මෝලිගේ ස්තූතිය!

පෙබරවාරි 14, 2019

මෝලි පෙරේරාගේ නම චිත්‍රපට නාමාවලියන්හි විවිධ අංශ යටතේ දක්නට ලැබෙනවා. නිෂ්පාදන කළමනාකරුවෙක් ලෙසට තමයි ඔහු ක්ෂේත්‍රය තුළ වඩාත් ප්‍රකට. නිළි රැජන මාලිනී ෆොන්සේකාගේ සසර චේතනා සිනමාපටයේ සහායකයකු වශයෙන් කලාවට එක් වූ මෝලි අද වන විට ෆිල්ම්ටීම් ආයතනයේ සේවය කරනවා. ඔහු ඉකුත් දිනයක හදිසියේම රෝගාතුර වුණා. වෛද්‍යවරු නිර්දේශ කළේ මෝලිට හෘද සැත්කමක් කළ යුතුයි කියලා. මේ සඳහා ලක්ෂ අටහමාරක පමණ මුදල් වැය වෙනවා. මේ වෙලාවේ මෝලිගේ ඒ වියදම් සියල්ල දරලා තියෙන්නේ ෆිල්ම් ටීම් ආයතනය මඟිනුයි. ඔහුට මහත් වූ අස්වැසිල්ලක් ඒ නිසා ලැබුණේ. ඉතාම සාර්ථක අන්දමින් හෘද සැත්කම නිම වුණා. මෝලි මේ වන විට නිවසට වි විවේක සුවයෙන් පසු වෙනවා. ෆිල්ම්ටීම් ආයතනයේ රවීන්ද්‍ර රන්දෙණිය, එරල් කෙලී, ගෝපි ධර්මරත්නම් සහ එන්ස්ලි ද සිල්වා යන මහත්වරුන් ආදරයෙන් සිහිපත් කරන වග මෝලි අපිත් එක්ක කිව්වා.

නිශ්ශංක විජේරත්න