දෛවයට සරදම් කළ මායාවේ බලය

දෙසැම්බර් 7, 2023

සංගීතයට මහත් සේ ඇලුම් කළ මව්පිය යුවළකට දාව උපන් විශ්ව පාසැල් අවදියේ පසුවන ප්‍රියමනාප කුඩා දරුවෙකි. මව්පිය අභාසය ලද විශ්ව ද සංගීතයට ආදරය කරයි. යම් යම් අර්බුදකාරි තත්ත්වයන් මත විශ්ව කුඩා අවදියේ මව්පියන් වෙන්වෙන්ව ජීවත්වන අතර, විශ්ව මවගේ සෙවණේ හැදී වැඩෙමින් අධ්‍යාපනය ලබයි. පාසැලේ මෙන්ම පිටතදී ද විශ්ව යහළුවන් අතර අවමානයට ලක්වන්නේ, පියා නොමැති ළමයා යැයි ඔහුට කරනා උපහාස අපහාසයන් නිසාවෙනි. මවගෙන් නිතර පියා පිළිබඳව විමසුවද, ඇය නිරුත්තරව සිටීම විශ්මට මහත් ගැටලුවක් වෙයි.

පාසැල නිමවී නිවස බලා හුදකලාව යමින් සිටි එක්දිනෙක, ඔහුට වැඩිමහල් දරුවන් පිරිසක් විසින් අවමන් කර පහරදෙනු ලබයි.ඉමහත් කලකිරීමෙන් යුතුව කඳුළු පිරි දෑසින් නිවස බලා යන අතර මඟදී විශ්මට අහඹු ලෙස මායාකාරියක් හමුවෙයි. මායාකාරිය විසින් විශ්මගේ බිඳුණු සිත සනසවා ඔහුට යම් වරයක් ලබාදෙයි. එම වරය තම පියාසොයා ගැනීම පිණිස යෙදවීමට විශ්ම තීරණය කරයි. විශ්මට තම පියා මුණගැසේද? මව්පියන් නැවත එක්වේවිද? විශ්වගේ අනාගතයත් මායාකාරි ගමනත් කෙලෙස විසඳේ ද යන්න, “විශ්ම” තුළින් ප්‍රේක්ෂකයාට පවසනු ඇත.

“විශ්ම” තුළින් නවක අධ්‍යක්ෂවරයකු සිනමාවට එක්කරනු ලබයි.ඔහු රන්දික නදීශාන් විජේමාන්නයි. වසර දහසයකට අධික කාලයක් ක්ෂේත්‍රයේ විවිධ අංශයන් නියෝජනය කළ ඔහු, සංස්කරණ ශිල්පියෙකු, තිරපිටපත් රචකයකු, වර්ණ සංයෝජන ශිල්පියකු හා කැමරා අධ්‍යක්ෂවරයකු ලෙසින් දිගු ගමනක් ආ ඔහු විසින් මේ වන විට සංස්කරණය කරන ලද ටෙලි නාට්‍ය ප්‍රමාණය හතළිහකට අධිකය. එමෙන්ම ඔහු විසින් චිත්‍රපට දොළසක් මේ වන විට සංස්කරණය කර ඇත. ප්‍රධාන ධාරාවේ මෙරට සිනමා සම්මාන උලෙළයන් කිහිපයකදීම ඔහු හොඳම සංස්කරණ ශිල්පියා ලෙස නිර්දේශව ඇත. රන්දික නදීශාන් විසින් අධ්‍යක්ෂණයකරන ලද “අග්නි” සහ ර්‍ථතඥචඵඪදඨ ඊඩධපදඵ (මධුරකටු) චිත්‍රපට යුගලය ඉදිරියේදී තිරගත වීමට නියමිතව ඇත.

