සරසවිය හිිටපු කතුවරිය සංස්කරණය කළ පොතක්

ජනවාරි 24, 2019

සරසවිය ඉතිහාසයේ හිටපු එකම කතුවරිය තමයි දීප්ති ෆොන්සේකා. ඇය වර්තමානයෙහි සරසවිය නියෝජනය නොකළත් ලේක්හවුස් ප්‍රකාශනයක් වන ආරෝග්‍යා පුවත්පතහි කර්තෘවරිය වශයෙන් සේවය කරනවා. නීරෝගි දිවියට අත්වැලක් සපයමින් එම පුවත්පත ඔස්සේ ජනතාව දැනුම්වත් කරමින් සිටින ඇය ග්‍රන්ථකරණයෙත් නියැළෙනවා. දීප්ති විසින් සංස්කරණය කළ අලුත්ම කෘතිය සෞඛ්‍ය සම්බන්ධ එකක්. එහි නම උගුර, කන, නාසය ආශ්‍රිත රෝගවලින් මිදෙමු යන්නයි. මේ රෝගාබාධ පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සීතා අරඹේපොළ විසින් සපයන ලද වෛද්‍ය දත්ත ඇසුරෙන් සකස් වූ මෙය කදිම දැනුමක් ගත හැකි වටිනා ග්‍රන්ථයක්. සුදීපා ප්‍රකාශනයක් වූ මෙහි පළමු පිටපත පිරිනමනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කලා කීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාටයි. මේ අවස්ථාව සඳහා වෛද්‍ය සීතා අරඹේපොළ සහ සුදීපා ප්‍රකාශන සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සරත්චන්ද්‍ර වන්නිආරච්චි යන අය ද එක්ව සිටියා. දීප්ති මීට ප්‍රථම කලාසූරි ලතා වල්පොලගේ චරිතාපදානය ග්‍රන්ථයකට නැඟුවා ඔබට මතක ඇති.