Baaghi 3ට සාරා ද? ශ්‍රද්ධා ද? දීශා ද?

යතේජා ඥානරත්න
පෙබරවාරි 14, 2019

ටයිගර් ශ්රොෆ් රඟන Baaghi 3 චිත්‍රපටයට බොලිවුඩයේ නවක සුරූපිනිය සාරා අලි ඛාන් දායක වන බවට පසුගිය කාලයේ කතාවක් පැතිරුණා. පසුව ඇය එහි රංගනය ප්‍රතික්ෂේප කළ බවත් මාධ්‍ය වාර්තා කළා. Baaghi චිත්‍රපට මාලාවේ නිර්මාණ කණ්ඩායම පවසන්නේ Baaghi 3 චිත්‍රපටය වෙනුවෙන් සාරාට කිසිදු ආරාධනයක් නොකළ බවයි.

ශ්‍රද්ධා කපූර් Baaghi පළමු චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ අතර දීශා පතානි දෙවැන්නේ ප්‍රධාන කාන්තා චරිතයට පණ පෙව්වා. එය ඉහළ ආදායම් වාර්තා අතරට එක් වූයේ ඉන්දීය රුපියල් කෝටි 250ක් වාර්තා කරමින්. Baaghi 3 චිත්‍රපටයේ තිර පිටපත තවමත් රචනා කරමින් පවතින අතර අධ්‍යක්ෂ අහමඩ් ඛාන් සහ නිෂ්පාදක සජීඩ් නදියද්වාලා පවසන්නේ, ප්‍රධාන නිළිය වෙනුවෙන් ශ්‍රද්ධා කපූර් හෝ දීශා පතානි වෙත අවධානය යොමු කරන බවයි.