තව්තිසාවේ වන්දනාවක සුන්දරත්වය

නොවැම්බර් 23, 2023

මිනිසත්බව ලැබ ජීවිතය ලද්දේ නම්, ලද ඒ ජීවිතය විඳීය යුතුය. ඒ ජීවිතය විඳීය යුත්තේ පස්මහ බැලුම්මත නොව, තමාට හැඟෙන දැනෙන ලෙසින්ය. තරුණ අවධියේ සිටම මුදල් හරිහම්බ කිරීමට වෙහෙසේ. ඒ වෙහෙසට දරනා වෑයම සහ සල්ලි මතින් ජීවිතයේ සැදෑසමයට පැමිණි මිනිසුන්ට මඟහැරුණු තාරුණ්‍යයේ ජීවිතය නැවත සෙවීමට ගන්නා උත්සාහය කෙලෙසවේදැයි ඔබට හැඟෙන්නේද? සිරිලංකාව වගේ රටක චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ දී නවක සිනමාකරුවන්ට මුහුණ දීමට සිදුවන විශාලම ගැටලුව තමයි, අත පය දිගහැරලා වියදම් කරන සහ නිර්මාණ නිදහස ලබාදෙන නිෂ්පාදකයෙකු සොයා ගැනීම. මේ ගැටලුවට මුහුණ දෙන නවක තරුණ නිර්මාණකරුවන් දෙදෙනෙක් අමාරුවෙන් සොයාගත් නිෂ්පාදකයා හමුවේ චිත්‍රපටයේ කතාව පවසනවා. එහිදී නිෂ්පාදකයා විවිධ බලපෑම් කරනවා එහි අදහසට. තර්ක විතර්ක මැද්දේ සිදුවන බහින් බස්වීම නිසා ඔවුනට ඒ නිෂ්පාදකයා අහිමිවෙනවා

ඔහු නමින් චන්දු, නැවතිලා ඉන්නේ ප්‍රධාන පාරකට කිට්ටුව තියෙන දහයේ දොළහේ පුංචි කාමරයක. රේස් යන බස්කාරයෝ පෑං ගාලා ගහන හෝන් සද්දේට උන්ගේ අම්මා අප්පා මතක් නොකරපු දවසක් ඔහුට වත් මතක නෑ. මේ කාමරේ වේලාවකට මාළිගාවක්, වෙලාවකට බාර් එකක් තවත් වෙලාවකට නයිට් ක්ලබ් එකක් වෙලාවකට කියන්න බැරි දේවල් පවා මේ කාමරේ සිද්ධවෙනවා. මේ කාමරේ ඒ නිසාම චන්දුට තව්තිසාවක් අතේ සතේ නැතත් කාලා ඇදලා ඉන්න වගේම ඇති තරම් මධු විතත් ඇති තරම් සුරදූතියොත් ඕනෑ තරම්. ඒත් ඉතිං චන්දුට තව්තිසාව එපා වෙන්නේ බෝඩිමේ අයියා මාසේ අන්තිමට සල්ලි හොයාගෙන ආවම. ටිකක් පැටලිලි සහිතයි නේද මේ කතාව?. හිතන්න එපා ඒ ගැන.“මන්කි මෑන්” කියයි ඒ කතාව හරි හුරතලේට.

සිංහල සිනමා වංශ කතාවට තවත් නවක අධ්‍යක්ෂවරයෙකු හඳුන්වාදෙන “මන්කි මෑන්”, තරිඳු දේශප්‍රියගේ කුලුඳුල් සිනමා නිර්මාණයයි. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාව , ජාතික තරුණ සේවා සභාවේ සිනමා විෂය පිළිබඳව පාඨමාලාව හදාරා ඇති ඔහු, 2012 වසරේදී සහය අධ්‍යක්ෂවරයෙකු වශයෙන් සිනමා ක්ෂේත්‍රයට පිවිස, තිර පිටපත් රචකයෙකු හා ගීත රචකයෙකු ලෙසින්ද ක්ෂේත්‍රය හා සම්බන්ධව ඇත. වෙළඳ දැන්වීම් ආයතනයක ශ්‍රව්‍ය හා දෘෂ්‍ය කළමනාකරුවෙකු ලෙස සේවය කර ඇති ඔහු, ඒ පිළිබඳවද ප්‍රවීණයෙකි.

