වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
ෆර්නිට අලුත් පුටුවක්

ෆර්නි රෝෂිණි වැඩිපුරම ඉන්නෙ වේදිකාවේ. පසුගිය දිනවල වේදිකා ගත වූ නාට්‍ය රැසකම ඇය රඟපෑවා. පුංචි තිරයට වගේම රිදී තිරයටත් හඬ කැවීමටත් ෆර්නි සම්බන්ධ වෙලා ඉන්නවා. සජීවී මාධ්‍යයක් නිසා වේදිකාවේ සිදු වූ අකරතැබ්බ නම් හිසේ කෙස් ගාණට තියෙනවා. හැම තිස්සෙම නොවුණත් වෙනත් රංගන කටයුතුවලට ගිහින් ෆර්නි ඉඳහිට අකරතැබ්බවලට මුහුණ පානවා. ඉකුත් දිනයකදීත් එහෙම දෙයක් වුණා. ෆර්නිට ලැබිලා පාසල් ගුරුවරියකගේ චරිතයක්. ඇයට පාසලක ගුරු පුටුවක වාඩිවෙලා ඉන්න දර්ශනයක් තිබුණා. ෆර්නි ඒ ගෙනත් තිබුණු පුටුවෙ වාඩිවෙන්න හැදුවම වාඩිවෙන්න බැහැ. බඳ මහත නිසා එහි ඇයව හිර වෙනවා. ෆර්නිටත් පුදුමයි ඇය එච්චර මහත ද කියලා. මේ නිසා අලුත් ඉඩ තියෙන ගුරු පුටුවක් ගේන්න වුණා ඇයට රඟපාන්න. ඒ ගෙනා පුටුව නම් ගොඩක් ලොකුයි. ඇයට හොඳට ඉඩ තිබිලා තියෙනවා.