තිලාගේ සරසවියේ ඩය-update ...

මාර්තු 28, 2019

තිලාගේ සරසවියේ ඩය-update ...
හොරෙන් කියවලා බලන්න....

අද මාර්තු 20 බදාදාය .........

අපේ ප්‍රසාද්ටත් මාර වැඩ වෙන්නෙ දවසක් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් එනවා කියල ප්‍රසාද්ව හම්බ වෙන්න කොහොම හරි සංනිවේදන ප්‍රස්නයක් නිසා අර අධ්‍යක්ෂක මහත්තයාගේ පණිවිඩ හම්බ වෙනකොට පැය 1. වි.15 පහුවෙලා... ප්‍රසාද් ගාණක් නැතිව කිව්වාලු "කමක් නැ ඔය හාදයා ජරා චිත්‍රපටයක් හදල එක බලන්න මාව පැය 1.30 වාත කලා....

අද මාර්තු 21 බ්‍රහස්පතින්දාය ........

අපේ සමන් මෙන්ඩිස් සිනමා රසිකයෙක් ළඟදි දවසක් පරිගණකයෙන් ගෝඩ් ෆාදර් චිත්‍රපටයක් ඉතා කැමැත්තෙන් බලනවා තිලා දැක්ක ඉදල හිටල සිංහල චිත්‍රපටිත් බලනවා ළඟදි දවසක් බොහොම හිතවත් කට්ටියක් එක්ක බොරැල්ලෙ සිනමා ශාලාවට ගිහින් චිත්‍රපටයක් බලන්න ගිහින් චිත්‍රපටයෙ බාගයක් යනකොට හොදටම දාඩිය දානවලු පොර ඉන්ටවල් ඒකෙදි තිලා කාතාකරල කියනවා මචං ඉතින් කොහොමද බං සිංහල සිනමාව රැකෙන්නෙ ෆිල්ම් එක බාගයක් යනකොට ඒ.සී අඩුකරනවා දාඩිය පෙරාගෙන කොහොමද නියම රසය විදින්නෙ සමන් කතාකළේ සිනමා කලාව ගැන හරිම වේදනාවෙන්.....

අද මාර්තු 22 සිකුරාදාය.....

අන්තර්ජාලය මොකක් හරි දැම්මාම එක් එක් කෙනාගේ විවිධ අදහස් දැනගන්න පුළුවන්.. අද මංගල ඡායාරූපයක මනමාලි මනමාලයට වදිනවා. අම්මො මර අදහස් දාලා තිබුණෙ. එක තිලා දන්න විදියට ඒ මනමාලයට ලැබෙන අන්තිම අවස්ථාව. පසුදා සිටම මායියට වදින ගාථාව කියල සැමීට වඳීන්න වෙනව....

උදාහරණ ...උදේ තේකට, උදේ කෑමට, වැඩට යනවිට, (දවල්ට කාර්යාලයේදී දුරකතයෙන් කතාකර ගාථාව කියවිය යුතුය) හවස ගෙදර ආ විට නාඳුනන මැසෙජ් එකට, නාඳුනන මිස්කෝල් එකට, කටින් මදුවිත සුවඳක් හැමුවොත්, අහම්බෙන් ප්‍රේම ගීතයක් ගායනා කලෝත්. වැඩි වෙලාවක් සතුටින් සිටියොත්, එකි. නොකි. මෙකි දෙවල්වලට තවද මදුවිතක් සඳහා ගෙදරින් පිටවීමට සිදුවුවහොත් මායියට වදින ගාථාව 7 වරක් කියවා වැඳීය යුතු අතර පසුදා දේශනයකට සවන්දිය යතුය..

ප.ලි...මායියට වදින ගාථාව නොදන්නා වෙනුවෙන් ලබන සතියේ තිලාගේ ඩය-රියභනඤචබඥවලින් ඔබවෙත තිළිණ කරමි

අද මාර්තු 23 සෙනසුරාදාය........

අද උදේම හැටන් යන්න පිටත් වුණා ආරෝග්‍ය පුවත් පතේ නිරෝගී පිරිසත්( දීප්ති අක්කා, ගාමිණි සුසන්ත, ස්වර්ණ, සමුද්‍රිකා, නුවන්ති සමග පළවෙනි ගීතය අපේ ගාමිණි සුසාගෙන් එක එක තාලේට රන්වන් පාටයි සමනලයා ගීතය.. ස්වර්ණගෙන් නොනවතින ගී දීප්ති අක්කා ගීත මතක් කර දීම්‍ නුවන්තිගෙන් නවරැල්ලේ ගී ගිහින් වැඩටික නිම වෙලා වෛද්‍ය ලහිරු ප්‍රබොධගෙන් ද්විත්ව කටහඩින් යුග ගීත කිපයක්... හේතුව කුමක්වුවත් සුසා වැඩිපුර කැමති වික්ටර් රත්නායකයන්ගේ ගීත වලට කෙසේ හෝ ප්‍රසංගය නිම වනවිට ⁣නැවති සිටි හෝටලයේ බල්ලයි පූසයි ආගිය අතක්...නෑ

2018 රයිගම් ටෙලි සම්මානලාභී කාලා ශිල්පීන්ට සරසවියෙන් හා තිලාගෙන් සුබ පැතුම්.

