ඩී. වී. ඩී. එක්ක මාස්ටර් බීන්

පෙබරවාරි 14, 2019

අශෝක සෙනරත් මුදලිගේ නිතරම රැඳෙන්නේ වේදිකවේ. කාලයෙන් කාලයට ඔහු විවිධ වර්ගයේ වේදිකා නිර්මාණ ගෙන එනවා. මේ දිනවල ඔහු මාස්ටර් බීන් නාට්‍යය සමඟින් කාර්යබහුල වෙලා. අශෝක වේදිකා නාට්‍ය නිර්මාණය කරන ගමන් තවත් වැඩක් කරනවා. ඒ එම නාට්‍යය ඩී. වී. ඩී. ගත කරන එක. අශෝකගේ දේශ ද්‍රෝහියෝ, ඇනකොන්ඩා සහ සිකියුරිටි සින්නතම්බි කියන නාට්‍ය ත්‍රිත්වය එලෙස ඩී. වී. ඩී. ලෙස නිකුත් වුණා. අශෝක පවසන පරිදි ඒවා අතිශය සාර්ථක අන්දමින් විකුණුණාලු. පළමු වටය එලෙස සාර්ථක අන්දමින් ගෙවී ගිය නිසා අශෝක දෙවැනි වටයටත් එම ඩී. වී. ඩී. ත්‍රිත්වය වෙළෙඳ පොළට නිකුත් කරලා. සමාජය එන්න එන්න කාර්යබහුල වෙලා තිබෙන නිසා වේදිකා නාට්‍ය පවා ඩී. වී. ඩී. ලෙස නරඹන ප්‍රවණතාවක් ඇති වෙලා කියලයි මේ තත්ත්වය මත පේන්න තියෙන්නේ.

නිශ්ශංක විජේරත්න