“විශ්ම” චිත්‍රපටයේ රංගන දායකත්වය

සාරංග දිසාසේකර, දිනක්ෂි ප්‍රියසාද්, රොෂාන් පිලපිටිය, උමයංගනා වික්‍රමසිංහ, නිලුක්ෂි මධුෂිකා රොහාන්පොල්, අනුර වරාගොඩ, සරත් පීරිස්, කුමාර රණපුර, දිලීප් මනෝහර, ලක්ෂ්මන් අමරසේකර, කපිල සමරකෝන්, පුෂ්පා ගුණවර්ධන, මහේෂ් රන්දෙණිය, සඳුන් විජේසිරි, නිහාල් ගමගේ, වින්ද්‍යා ප්‍රබෝදිනී,

ළමා රංගන ශිල්පීන් : ඔනෙල් දම්සත්, නවීන් සෞම්‍ය, මල්ෂා දිව්‍යංජලී දේශාන් චාමර, ශමිල් අයාන්, පන්සිළු අභිමන්, පසිඳු යොමාල්.

“විශ්ම” චිත්‍රපටයේ කාර්මික දායකත්වය

අධ්‍යක්ෂණය, සංස්කරණය සහ වර්ණ සංකලනය - රන්දික නදීශාන් විජේමාන්න

නිෂ්පාදනය - 25 වෙන්චස් චිත්‍රපට

කතාව සහ තිරරචනය - ශිරාජ් රසින්, සඳමාලි රුහුණගේ

කැමරා අධ්‍යක්ෂණය - නිෂාන් ප්‍රනාන්දු, සිසිකිරණ පරණවිතාන

කැමරා සහය - උෂාන් ශසික, මංජුල සූරියආරච්චි

සහය අධ්‍යක්ෂණය - ප්‍රගීත් ද සිල්වා, දිලීප් මධුරංග, බන්දුල කැබැල්හිටියාව

අංග රචනය - උභය දිසානායක

සහය - බුද්ධික රත්නායක

කලා අධ්‍යක්ෂණය - නිලන්ත රණසිංහ

කලා අධ්‍යක්ෂණය සහය - මංගල දීගල්ල, චන්න අසංක

නිෂ්පාදන කළමනාකරණය - ධම්මික ගුණසේන

විධායක නිෂ්පාදනය - සඳමාලි රුහුණගේ

නිෂ්පාදන සහය - සී.කේ.ජේ. සමරනායක

පසු නිෂ්පාදන සහය -ප්‍රසන්න ප්‍රභාත්

සංගීත අධ්‍යක්ෂණය - සමීර වීරසිංහ

ශබ්ද සැලසුම් කරණය සහ දෙබස් පටිගත කිරීම - ඩිරාන් විජයසිංහ

ගී පද රචනය - සමීර වීරසිංහ, මංජුල කෝනාර, ශිරාජ් රසීන්

ගීත ගායනය - සමීර වීරසිංහ, නීෂී අධිකාරි, කල්පනා කාවින්දි, ශෂී ගමගේ, දිල්කි ප්‍රනාන්දු, නෙතුම් සදාරා, ඔනෙල් දම්සත්

“සමනලයින් වගේ”ගීතයේ සංගීත අධ්‍යක්ෂණය - ලාලින්ද හපුගොඩ

“සමනලයින් වගේ” ගීතයේ නර්තන වින්‍යාසය - ශෂිලා පෙරේරා

“ඔයිරම රාරෝ” ගීතයේ නර්තන වින්‍යාසය - ශේන් ආර්යන්

වාද්‍ය වෘන්දය - කලණ සුභසිංහ, චාමර ප්‍රනාන්දු, ලසිත් චාමර

කැමරා උපකරණ - ආර්.එස්.වීඩියෝ, විෂුවල් ඉම්පැක්ට්

දෙබස් පටිගත කිරීම. ශබ්ද සැලසුම් කිරීමේ මැදිරිය - ක්‍රියේට්ව් ෆෝස්

ප්‍රවාහන සහය - චින්තක ගොඩගම්පොල, ඉන්දික අනුරාධ

 

 

[email protected]