වර්ෂ 2023 ක්වූ December 01 වැනිදා Friday
දේවත්වය සැඟවූ තැන

ශ්රියන්ත මෙන්ඩිස් දක්ෂ ප්රවීණ නළුවෙක් බව අමුතුවෙන් කියන්න ඕන නැහනෙ. ඒ විතරක් නෙවෙයි. ඔහු සතුව ඇති දැනුම් සම්භාරය ද අති මහත්. දර්ශන තලවලදී ශ්රියන්ත විවේකි අවස්ථාවන්වල තම දැනුම බෙදා ගන්න අමතක කරන්නේ නැහැ. ශ්රියන්ත දවසක් මෙහෙම කතාවක් කිව්වා. ඇත්තෙන්ම ඒක වඩා වටින්නේ කලාකරුවන්ට. ශ්රියන්ත කියපු මේ කතාව ජන කතාවක්. එය සඳහන් කළොත් මෙහෙමයි. අතීතයේදී දෙවියන් ළඟ මෙන්ම මිනිසුන් ගාව ද දේවත්ව තිබුණලු. මිනිසාගේ ඇතැම් ක්රියා කලාපය හේතුවෙන් දෙවියන් දේව සභාවේදී තීරණය කරලා මිනිසුන්ගෙන් දේවත්වය ලබාගන්න. එහෙත් එම දේවත්වය සඟවන්න තැනක් තිබිලා නැහැ. ඉතින් දෙවියෝ තිරණය කළාලු ඒ දේවත්වය මිනිසුන් තුළම සඟවන්න. මිනිසුන්ගේ ඒ සැඟවුණු දේවත්වය තමයි කලා කුසලතා විදිහට මතුව එන්නේ. කලා නිර්මාණයක් කොතරම් පූජනීයද කියලා එමඟින් කියවෙනවා. කලා නිර්මාණයක් ආවට ගියාවට කරන්න බැහැ. එහෙම කළොත් ඒවා කලා නිර්මාණ වන්නෙත් නැහැනෙ.