ඒ රටෙත් ගීත කොල්ලයක්

පෙබරවාරි 14, 2019

පැරණි ගීත නව රැල්ලට ගැයීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ අපේ රටේ නොයෙකුත් ගැටලු ඇති වුණු බව කාටත් අමතක නැහැ. ‍අපේ රටේ විතරක් නෙවෙයි බොලිවුඩයටත් දැන් මේ ලෙඩේ බෝ වෙලා. 1977 වසරේ තිරගත කෙරුණු Inkaar  චිත්‍රපටයට ඌෂා මංගේෂ්කාර් ගැයූ Mungda  ගීතය ඉන්ද්‍ර කුමාර් අධ්‍යක්ෂණය කර තිරගතවීමට නියමිත Total Dhamaal  චිත්‍රපටයට ඇතුලත් කර තිබෙනවා. Inkaar චිත්‍රපටය වෙනුවෙන් මජ්රූ සුල්තාන්පුරි විසින් රචනා කළ එහි සංගීත නිර්මාණය සිදු කළේ, රාජේශ් රෝෂන් විසිනි. එදා හෙලන්ගේ නර්ථනයෙන් ඔපවත් වුණු Mungda ගීතය නව සංගීත සංයෝජනයෙන් පසු නර්ථනයෙන් දායක වෙන්නේ සෝනක්ෂි සිංහා. එය ගායනා කරන්නේ ජෝතිකා ටන්ග්‍රි, ශාන් සහ සුබ්‍රෝ ගංගුලි විසින්.

Total Dhamaal  චිත්‍රපටය වෙනුවෙන් Mungda ගීතය යොදා ගැනීම එහි මුල් හිමිකරුවන්ගේ නොසතුටට හේතු වෙලා. ගායිකා ඌෂා මංගේෂ්කාර් සේම බොලිවුඩයේ ගීත කෝකිලාවිය ලතා මංගේෂ්කාර් විමසා සිටින්නේ අපේ අනුමැතියක් නොමැතිව මෙවැනි පැරණි ගීත යොදා ගැනීම නිවැරදි ද? යන්නයි. බොලිවුඩ් පුවත් ගෙන එන්නේ, සංගීත අධ්‍යක්ෂ රාජේශ් රෝෂන් පවා මේ සම්බන්ධයෙන් සිය විරෝධය පළ ඇති බවයි. අජේ දේව්ගන්, මධුරි ඩික්සිත්, අනිල් කපූර්, ඊෂා ගුප්තා, අර්ෂාඩ් වර්සි, රිතේෂ් දේශ්මුක් සහ ජොනි ලිවර් ඇතුළු පිරිසක් Total Dhamaal චිත්‍රපටයේ රංගනයෙන් දායක වී සිටිනවා.