වර්ෂ 2023 ක්වූ December 05 වැනිදා Tuesday
සමරනායක යුග දිවියට
මාර්තු 7, 2019

ජගත් ඇපලදෙණිය කියන ඔහුගේ ඇත්ත නමට වඩා සමරනායක ලෝයර් යනුවෙනුයි ඔහු ජනප්‍රිය. මේ සමරනායක ඉන්නෙ දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ. සමරනායක චරිතය නිසාම ජගත් නොසිතුවිරූ අන්දමින් ජනප්‍රිය වෙලා. ඒ ජනාදරය උපරිමයෙන්ම ගලා එද්දි ඔහු තමාගේ ජීවිතයේ නවමු පිටුවක් පෙරළීමට සූදානම් වෙනවා. තවත් විදිහකින් කිව්වොත් ජගත් මේ සතියේ විවාහ වෙනවා. ඔහුගේ මනාලිය වන්නේ වින්ද්‍යා රාජගුරු. ජගත්ගේ නව දිවියට සරසවිය අප උණුසුම් සුබපැතුම් ගෙන එනවා. විවාහ වුණත් රංගනය අත හරින්නේ නැහැ කියලයි ජගත් නම් කියන්නේ.