත්, ජයනි සේනානායක, ශාලිකා එදිරිසිංහ, නිලන්ති ඩයස්, අනුර පතිරණ , මානෙල් මානගුරු, රජිත රොඩ්රිගෝ, තුසිත එස්. බණ්ඩාර, තුෂාණි දිනුෂිකා පතිරගේ, නදීකා පතිරගේ, ටෙඩී විද්‍යාලංකාර, සමන්ත මායාදුන්න, සමන්ත හිඟුරගේ, ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ, ඈන් මිනෝෂි, කවින් ඉෂාර, චන්ද්‍ර ශ්‍රී ලියනගේ, ලක්ෂ්මන් අමරසේකර, කීර්ති රංජිත් පීරිස්, නිල්මිණි කොළඹතන්ත්‍රි, මහේෂ් රන්දෙණිය, මහින්ද ඉහළගම ඇතුළු රංගන ශිල්පීන් රැසක් එක් වී ඇත.

“නුහුරු වෑයම ” කාර්මික දායකත්වය

කතාව, දෙබස්, තිර රචනය සම නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය - ලාල් ප්‍රියදේව
සම නිෂ්පාදනය - අර්ජුන කමලනාත් , ප්‍රභාත් පෙරේරා, කුසල්ද සිල්වා, ශයිනි නයනතාරා
කැමරා අධ්‍යක්ෂණය - ජනිත් ගුණසේකර
අතිරේක කැමරාකරණය - චන්දෙව් ඉපලවත්ත- තාරකා රශ්මිණි සුභසිංහ , මහේෂ් ප්‍රමුදිත
සහය අධ්‍යක්ෂණය හා-පිටපත සැකසීම
සංස්කරණය, වර්ණ සංකලනය-දෘශ්‍ය ප්‍රයෝග සහ දෙබස් පටිගත කිරීම -
දනාල් තිරංජන
7.1 ශබ්ද සංකලනය - සසික රුවන් මාරසිංහ
අංග රචනය - රසික තෙන්නකෝන් සහය - රන්මුතු සත්සර නිර්මාණ
කලා අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කලමනාකරණය - සමන්ත හිඟුරගේ
නිෂ්පාදන කළමනාකරණය - දිනූෂ සම්පත්
නිශ්චල ඡායාරූප - මහේෂ් නිශාන්ත
සංගීත අධ්‍යක්ෂණය - ලක්මාල් ප්‍රනාන්දු
ගී පද රචනා - උපාලි කුමාරවංශ,
ලක්මාල් ප්‍රනාන්දු
ගීත ගායනය - නලින් ප්‍රනාන්දු, මහේලි සිව්මිණි ගුණරත්න, තාරක ආචාරිගේ, වාසනා කාවින්දි, දමිත් කුමාර අල්විස්, මියැසි නිසංසලා, මලිත් රංගජීව, නුවන් ධනංජය
නර්තන අධ්‍යක්ෂණය - ප්‍රියංකා කුමුදුනී, සංඛ ප්‍රසාද්
විශේෂ ප්‍රයෝග අංග රචනය -
බුවනෙක රණවක
සටන් අධ්‍යක්ෂණය - සමන්ත මායාදුන්න, ටෙඩී විද්‍යාලංකාර
පොලිස් නිල ඇඳුම් - කීර්ති රංජිත් පීරිස්
වස්ත්‍රාභරණ සැපයීම - තක්ෂිලා මධුවන්ති, සන්ධ්‍යා කුමාරි
විදුලි ආලෝකකරණය - ඩී.ඩී.එස්.ශ්‍රීලාල්