ළඟදීම එනවා

පෙබරවාරි 14, 2019

සසන්ති ජයසේකරව මතකද? කාව අමතක වුණත් ඇයව අමතක වෙන්න විදිහක් නම් නැහැ. සසන්ති කලක් පුංචි තිරය බබළවන තාරකාවක් වුණා. ඇය ඉතාම ජනප්‍රිය රංගන ශිල්පිණියක් ලෙසට රසික හදවත්හි ළැගුම් ගත්තා. හදිසියේම සසන්ති විදෙස් ගත වුණේ ජනාදරය හිනිපෙත්තෙහිම තිබුණු සමයකයි. කාලයක් රංගනයෙන් ඈත් වෙලා හිටියට ඇගේ රුව නම් කාටත් අමතක වුණේ නැහැ. සසන්තිට ආදරය කරන රසික රසිකාවන්ට ඇය ගැන සුබ ආරංචියක් කියන්න තියෙනවා. ඒ තමයි ඇය ආයේ ලංකාවට එනවා කියන එක. තම මවු රටට එන්න කියලා පැරැණි හිත මිතුරන්ගෙන් ඇරැයුම් නිරන්තරයෙන් ඇයට ලැබෙනවා. ඒවාට කන් දෙමින් සසන්ති ලංකාවට එන්න තීරණය කරලා. ඒ ඇවිත් නැවතත් රංගනයේ නියැළෙන්නත් ඇයට අදහසක් තියෙනවාලු.

නිශ්ශංක විජේරත්න