ආදරයට කළ නොහැකි දෙයක් නොමැත

‘රුවන් තාරුකා’
නොවැම්බර් 30, 2023

හැත්තෑව දශකයේදී සිනමා ක්ෂේත්‍රයට පිවිසි ප්‍රවීණ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ ගාමිණි හේවාවිතාරණ දශක හතරකට පමණ පසුව රිදී තිරයට රැගෙන එන නවතම සිනමා සිත්තමයි “රුවන් තාරුකා” චිත්‍රපටය. ඔහු සිනමාවට පිවිසියේ, 1977 වසරේ තිරගතවූ “හරියනකොට ඔහොම තමයි” චිත්‍රපටය සමගිනි.ඉන් අනතුරුව, “රක්තා”(1980), “සාරංගා”(1981)“මැණික් මාළිගා” (1983)”, “දූ දරුවෝ” (1985) යන නිර්මාණ සිනමාවට එක්කෙරිණ. “උස් මිටි ජීවිත” සහ “බවකඩතුරාව” යන ඒකාංගික ටෙලි නිර්මාණ පුංචි තිරය හරහා එළිදැක්වූ ඔහුගේ වැඩ නිමකළ නවතම සිනමාපට ද්විත්වය “යකඩ දියණියෝ” සහ “වර්ණා” ඉදිරියේදී තිරගත වීමට නියමිතව ඇත. සෑම නිර්මාණයකින්ම දක්ෂ කලාකරුවන් හඳුන්වා දුන් ගාමිණි හේවාවිතරණයන් “මොනර කිරිල්ලී” නමින් නවතම සිනමාපටයේ වැඩ කටයුතු ද පසුගියදා ආරම්භ කරන ලදි.

තුන්කොන් ආදර කතාවක් පාදක කරගනිමින් තිරයේ දිග හැරෙන “රුවන් තාරුකා”, හාස්‍යය, ත්‍රාසය සහ කුතුහලය කැටිකරගෙන ප්‍රේක්ෂකයා හැත්තෑව දශකයට රැගෙන යන සංගීතමය සිනමා පටයකි. රූගත කිරීමකදී සිදුවූ අනතුරකින් සිනමාවෙන් සමුගත් ටෙඩී සමරසිංහ චිත්‍රපට සටන් අධ්‍යක්ෂවරයෙකි. අකාලයේ බිරිඳ මිය ගිය ඔහු රූමත් දියණියක හා පුතෙකුගේ දයාබර පියෙකි. ඔහුට සිදුවූ අසාධාරණයක් හේතුවෙන් දරුවන් සිනමාවට සම්බන්ධ නොකිරීමට ටෙඩී තීරණය කරයි. පුතා වූ රුවන් ජිම් එකක උපදේශකවරයෙකු ලෙස සේවය කරයි. ඔහුගේ හොදම මිතුරු අසේලය. ඔහුද එහි උපදේශකවරයෙකි. දිනක් නවයොවුන් තරුණියන් දෙදෙනෙක් එම ආයතනයේ සාමාජිකත්වය රැගෙන පුහුණු වීමට පැමිණෙති. තරුණියන් දෙදෙනාගේ උපදේශකයන් ලෙස රුවන් සහ අසේල තෝරා ගනී. එහිදී රුවන් යටතේ පුහුණුව ලබන තාරුකා අතර මිත්‍රත්වයක් ගොඩනැගේ, තාරුකා, මැරයෙකු සේම ධනපතියෙකු වූ ඩික්ෂන් නිලවීරගේ එකම දියණියයි. මාලන් නැමැති විදේශීය රටක සිට පැමිණෙන තරුණයෙකුට සිය දියණිය විවාහ කර දීමට ඩික්ෂන් තීරණය කරයි. නොසන්සුන් වන රුවන් තාරුකා කුමන තීරණයක් ගනීද? ඩික්ෂන් ගේ තීරණය මල්ඵල දරයිද? අසේල හා මාලන්ගේ භූමිකා කෙලෙස දිග හැරේද යනු මතු දිනෙක තිර ගත වන “රුවන් තාරුකා” ඔබට පවසාවී.