අද මාර්තු 24 ඉරිදය .....

අද උදේම වෛද්‍ය සායනය වෛද්‍යවරු ඇවිත් රෝගීන් බලන්න පටන් ගත්ත ආරෝග්‍යා පුවත්පතෙන් කරන ජනතා සත්කාරයක් නිසා ⁣විවිධ අසනීප තියෙන විශාල පිරිසක් හිටියා. ටිකක් වයසක

අම්මා කෙනෙක් පරික්ෂා කළ අක්ෂි වෛද්‍යවරයා... අම්මා අර අකුරු කියවන්න... බැ... ලෙඩා කිව්වා. වෛද්‍යවරයා කාචයක් මාරු කරයි

දැන් කියවන්න පුලුවන්ද.... බැ... ඔ⁣ය විදියට කාච ගොඩක් මරු කළ වෛද්‍යවරයා අම්මට භාෂාව පිලිබඳ ප්‍රස්නෙකුත් තියෙන නිසා ටිකක් අවුලෙන් වගේ ආයෙත් ඇස් පෙනීම ඉතා දුර්වලම අයට යොදන කචයක් දාලා ඉතා කාරුණිකව කිව්වා ...අම්මා දැන් අර ලොකු අකුරු කියවන්න බලන්න ....අම්මා කැඩිච්‍ච සිංහලෙන්

" බැ...මට අකුරු කියන්න දන්නෙ නැ ......

රැ අපේ අරුණි කතාකර ඉතා කනගාටුදායක පුවතක් දැන්වුවා ප්‍රවීණ නාට්‍යවේදි බන්දුල ජයවර්ධනනගේ බිරිඳ පෙමාලි ජයවර්ධන මහත්මිය අප හැර ගිහින් පසුගියදා ඇය අප හමුවුවා සරසවිය ලිපියක් සදහා එත් අද ඇය අප අතර නැහැ

ඔබට නිවන් සුව!

අද මාර්තු 25 සදුදාය .......

අද නිල්මිණි අක්කගේ ඡායාරූප ගන්න යොදාගෙන තිබුණ. ඇය අසන්ධිමිත්තා චිත්‍රපටයේ පළමු සිනමා රංගනය උදෙසාම ජපානයේ ඔසාකා සිනමා උළෙලේදී විශිෂ්ට රංගනය උදෙසා වන යකුෂි මුතු සම්මානය දිනා ගැනීමට වසනාවන්තියක වුවා ඉතින් ඇය සිරිමාවෝ බාලිකාවෙ ගුරුවරියක් නිසාවෙන් පහසුව සඳහාම චිත්‍රපට සංස්ථාවෙ තරංගනී සිනමා ශාලාව අසල යොදාගත්ත ඉතින් පින්තුර ගන්න අතරේ තැනක් පෙන්වා මෙතන තමයි මට චරිතයට ආරාධනා ලැබුණේ. තිලත් ටිකක් අවදානෙන් අහගෙන හිටිය. ස්වර්ණක්ක (ස්වර්ණා මල්ලවආරච්චි) තමයි මෙයා තවත් මහත්වෙලා කියල කිව්‍ව ඒවලෙ හඳයත් (සම්මානනීය-ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක අශෝක හඳගමත්) හිටිය හඳය මගේ දිහා බලල නිල්මිණි ඇක්ට්‍ කරමුද කියල අහුව...

අද මාර්තු 26 අගහරුවාදාය ........

පිය උරුමයෙන් ලත් සහජ හැකියාවෙන් ගායන ලොවට පිවිසි, ප්‍රියංකර පෙරේරා අරලිය මල් චිත්‍රපටියෙන් සිනමාවට සම්බන්ධ විය.

දුර්ගා චිත්‍රපටි ගායනය වෙනුවෙන් චිත්‍රපටි පසුබිම් ගායකයකු වූ ඔහු "ළදුනි ඔබ දෙවගනකි",මධුරි,ධවල පුෂ්පය, උණ්ඩය, සීතල ගිනි කදු, යන චිත්‍රපට රංගනය එකල කතාබහට ලක්වන චරිත විය. ප්‍රවීණ කලාකරුවකු වූ ඔහු වෙනුවෙන් කෙරෙන කාරුණික ඉල්ලීමකි මේ.

ඔහු වෙනුවෙන් ඒ+ හෝ ර්‍ණ+ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙක් වෙතොත් කරුණාකර අමතන්න....දිල්මිත් පෙරේරා +94765954441 අරෝෂ් පෙරේරා +96890675562 තුළින් ඔහුට නිදුක් නිරෝගි සුවය පතමු..!!