“මන්කි මෑන්” චිත්‍රපටයේ රංගන දායකත්වය

කලණ ගුණසේකර, ලක්ෂ්මන් මෙන්ඩිස්, මනෝජා ෆර්ඩිනෑන්ඩ්, කෝරලගේ සමන්, උදාර අබේසුන්දර, හසලක තුෂාර, ලසන්ත ප්‍රමුදිත (නවක), දසුන් පතිරණ (ගරු) දනුෂ්කා ජයරත්න, සංජීව දිසානායක රුවන් මදනායක, මධුර ප්‍රභාෂ්වර, තරිඳු කවින්ද ගමගේ, ලසන්ත ෆැන්සිස්, ඩිෂ්නි රාජපක්ෂ, පූර්නිමා විදේශිකා, දීර සේරසිංහ, උදේෂි තිලන්ක්‍යා, ෂිහාම් මොහොමඩ්, විහඟ විජේසේකර, අචිර වැලිකල, සුජිත් අන්නමලේ, මනෝරි ගමරච්චිගේ ඇතුළු පිරිසකි.

 

මන්කි මෑන් චිත්‍රපටයේ කාර්මික දායකත්වය

නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය - තරිඳු දේශප්‍රිය

තිර රචනය - කලණ ගුණසේකර / තරිඳු දේශප්‍රිය

කැමරා අධ්‍යක්ෂණය - ස්ටයිනර් ඇඩම්ස්

සහය අධ්‍යක්ෂණය - නාමල් ගමගේ

සංස්කරණය සහ වර්ණසංයෝජනය - මලින්ද සම්පත්

අංග රචනය - මනනුවන් රූපසිංහ

කලා අධ්‍යක්ෂණය - චරිත් වික්‍රමතිලක

කලා සහය - මහේෂ් දිසානායක, මංගල කොඩිතුවක්කු, සොහාන් මලිත්, අශාන් හර්ෂණ, යසිරු තලගලගමගේ

ඇඳුම් නිර්මාණය - නෙළුම් කූරගලආරච්චි සහය සනත් බණ්ඩාර

ශබ්ද පරිපාලනය - සශික රුවන් මාරසිංහ සහය චලක පෙරේරා

රේඛීය නිෂ්පාදනය - ඩිලංක රංගනාත්

සහය නිෂ්පාදනය - තුසිත දේශප්‍රිය, කමල් දේශප්‍රිය, ඉසුරු වාසල, ලහිරු ක්‍රිශාන්ත, පණ්ඩුල දසනායක, සජිත් ශාමින්ද, චාමර දනුෂ්ක, විමල් ක්‍රිශාන්ත, ජානක දිනේෂ්, ජයලත් ප්‍රදීප්

නිෂ්පාදන කළමණාකරනය - රන්ජන් රාජපක්ෂ

අතිරේක කැමරාකරණය - නඳුන් ජයන්ත

නිශ්චල ඡායාරූපකරණය - සෙහාන් කාවින්ද

නර්තන නිර්මාණය - ලසන්ත ප්‍රමුදිත

සංගීත අධ්‍යක්ෂණය - එරංග ජයවර්ධන

ගීත රචනය - තරිදු දේශප්‍රිය, උමාකරන් රාසයියා (දමිළ)

ගී තනු නිර්මාණ - එරංග ජයවර්ධන, වෙත්‍රි සිඳුජාන් (දමිළ)

ගීත ගායනය - තිළිණ සුදේශ් වන්නිනායක, මියුරු සෝමරත්න, රාම රමනන් (දමිළ)

රැප් ගීත ගායනය - ශිරාෂ්

අමතර හඬ පටිගත කිරීම - ඩබ්ලිව්.ජී.පොඩිරත්න

සහය කැමරාකරණය - රොෂාන් පෙරේරා, දමිත් ගුණවර්ධන, ඉන්දික අත්තනායක

ප්‍රධාන ආලෝකකරණ ශිල්පීන් - ශාරක ශ්‍යාමල්, කෝසල මනෝජ්

ආලෝකකරණ ශිල්පීන් - කැළුම් සුරංග, බී.පී.සී.තුෂාර, කේ.ඒ.ඩී.එල්.මධුරසිංහ

ශබ්ද පටිගත කිරීම - ගිහාන් කාවින්ද, අරුණ සංජය, මහේෂ් තිලකරත්න, කපිල ජයතුංග

නිෂ්පාදන සහය - එම්.ඒ.නිමල් , සුගත් ප්‍රියන්ත

නැටුම් කණ්ඩායම - ප්‍රසාද් සඳරුවන් කුසලරත්නම් දිල්ශාන්, චමෝත් මෙන්ඩිස්, තිමිර ඉඳුවර දයාරත්න, ශේනුක ප්‍රනාන්දු, සෙනුක ලියනගගේවර්ධන, ජයාත්‍රි නිපුනි , සෙනුරි උනේශා , දිනිති හංසිකා, මහේකා චේතනී, චම්ඩි දයාරත්න

 

[email protected]