“රුවන් තාරුකා” චිත්‍රපටයේ රංගන දායකත්වය

රශිප්‍රභා සංදීපනි, පැතුම් චන්ද්‍රසිරි විදානගමගේ, ක්ලීටස් මෙන්ඩිස්, කමල් දේශප්‍රිය, ඉශාන් ගම්මුදලි, ආරියසේන ගමගේ, ඉන්දික සුභසිංහ, ශිරාණි නුගේරා, කපිල සිගේරා, දිල්කි ලියනගේ, සරත් දික්කුඹුර, එරික් අබේවර්ධන, රුක්මන් තිලකරත්න, ජීවන් හඳුන්නෙත්ති, මන්සිළු ප්‍රියන්ත, කුමාර වඳුරැස්ස, සම්පත් ආතාවූද, කෞශල්‍ය ද සිල්වා, අශානි පෙරේරා, රෝමා රෝෂිණි ඇතුළු පිරිසක් එක් වී ඇත.

“රුවන් තාරුකා” චිත්‍රපටයේ කාර්මික දායකත්වය

තිර රචනය සහ අධ්‍යක්ෂණය - ගාමිණි හේවාවිතාරණ

නිෂ්පාදනය - මංගල මඩුගල්ල

කැමරා අධ්‍යක්ෂණය - චානක සේනාධීර

සහය අධ්‍යක්ෂණය - අලංක ටී, කළුආරච්චි, ශමාලි රන්ගම, පූර්ණ සත්‍යජිත්

සංස්කරණය, වර්ණ සංයෝජන සහ ශබ්ද නිර්මාණය - තනුෂ්ක කහඳවල

අංග රචනය - පාලිත මහින්ද ලාල්, ගාමිණි කොස්තා, නදීකා සංජීවනී

කලා අධ්‍යක්ෂණය - බන්දුල වීරසේකර, දිනුක චතුරංග

සටන් අධ්‍යක්ෂණය - පැතුම් චන්ද්‍රසිරි විදානගමගේ, සහය - ගාමිණි දිසානායක

පසුබිම් සංගීත අධ්‍යක්ෂණය - අනුරාධ අබේසිංහ

ගීතනු නිර්මාණ - මහින්ද බණ්ඩාර, අනුරාධ අබේසිංහ, ඉන්දික ලියනගේ

ගී පද රචනා - මංගලී දිසානායක, බන්දුල ජයසිංහ

ගීත ගායනය - ක්‍රිශාන්ත එරන්දක, ධම්මිකා වල්පොල, චන්දන ලියනආරච්චි, සුභානි හර්ෂණී, ඉන්දික ලියනගේ, දේසික කමලාංජන, දේවිකා චතුරාණි

නිශ්චල ඡායාරූප - චන්දන ප්‍රසාද් විජේනායක, තිසර කාවින්ද, තනුජ් චමල්

දෙබස් පටිගත කිරීම - තනුෂ්ක කහඳවල

ශබ්ද ප්‍රයෝග - නිශානි තෙන්නකෝන්

5.1ශබ්ද මිශ්‍රණය - ආර්ක් සිනමා

තාක්ෂණික ශිල්පීන් - රංජිත් ප්‍රේමතිලක, රොහාන් සෙනුර, සුසන්ත බණ්ඩාර, සමන්ත සමරතුංග, විදූෂ ප්‍රනාන්දු, මංජුල කුමාර, අමිත් සුරංග, තරංග විමලචන්ද්‍ර, ජයන්ත වීරකෝන්

සටන් ශිල්පීන් - ගාමිණි දිසානායක, රංජිත් ප්‍රේමතිලක, ජයලත් සිල්වා, ජයන්ත ප්‍රනාන්දු, උපාලි රත්නායක, උදාර රත්නායක, අමිල පුෂ්පකුමාර, තාරක දිල්හාන්, රොහාන් වීරසේකර, රසික තෙන්නකෝන්, සරත් ගමගේ, දම්මික දිශාන්, ගමගේ ප්‍රදීප්, ප්‍රදීප් මංගල

ළමා රංගන ශිල්පීන් - මහේන් රන්දීර් විදානගමගේ, ඔශිනි නිවර්තනා දිසානායක, අයුස් විජේතුංග, ආදිත්‍යා අබේරත්න

කැමරා උපකරණ සැපයීම - විෂුවල් ඉම්පැක්ට්, සිහිලැල් ෆිල්ම්ස් සත්ජය ෆිල්ම් ඉදිරිපත් කිරීමකි.

 

[email protected]